‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..

May 25, 2022 at 12:02 am | lanka C news
‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..

දැනට සැලසුම් කර ඇති පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් තවත් වසරකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවක් කළ හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

‘මේ වෙද්දි කරන්න සැලසුම් කරලා තියෙන දේවල් අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වුනොත් ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා අපිට පුළුවන් වුනොත් මේ දේවල් ඉදිරි මාස හය හත ඇතුලත අවසන් කරන්න රටේ ආර්ථිකය මාස 12 ක් වැනි කාලයක් තුල යම් ස්ථාවර තැනකට පැමිණේවි. භාණ්ඩ මිල පහළ යාමක් ගැන නෙවෙයි මේ කියන්නේ නමුත් ආර්ථිකය මීට වඩා වෙනස් තැනක ස්ථාවර වේවි’ යනුවෙන් ඔහු සදහන් කලේය.

89,128 views

18 Comments to “‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..”

  1. Rashmika says:

    නන්දලාල් හොරා. – ලඟදීම තිරගතවේ. පිටපත සහ අධ්‍යක්ෂණය ජවිපෙ.

  2. සිරිබිරිස් says:

    මෙයාලා කාටවත් ඇත්තටම මෙරට ආර්ථිකය ගොඩ දැමීමේ උවමනාවක් නෑ. ඒනිසානේ දැනට පවතින දුර්වල සේවා ආර්ථික මතම ඉදගෙන පැලැස්තර් දානව මිසක් ශක්තිමත් නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න කතා කරන්නේ නැත්තේ.

  3. DH says:

    මොක කරන්නත් පිස්සො ටික පාරවල් වලින් එලවලා ඉන්න ඕනෙ. සැලසුම් වැඩක් නෑ ක්‍රියාත්මක කරන්න බැරිනම්.

    • Nalaka says:

      පිස්සො ටික නම් කාලෙකට පාරවල් වලට එන එකක් නෑ..බය වෙලා ඉන්නෙ

Main News