‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..

May 25, 2022 at 12:02 am | lanka C news
‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..

දැනට සැලසුම් කර ඇති පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් තවත් වසරකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවක් කළ හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

‘මේ වෙද්දි කරන්න සැලසුම් කරලා තියෙන දේවල් අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වුනොත් ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා අපිට පුළුවන් වුනොත් මේ දේවල් ඉදිරි මාස හය හත ඇතුලත අවසන් කරන්න රටේ ආර්ථිකය මාස 12 ක් වැනි කාලයක් තුල යම් ස්ථාවර තැනකට පැමිණේවි. භාණ්ඩ මිල පහළ යාමක් ගැන නෙවෙයි මේ කියන්නේ නමුත් ආර්ථිකය මීට වඩා වෙනස් තැනක ස්ථාවර වේවි’ යනුවෙන් ඔහු සදහන් කලේය.

89,106 views

18 Comments to “‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..”

  1. jay says:

    මෙයාගෙ බයිලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලන වෙනස්වීම් ලන්කාවෙ කරන්න පුලුවන්ද කියන එක තමයි ගැටලුව.

    • Sagara says:

      බැරි ඉතින් පින් බත් ගිලින ජෙප්පො හින්දා තමයි.

  2. Gayan says:

    Bad news for JVP, Good news for others

    • මෙන්න සත්‍ය says:

      සම්පූර්ණ ඇත්ත ජවිපෙ කවදත් බලන්නේ රට වට්ට ලා විනාශ කරලා රටේ කැලඹිලි ඇති කරලා ඒ කැලඹිලි මතින් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් බලයට එන්න.මොකද ඔවුන් දන්නවා ඔවුන් මොනතරම් ජනතාව රවටලා චන්දෙකින් බලයට එන්න හැදුවොත් එක කරන්න නොහැකි බව මොකද රටේ බුද්ධිමතුන් ඔවුන් බලයට පැමිණීමේ භයාක බව දන්නා නිසා ඔවුන්ට ඡන්දෙ නොදෙන බව ජවිපෙ දන්නවා ඉතින් ඒ වෙනුවට තමයි මේ විවිද උද්ඝෝෂණ රැළි ඇති කරලා රට අරාජික කරලා රටේ මිනිස්සු හාමුදුරුවරු කට අරින්න බය වෙන විදියේ වෙඩ කරලා(උමන් දා ව ආක්‍රමණය ,ඇමැති නිවාස ගිනි තැබීම ආදී) රටේ මිනිසුන් ත්‍රස්ත කරල් රට ගිනි තියෙලා ඒ ගිනි ජාලා ඇතුලෙන් බලයට එන්න.දැන් මේ විදියට රට ගොඩ යනවා කියාල මුංට තෙරුනොත් මුන් අනිවාර්යෙන් මහා වෙඩ වර්ජන ඇති කරලා ත්‍රස්ෆෝමාර් ගිනි තියෙලා රට ලේසියෙන් ගොඩ එන්න බැරි මට්ටමට වට්ටනවා .මෙන්න මේක වලක් වන්න 88-89 කාලේ වගේ අපි මුංට විරුද්ධව රජයේ හමුදා පොලිසි වලට මුන් ගෙන ඔත්තු සැපයීම වැදගත් ජවිපෙ මුංට විරුද්ධ වෙමු මුන්ගේ විනාශ කාරී වැඩේට සම්බන්ධ නොවෙමු
      ජවිපෙ භීෂණයෙන් රට මුදා ගනිමු

  3. පොහොට්ටු වට කැස්ස මොඩ බයියා says:

    අනවශ්‍ය වියදම් කපා හැරියොත් ස්ථිර යන්න පුළුවන් ගමනක්. අනිවාර්යෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමිය යුතුයි එකේ . මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය එය පාවිච්චි කරේ තමුන්ගේ පුද්ගලික දී බූදලයක් සේ..

  4. rata perata says:

    See. He is not certain about the things happening around. He just guessing. Anyone can say like this. What we want to hear HOW do we strategize for overcoming our problems and issues. What are plans and policies my dear. I don’t think he has a strategy. Just try to survive on his position. Similar to our Idiot Priminister.

