වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා..- පාදෙණිය

June 5, 2021 at 10:40 am | lanka C news
වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා..- පාදෙණිය

වසංගත රෝග විද්‍යා ඒකකයේ අත්තනෝමතික කි‍්‍රයාමාර්ග නිසා කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේදී විශාල ගැටලූ සහගත තත්ත්වයක් උදා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

ඉතාම භයානක අන්දමින් පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා සකස් කරන ලද විශේෂ වැඩපිළිවෙළට සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙරේදා භාරදුන් බව ද වෛද්‍ය පාදෙණිය මහතා කියා සිටියේය.

කොරෝනා මර්දන ව්‍යාපෘතිය සම්බන්ධ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කළ විමසීමකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව කීවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාදෙණිය මහතා මෙසේ ද කියා සිටියේය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනකුගේ මතයට අනුව තමයි මේ වෙනකොට කොරෝනා මර්දන කි‍්‍රයාවලිය කරගෙන යන්නේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියාට ඒ තනතුර සඳහා සුදුසුකම් තිබුණට එයාට ප‍්‍රායෝගිකව මේ කටයුත්ත කළ යුතු ආකාරය පිළිබඳව දැනුමක් නැහැ. ඒ වගේම මේ ඒකකයේ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකු රාජකාරි කරනවා. මේ ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයට තවත් කිසිවකුගේ අවවාදයකට උපදෙසකට කන්නොදී කටයුතු කරගෙන යනවා.

මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ වෙනකොට රට තියෙන්නෙ ඉතාම භයානක තත්ත්වයක. අපි හරි ආකාරයට කටයුතු නොකළහොත් මේ වෛරස ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යෝජනා කීපයක් ඉදිරිපත් කළා.

මේ යෝජනා සකස් කිරීමට අපි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකුගෙ දැනුම උපයෝගි කරගත්තා.

අපිට රට හැමදාම වහලා තියන්න බැහැ. ඒ නිසා අපි ක‍්‍රමවත් වැඩපිළිවෙළකට යන්න ඕනෙ. එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතාම විධිමත් ආකාරයට කරන්න අවශ්‍යයි. රටේ ජනතාවගෙන් 70%ක් පමණ එන්නත්කරණයට භාජනය කළ යුතුයි.

රටේ මරණ අනුපාතය අවම කර ගන්න වයස අවුරුදු 60 ඉක්මවූ අයට බෝ නොවන රෝග ඇති අයට මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ අය මෙන්ම රෝගීන් හා ගැටෙන පාර්ශ්වවලට මුලින්ම එන්නත් ලබාදිය යුතුයි.

ඒ ක‍්‍රමය හරහා අපට මරණ අනුපාතය අඩු කර ගන්න පුළුවන්. මේ වනවිට සිදුවී ඇති කොරෝනා මරණවලින් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙන්නෙ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්. ඒ වගේම බෝ නොවන රෝගවලට ගොදුරු වූ අය. ඒ නිසා අපි මුලින්ම ඒ අය එන්නත්කරණය සඳහා යොමු කළ යුතුයි.

ඒ වගේම කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තම නිවසේ රඳවාගෙන ප‍්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රමවත්ව කළ යුතුයි.

මේ සියලූ කරුණු කාරණාවලට විසඳුම් සහිත වාර්තාවක් අපි ජනාධිපතිවරයාට ලබා දුන්නා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු කර තිබෙනවා යැයි ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු
divaina

46,570 views

25 Comments to “වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා..- පාදෙණිය”

  1. ටාටා says:

    මේකටයි මේකගෙ ගෝලයො සෙට් එකටයි ගූ ගහල එලවන්න ඕනෑ …..යූනියන් අටවගෙන බොරැ පඩ ශෝ දාන හිපාටුවෝ…….
    මුංගෙ ජංගිය ඇතුළෙ ඉනඉන්නෙත් සර්පයන් ……
    දොස්තරලා නෙවෙයි මුං කොංදොස්තරලා ….ගොං ගොමාලා …..

