වසංගත, අර්බුද මැද ඔහු වැඩ.. කොළඹ සුරපුරයක් සේ සරසයි..
January 4, 2021 at 1:20 pm | lanka C news
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි.
“සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි.
කොළඹ නගරය හරිත නගරයන් ලෙස දකුණු ආසියාවේ වේගවත්ව නැගී එන අග නගරය බවට පත්කරලීම සඳහා පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය නාගරික ජනතාවට විඳීමට අවස්ථාව ලබා දීම හා එයට ආර්ථිකමය වටිනාකමක් එක් කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
යුධහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා සම්බන්ධ කරමින් අළුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ හරිත අපරව්‍යුහ පහසුකම් සැලැස්ම සඳහා සැලැස්මක් නියමු ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කරන ලදී.
අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යානය අදියර 03කින් යුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවිණ. වැය කළ මුදල රුපියල් මිලියන 135 කි.
2020 ජුනි 15 දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2020 නොවැම්බර් මස 15 වන දින නිම කෙරිණ.
ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කරන ලදී.
– ජනාධිපති මාධ්‍ය අංශය
ස 2015 යනකොට කොලබ ආසියාවෙි සුන්දරම අගනගර වලින් පලමු තන හිටියෙ. 2015 ආපු ගවපාලුවෝ ආපහු කොලබ නැතිබංගස්තාන කලා. ඒක අපි හැමෝම දක්කනේ. උන් කලේ උන්ගේ වදුරැ මුනුදාලා කොලබ පුරහා කටවුටි ගහපු එක විතරයිග
නුගත් ජෙප්පන් පැකනිල් මැට්ටන් මේවා දැකල අහනවා මොකටද මේවා කරන්නේ, උන්ට එදා වෙල කන්න සල්ලි දුන්නා නම් ඉවරයි නේ කියා.
Not a priority at present.
කාලයක් තිස්සේ UNP මඩ ගොහොරුවක එරිල නන්නත්තාර ඉන්න බහුතර කොළඹ වැසියන් ඒ මඩෙන් ගොඩට අරගෙන මේ වගේ තැන් වලවත් තියල බලමු හරි යයිද කියල…..
Colombo is a much more livable city thanks to #Gota.
We can go on walks in so many different parts of town and just enjoy being outdoors.
We need more of this.
Wow great please bring to Gamapaha also…………..
පොහොට්ටුවට ජය පතමු. ජනාදිපති තුමාට සහා අගමැතිතුමාට සහා සියලු පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට අපේ ප්‍රණාමය රට පෙරට. ජය ශ්‍රී
කොහොමත් ලෑන්ඩ්ස්කේපින් වැඩවලට සර් දස්සයා.. අනිත් වැඩ බැරි උනාට..