වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

May 4, 2021 at 10:02 pm | lanka C news
වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

කොරෝනා වසංගත අවධානම හේතුවෙන් වසා දමන පිලියන්දල පොලිස් බල ප්‍රදේශය දේශපාලකයන් මැදිහත්වීම් විවෘත කරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ දේශපාලඥයන්ට වුවමනා ආකාරයෙන් කොරෝනා රෝගය පාලනය කළ නොහැකි බවයි.

දේශපාලඥයන් දේශපාලනය කළද කොරෝනා රෝගය ඔවුනට පාලනය කළ නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොතකා දේශපාලඥයන් විසින් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් වසංගතය පාලනයද දේශපාලනඥයින් විසින් භාර ගන්නා ලෙස ඔහු පැවසීය.

වසංගතය සම්බන්ධයෙන් විද්‍යාත්මක කමිටුවක් විසින් ගන්නා ලද තීරණයක් දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් විසින් වෙනස් කරන්නේ නම් එය රටටම අභාග්‍යසම්පන්න තීරණයක් බව ද ඔහු අවධාරණය කරයි.

නිරෝධායන පනත යටතේ අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පනවන ලද සීමා කිරීම් එසේ වෙනස් කලේ කවුදැයි සොයා බලා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවද පවසන ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මෙම ක‍්‍රියාවට දැඩි විරෝධය පළ කරන බව කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

76,872 views

32 Comments to “වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..”

  1. aniwa says:

    Jaya wewa Lokuge sir !

  2. ලොකුම ලොකු වට්ටක්කා අංකල්ට ඕනේ පෙට්ටියට දාගෙන යන්න කලුගේ සල්ලි.. ඉතිං ගරු වෛද්‍ය තුමණි මේ මිනිහට අපි මැරුනට කිසිදු වගකීමක් නැහැ. ඒක රජය දැන් ගත යුතුයි. අපිට මොනවා හරි වුනොත් ඒ දුක ඤාතීන්ට පමණයි. මේ නාකි මෑන් බොඩිගාඩ්ලා පුරෝගෙන මාස් එක නහයට දාගෙන ” මම පලමු මාත්‍රාව ගත්තා දෙවන මාත්‍රාව ගන්න තියෙන්නේ උඔලාට මොනවා වුනත් මට මොකද මට ඕනේ කලුගේ කලු සල්ලි විතරයි..” හි..හි..හි..

    • කසිප්පු බණ්ඩා says:

      මෙික අපේ අනුර සර්ගේ ස්ක්‍රිප්ටි එක හරිය

  3. එසේනම් රටේ පාලන බලය සජිත් ප්‍රේමදාසටම දෙනු. අනේ හුකේ

    • ශිරා says:

      මේ යන විදියට ඊළග පාර ඒකත් වෙන්න බැරි නෑ.

      පක්ෂ විපක්ෂ ඔක්කොම ෆේල් ඒ උනාට මිනිස්සුන්ගේ පක්ෂ වලට තියන වහල් කම් නැති වෙනකං මේ රට හැමදාම අගාධයට යයි.

      • ගිරවා says:

        දේශපාලඥයන් COVID 19 පාලනය කරන්න හදන මේ මීහරක් දේශපාලුවා ඔහුගේ තනතුරෙන් ඉවත් කල යුතුයි …

    • John the baptice says:

      පෑඩ් සජිත්ට ..නිධන් හාරන්නද දෙන්නේ ?

  4. polgahawela says:

    ape ලොකු සර් ගේ නිතිය කොහොමද සැප ……. මුන්ට චන්දේ දුන්න මිනිසුනේ දැන්වත් තීරණය කරන්න.

    • පචයා says:

      අනේ පල පකෝ යන්න

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ජයවෙිවා ලබන පාරත් පොහොටිටුවටම තමයි ඇයි දන්නවද? අනිත් උන් ඔක්කොම මරි මෝඩ පඩ ෂෝ කාරයෝ නිසා. දැන් හරිද?

      • OLU says:

        මේ රටේ මෙතෙක් පාලනය කල කිසිදු දේශපාලන පක්ෂයක් නැවත පාලන බලයට පත් නොකළ යුතුයි අලුත් පක්ෂයක් අලුත් නායකයින් පත්කලයුතුයි ..වසර 72 රට පාලනය කරලා මේ පක්ෂ කලේ රට අගාදයට ගෙන යෑමත් දේශපාලකයින් ධනවත් වීමත් පමණි ..මිනිසුනේ මේ පක්ෂ වහල් බවෙන් ඉවත් වෙයව්. පවුල් පාලනයෙන් රට ජාතිය බේරා ගනිව් ..අපේ අනාගත දරුවන්ට මේ සිංහල මාතෘ භුමිය රැක දීමට කටයුතු කරව්

    • LION says:

      හැම දේශපාලකයාම , පුද්ගලයාම ලොකු talk දෙන්නේ බලයට එනතුරු පමණයි ..ඊට පසු කරන්නේ ඔහුට අවශ්‍ය දේවල් ..හරියට මේ රට ඔහුගේ පුද්ගලික බුදලය කියලා හිතාගෙන ..වසර 5 ගෙවී ගිය පසු ජන්දේ අවශ වන විට නැවත පරණ සින්දුවම තමයි ..අපේ රටේ මිනිස්සු දේශපාලකයින්ට මෙතරම් රැවටෙන්නේ මන්ද ?දැන්වත් මේ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරව්

  5. Sura says:

    එදා අපි බලාපොරොත්තු වුණ නිර්භීත නායකත්වය, නිසි පාලනය සහ නිසි කළමනාකරණය කොයිබටදෝහෝයි කියලා හිතෙනවා..
    පිස්සු බල්ලන්ව ඉවත් කරන්න බැරි නම් පාලනය කරන්නවත්…………

  6. කීරි මාමා says:

    අර බලගතු බෝන් එගේන් කට්ටිය දැන් පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ බලය පාවිච්චි කරලා මේ ලෙඩේ මර්දනය කරන්න බැරිද ?

    • Love nature says:

      BORN AGAIN බලය පාවිචිකරන්නේ අපේ රට BORN AGAIN රටක් කිරීමට ,බලය අල්ලා ගැනීමට …ඒ ආගම ව්‍යාප්ති කිරීමට ,ජලනි pray කරන්නේ තේවතු වල රැජින වීමට

  7. කුඹුක්කණ් says:

    ඔය කෙහෙම්මල් නිරෝධායන පනත නැවත සලකා බලන්න ඕනෙ, ඔය මගුල හිංදා තමා කොරෝනා රෝගියෙකුට ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න බැරි.

    ප්‍රතිකාරයක් නැති . වචන 3 කට සැරයක් ලොක් ඩවුන් ගාන වැඩ බැරි බටහිර ඇලොපති යන් ගාවට යනවා, සිරුරේ ප්‍රතිශක්තියෙන් හොඳ වුනේ නැත්තං කපෝති.

    ප්‍රතිකාර නැති වෛද්ය ක්‍රමයක ICU ඇදං ගැන කියවන වෙලේ, ආයුර්වේදයට අවස්ථාවක් දෙන්න ඔය නිරෝධායන පනත නැවත සංශෝධනය කල යුතුය

  8. david milibanda says:

    Gotabaya…. cage your political Mad Dogs.
    Let the medical Men take decisions at this time.
    Also get the karapitiya Doctor down and discuss that Capsule with your Health & medical men speedily.
    If its right , we are all right. Continue with heard immunity.

Main News