  2. Thameera gayan says:

    Hello

  3. Mangala says:

    ආරංචිය P H I ල දෙතුන් දා හට injection එක ගහනවාලු

  4. සමනා says:

    වසංගත රෝග විද්‍යා ඒකකයේ ලොක්කා නේද ඊයේ පෙරේදා කිව්වේ ශාක සාර අත්හදා බලල අමාරුවේ වැටෙනවා ඒහෙම නෙමෙයි කියලා තගයක් දැම්මේ. ලොකකගේ තරම!

  5. Jagath Silva says:

    Rate 20% percent arthikava vadak nokarana bavata hoyagena etha. Ithin oya tika denek marunama mokada. Maranayakata samanyen million ekak with yanawa. E mudala ithiriy. Janagahanaya adu wunama ochchara dr, la one nehe.issarahata enne AI, 3D printing, block chain .hanamitikarayo saha lin gembo athahara whizkids set ekak hadmu.

  6. apoo says:

    munge gedara inna ballanta nethiwa anik un okkomata behetha vidagena iwarane.mun boruwata hemadetama ke gahanawa.mun ekekwath (doc..phi.nurs.ect..) mula idalama rajayata qwe ne beheth genalla vidapan kiyal.un manthare wage methuruwe rata wahapan kiyala.thamath qiyanne ekama thama.ape bussiness kada watila apita adayamak ne.mun pissu qiyawanawa

  7. Anuruddha says:

    Munge dum hattiya saarthaka nedda?

  8. සෙරෙප්පු සුප් says:

    වසංගත රෝග ප්‍රධානියා හොඳයි ළමයි බය කරන්න​.බත් නොකන ළමයි ඉන්නව නම් මෙයාගෙ වීඩියෝවක් පෙන්වන්න​.ටක් ගාල බත් කයි.

  9. Love nature says:

    දැනුම යනු ලෝකය අවබෝධ කර ගැනීමක් ලෙස පමණක් ඇතැමුන් කල්පනා කළද දැනුම ලෝකය තේරුම් ගැනීමට පමණක් සීමා වන්නක් නොව ලෝකය වෙනස් කිරීම සඳහා ද උපයෝගි වන්නක් වේ. දැනුම අවශ්‍ය වන්නේ සියල්ල දත් පණ්ඩිතයෙකු පෙස ජීවත්වීමට නොව දැනුම භාවිතයට නගා ලෝකය වඩා හොඳ තැනක් බවට වෙනස් කිරීමට ය. න්‍යායෙන් තෝර භාවිතය අන්ධ යැයි ද භාවිතයෙන් තොර න්‍යාය වඳ යැයි ද පවසන්නේ මේ පදනමිනි.

  10. Hana says:

    ලෝකේ උත්තම ගනයෙ රැකියාවක් වන වෛද්‍යවරුන් බල්ලට දාන්න වැඩේ කරපු පාදඩදෙනිය සහ සමාගම….මුං තනිකරම මාපියා එකක්…..මුංගෙ සමහරැ බෙහෙත් කොම්පැණි වල නිල නොලත් ඒජන්සිකරුවන්. සමහරැ පිටරට යුනිවර්සිටි වල ඒජන්තයෝ….මුං හම්බු කරන්නෙ යටිං……තනිකරම බිස්නස් එකක්. මේකා විකෘතියි. ගොඩේ වෙන්න සිංහල වෙදකමට කතා කරනවා. ලංකාවෙ පුමිතිගත වෛද්‍ය විද්යාල හදන එකට විරැද්ද වෙනවා…මූ රෑට රෑට චැනල් කඩේ අරිනවා….මහත්තයෝ උබල මේ රටේ සාමාන්‍ය විදිහට රජයෙ විශ්වවිද්‍යාලය ට යන්න නමුත් ලකුනු අඩු ළමයි දහස් ගනනක් රට පටවනවා..බිලියන ලනං රටෙං එලියට පොම්ප කරවනවා…
    උබල කරන මේ අපරාධ වලට පරම්පරාවටම හෙන ගහනවා…

Main News