වසරක් ඇතුලත ශක්තිමත් පොහොට්ටු ආණ්ඩුවක්..

April 19, 2018 at 8:40 am | lanka C news
වසරක් ඇතුලත ශක්තිමත් පොහොට්ටු ආණ්ඩුවක්..

ප්‍රාදේශීය සභා වලට ඉදිරියේදී වැඩකරන්න ප‍්‍රතිපාදන නොලැබෙන්න පුඵවන්. අප රටේ වසර හතරක් නතරවූ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න ශක්තිමත් රජයක් තව වසරක් යන විට පිහිටුවනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එම රජය පිහිටුවන තෙක් ටික කාලයක් ඉවසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ නව සභාපති එන්. සමන් ද සිල්වා මහතා පිළිගැනීම නිමිත්තෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභා ශාලාවේදී පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මහතා මෙසේද කීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා මේ වන විට වසර එක හමාරයි වෙන්නේ. මේ කාලය තුළ ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කිරීමට පොදු ජන පෙරමුණට හැකිවුණා. ගාලූ මහා නගර සභාව විතරයි අපිට දිනන්න සුඵ ජන්ද ප‍්‍රමාණයක් අඩු වුණේ. නමුත් ගාල්ල මහා නගර සභාව ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහනමයේම බලය ලබා ගන්න අපට පුඵවන් වුණා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ විතරයි සියලූ ආයතන පොදු ජන පෙරමුණට දිනා ගන්න හැකිවුණේ. ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් අපට ඡන්ද තුන් ලක්ෂ දොළොස් දහසක් ලැබුණා.

සෑම පළාත් පාලන නියෝජිතයෙකුගේම වගකීම, පාට පක්ෂ බේදයෙන් තොරව ජනතාවට වැඩ කිරීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වුණාට පස්සේ අපට බලය තිබුණු පළාත් පාලන ආයතන වලින් යම් වැරද්දක් වුණා. එහෙම අඩුපාඩු නැවත සිද්ධ නොවෙන්නයි, මෙවර බලය නැවත දීල තිබෙන්නේ. අපට වගකීමක් තිබෙනවා ජනතාවට වග කියන පළාත් පාලන ආයතන බිහි කරන්න. පක්ෂ කණ්ඩායම් රාශියක් එකතු වෙලයි, පොදු ජන පෙරමුණ කටයුතු කරන්නේ. ඒ කිසිම පක්ෂයක් අපි අමතක කරන්නේ නැහැ. ඉදිරියේදී මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.

– ජයකාන්ත ලියනගේ

88 views

4 Comments to “වසරක් ඇතුලත ශක්තිමත් පොහොට්ටු ආණ්ඩුවක්..”

  1. sarath says:

    OUR BEST WISHES AND CONGRATULATIONS

  2. Nim says:

    POHOTTUWA TA JAYAWEWA
    JANATHAWATA TA JAYAWEWA
    SRI LANKA WATA JAYAWEWA
    MAHINDA GE NAYAKATH WAYEN
    GOTABAYA GE JANADIPATHI
    YATATHE RATATA SUBA WEWA.
    JAYAWEWA. .. JAYAWEWA. .. JAYAWEWA.

  3. Sadda says:

    ඉතාමත් වැදගත් පනිවිඩයක් දීලා තියෙන්නෙ . අවංකව, ඉවසුම්සහගතව ඉදිරියේ දී වැඩ කිරීම ඉදිරි මැතිවරණ ජයග්‍රහනය කිරීමට හේතු වෙයි .

  4. frank says:

    Its no doubt RW should leave , and also MR should also leave politics and give the leadership to a young guy. Mind you MR is older than RW, and both are inefficient leaders. MR came to the power twice from the back door.

Main News