වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..

March 2, 2019 at 3:00 pm | lanka C news
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..

තරුණයන් 11 දෙනකු කොළඹදී පැහැර ගැනීම හා ඊට සම්බන්ධිත සියලූ සිද්ධීන් ගැන තොරතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දැනුවත්ව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා ඔහු සැකකරුවකු ලෙස නම්කොට අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වනවිට නම් කොට ඇති සැකකරුවන් 15 දෙනාට හා වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව එම පැහැර ගැනීමට හා කප්පම් ලබා ගැනීමට තවත් තිදෙනකු සම්බන්ධ බවට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ද හැකි ඉක්‌මනින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දැන්වීය.

වසන්ත කරන්නාගොඩ මහතා මේ වනවිට පදිංචි ස්‌ථානවලින් පලා ගොස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින නමුත් ඔහු ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක්‌ ලැබුණ විගස ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලිස්‌ පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට කීවේය.

එම නඩුවේ පළමු වන සැකකරු ලෙස නම්කොට ඇති නිලන්ත සම්පත් මුණසිංහ, 14 වන සැකකාර ඇන්ටනි ප්‍රනාන්දු හා 15 වැනි සැකකාර සම්පත් ජානක කුමාර නමැති තිදෙනා ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව වැඩබලන නිල නොලත් මහෙස්‌ත්‍රාත් නීතිඥ දීමනි බැද්දේවෙල මහත්මිය නියෝග කළාය.

– divaina

243 views

11 Comments to “වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..”

  1. pramuka wije says:

    SAD nEWS

  2. Pradeep says:

    These things could happened during any war if he was involved, it help to finish war and not for personal gain.he should be excused considering the fact he has done for the war.

  3. Sam Fernando says:

    Politically influenced puppets can arrest him but consequences will be severe in future.

  4. බයියෙක් says:

    හූ ඇන්පී නෙ….. අයෙ අහන්න දෙයක් නෑ………

  5. කපුටා says:

    මිනීමැරුමක සාක්ෂි වසන් කිරීම .
    සැකකරුවන් ආරක්ශාව සැපයීම.

  6. Ex-JVPer says:

    I read his book about war! He is an honest person. This is coup against him by Mangala-Ranil clique. Sinhalaya can be treacherous and ungrateful to this extent? Navi Sampath kidnapped young Tamils and then having learnt this cruel act, he informed it to Gota who instructed to lodge a complaint in the police! Now under Yahapalana rule the complainant has become the accused! This is our country today. Yesterday Samantha Power lauded Mangala! All these things talk themselves to divulge the secret!

  7. Helaya says:

    I read his book about war! He is an honest person. This is coup against him by Mangala-Ranil clique. Sinhalaya can be treacherous and ungrateful to this extent? Navi Sampath kidnapped young Tamils and then having learnt this cruel act, he informed it to Gota who instructed to lodge a complaint in the police! Now under Yahapalana rule the complainant has become the accused! This is our country today. Yesterday Samantha Power lauded Mangala! All these things talk themselves to divulge the secret!

  8. Dp says:

    බoකොලොත් UNP එක මේකට ගෝටාවත් ගාවන්න හැදුවොත් පුදුම වෙන්න එපා.

  9. මැදමුලනෙ මුත්තා says:

    වසන්ත කරන්නාගොඩ නෙවෙයි මොකා උනත් නීතියට යටත් විය යුතුයි.
    දැන් පොලීසිය තියෙන්නෙ ජනාධිපති යටතෙ නේද? ඇයි එහෙනමි රණවිරැවො අත්අඩංගුවට ගන්නෙ?
    පැහැර ගත් මෙි දරැවන් 11 දෙනාගෙ දෙමාපියන් අදටත් වැළපෙනවා. ඔබගේ දරැවාට එවැනි දෙයක් උනානමි ඔබට වෙිදනාව දැනෙන්නෙ නැද්ද? පැහැරගත් මෙිදරැවන් සියල්ලම අධ්‍යාපනය ලබන අය.
    යුද්ධෙ කාලෙ හමුදාවල හිටපු සමහරැන් අකටයුතු කමි කළා.
    කරන කළට පවි මිහිරිය මීසේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.

    • Boo says:

      100% එකගයි. කාලානුරෑපව බටලන්දේ වධකයාගෙන්ම පටන් ගමු.

    • ටොමියා says:

      ඕක තමයි බං යුද්ධය නරකයි කියලා කියන්නේ !, උඹට මතක ද 88 දී වගේම කොටි ගහද්දිත් මැරුණ හැම එකාම යුද්ධ කරපු උන් නෙවෙයි කියලා !, පටන් ගත්තොත් ඉවර කරන්න එපායැ , ඉවර වෙනකොට හුගාක් දේවල් වෙන්න පුලුවන් .

Main News