  5. මේවා වහා නවතන්න says:

    ඒ කෙසේ වෙතත් දියවන්නාවෙ මැජික් බංගලාවට බඩගාලා ඇවිත් වහල්කම් කරලා සහ මැර බලයෙන් උපන්ගෙයි මෝඩයො සහ උපතින් කට්ට කෛරාටික ලැජ්ජා නැති මායම් සහ අනුකම්පාව දිනාගන්න තනන උන් බයිසිකලයෙන් ඇවිත් අවුරුදු පහක් තුළ ලංකාවෙ දක්ෂම මංකොල්ලකරුවන් වී V 8 රථවලින් කයිවාරු ගසමින් පිටවෙන ක්‍රමය නැවැත්විය යුතුයි. කෝටි 2 ක ජනගහනයට ඇමතිලා 10 කුත් පරිපාලන සේවයෙ නිලධාරිත් හිටියම හොදටම ඇති. මී හරක් රාජ්‍ය ඇමතිලා කියන උන්ට රස්සා සපයන්න මේ රටේ මිනිස්සු බැදී නැත.

  6. Citizen says:

    This is the correct thing to say.. to give hope and encouragement to people in this difficult period.

    Make use of this period to implement difficult adjustments in the economy..

  7. N.Wimaladasa says:

    In which platform we are moving for that new stability of Island Economic growth ? Yes if having that proposed before IMF which certain mersueas working on are according road map arer we can regain growth so soon?
    I wish your better result .

  8. Sri Lankan says:

    The only voice in the country which generates some hope to average people.

  9. විදෙස් ශ්‍රමිකයන් says:

    Why Nandal is incapable and inefficient
    1. මහා බැංකු අධිපති යනු නිර්පාක්ෂික,අවංක පුද්ගලයෙක් වීම. නමුත් ඔහු එසේ නොවීම. මුදල් අච්චු ගැසීම ගැන තොරතුරු සියල්ල හෙළි නොකිරීම.
    2. ඩොලරය පාවීමට නොදී තවදුරටත් රු 365 අල්ලා ගැනීම තුළ ප්‍රශ්නය වඩාත් උග්‍ර වීම සහ දේශීය බැංකු කෙරෙහි විදේශයන් ගේ, විදේශ ශ්‍රමිකයන් ගේ ඇති විශ්වාසය ඉතා පහළ යාම.
    3. ආනයනික භාණ්ඩ සඳහා වහා පාලන මිලක් ඇති කිරීමට අපොසත් වීම.
    4. විදේශ සංචිත ඉහළ නග්වා ගැනීම ට නිශ්චිත වැඩ පිවෙලක් ඉදිරිපත් නොකිරීම.
    5. විදේශ ප්‍රේශන වැඩි කරගැනීමට කොලේ වසා ගේම ගැසීම.
    මාස හයකින් මෙයා මාරු වෙලා යයි. අවුරුද්දක් යනකොට රටේ දුප්පත් මිනිස්සු ඔක්කොම මැරිලා ඉඳියි.

    • ජනක says:

      මෙන්න අර රට ගොඩ යනවාට අකමැති ජෙප්පෝ සහ එන්ජීඕ කුලියෝ කොමෙන්ට් දාල .මුන් හිතුවේ මේ තත්ත්වය අවුරුදු දෙකක් තුනක් වවාගෙන කාල ඔය ගාලු මුවදොරට එන සල්ලි වලින් ගෙවල් දොරවල් හදාගෙන ගොඩ ගිහින් උන්ගේ හාම්පුතලට ඕන ආන්ඩුවක් මේ රට හදන්න .නමුත් නන්දලාල් මැතිතුමා මේ වසරක කතාව කිව්වා විතරයි මුන් දැන් එතුමාට අපහාස. කරනවා ඔන්න බලන්න හෙට අනිද්දා මුන් කියාවී නන්දලාල් ගෝ හෝම් කියලා

      • විදෙස් ශ්‍රමිකයන් says:

        කියන දේ තේරුම් ගන්න උගත් කමක් තියෙන්න ඕන. මොන එකාද කැමැති තමන් මැරිලා මැරිලා හම්ඹු කරන සල්ලි වලට මෙහෙ තුට්ටු දෙකට මාරු කරනවාට. පූ දුන්නා ට කමක් නැහැ හැම එකාට ම එපා. ගොන් බයියෝ.

  10. jayanada says:

    gon jepo mewa therum ganna be

Main News