වසරේ හොදම විහිළුව රනිල් කරයි.. වසර 05ටම ඩොලර් 33යි.. ණය ඩොලර් බිලියන 07යි..

July 8, 2020 at 4:40 pm | lanka C news
වසරේ හොදම විහිළුව රනිල් කරයි.. වසර 05ටම ඩොලර් 33යි.. ණය ඩොලර් බිලියන 07යි..

පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

වසර පහක් අපේ ආර්ථිකය කාබාසිනියා කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා ලංකාව ණය බරින් මිරිකිලා නිසා පිටරටවල් ණය දෙන්නේ නැතිලු. ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් එජාපයට විතරලු. මුලින්ම අපි ණය බර බලමු. ණය බර කියන්නේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විධියට ණය කොපමණ තිබෙනවා ද කියන එකයි. 2005 දී අපි රට භාර ගන්නා විට ලංකාවේ ණය බර 103%යි. දැවැන්ත යුද්ධයක් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංර්වධනයක් කරන ගමන් ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවූවා.

අපේ වසර දහය තුල ආණ්ඩුවේ ණය ට්‍රිලියන 2 සිට 7 දක්වා ට්‍රිලියන 5කින් ඉහළ ගිය බව ඇත්තක්. ඒ මුදල් වලින් අපි යුද්ධය නිම කළා. වරාය, ගුවන් තොටුපොල, විදුලි බලාගාර, අධිවේගි මාර්ග සහ ක්‍රීඩාංගන ආදි දහසක් දේ කළා. එජාපය විසින් ආණ්ඩුවේ ණය ට්‍රිලියන 7 සිට 13 දක්වා වසර පහකට ට්‍රිලියන 6කින් වැඩි කළා. නමුත් කරපු එක් දෙයක් තිබෙනවා ද?

රටේ ණය බර අහස උසට නැංවූ රනිල් මැතිතුමා ණය බර වැඩි නිසා ජපානය ලංකාවට ණය දෙන්නේ නෑ කියන්න ලැජ්ජා නැද්ද?

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා සිටිය වසර පහට ඒක පුද්ගල ආදායම වැඩි වුණේ ඩොලර් 33කින් විතරයි. එක වසරකට ඩොලර් හයක් විතරයි. ලංකා ඉතිහාසයේ දුර්වලම ආර්ථික ප්‍රගතිය පෙන්වපු රනිල් මැතිතුමා ආර්ථිකය ගොඩ නගන්න තමන්ට රට භාර දෙන මෙන් ඉල්ලීම තමයි වසරේ හොඳම විහිළුව.

ප්‍රශ්නය : සමගි ජන බලවේගයේ කට්ටිය ඔබතුමන්ලා සහ යූඑන්පිය ඡන්දයෙන් පස්සේ එකතුවෙලා ආණ්ඩුවක් හදන ඩීල් එකක ඉන්න බවට චෝදනා කරණවා.

පිළිතුර : සමගි ජන බලවේගයට 4 පන්තියේ ගණිතය තේරෙනවනම් එකතු කිරීම අඩු කිරීම සහ ප්‍රතිශත හරියට ඉගෙන ගත්තා නම් ඔය ප්‍රශ්නය මතු වෙන්නේ නෑ. පසුගිය ජනාධිපති වරණයේදී අපි 52%ක් ගත්තා. ඉතිහාසයට අනුව ජනාධිපතිවරණය ආසන්නයේ පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණවලදී ජනපතිවරණය ජයග්‍රහණය කළ පාර්ශවයේ ප්‍රතිශතය වැඩි වනවා මිස අඩුවෙලා නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි කාගෙන්වත් සහයක් නැතුව බහුතරයකට යනවා.

අද අපිට විපක්ෂයක් නෑ. මේ මැතිවරණය අපිට හරිම පාළුයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ හතුරා වෙලා තියෙන්නෙ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය හතුරා වෙලා තියෙන්නේ එජාපයයි. අපි විතරයි රාජ්‍ය බලය වෙනුවෙන් ඡන්දය ඉල්ලන්නේ. එජාපය සහ සමගි ජන බලවේගය ඡන්දය ඉල්ලන්නේ රාජ්‍ය බලය අල්ලන්නට නොව සිරිකොත බලය අල්ලන්නයි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ඉල්ලන්නේ තමන්ගේ 3% රැකගන්නයි. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වරටයි එක පක්ෂයක් විතරක් රාජ්‍ය බලය වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවක් එළඹිලා තියෙන්නේ. එනිසා අප ඉතිහාසයේ නොවූ විරූ ජයග්‍රහණයකට යෑමේ හැකියාව තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

37,761 Viewers

9 Comments to “වසරේ හොදම විහිළුව රනිල් කරයි.. වසර 05ටම ඩොලර් 33යි.. ණය ඩොලර් බිලියන 07යි..”

  1. N.Wimaladasa says:

    The right-wing political party of UNP was born to sell ours national wealth and assets to USA, UK and other foreign powers .
    The JRJ of UNP leader of 1977 was champion of selling our all wealth to western-power. Ranil of UNP of 1994 to was continuation of same policies until 2019 November.

  2. AK47 says:

    ජෙප්පොන්ගෙ පළමු ගමන පටන් ගත්තේ 90,000ක් මිනී මැරීමෙන්.
    ජෙප්පොන්ගෙ දෙවන ගමන පටන් ගත්තේ විජේවීරගේ පවුලට දෙන්න පාක්ෂිකයින්ගෙන් එකතු කරපු ලක්ෂ 72ක මාටියා ගැසීමෙන්.
    ජෙප්පොන්ගෙ තෙවන ගමන පටන් ගත්තේ ජෙපි පක්ෂ රනිල්ට විකිනීමෙන්.

    මිනීමැරීම, වංචාව, ඩීල් දැමීම = ජෙප්පො

    නමුත් කොමෙන්ට් කොටන බිම් මට්ටමේ ජෙප්පෝ හිතන් ඉන්නේ උන් මහා පිවිතුරු ජාතියක් කියලා. උන් අසරණයි, පවු!

    • ටෞකන්ඩ says:

      බිම් මට්ටමේ කැට හොල්ලන ජෙප්පො දන්නෙ නෑ උන් එකතු කරන සල්ලි වලිනු් උන්ගෙ ජෙපි නායකයෝ පිටරට දෙවෙනි පවුල් නඩත්තු කරනවා, රට සවාරි යනවා, හොඳ ආතල් දානවා. බිම් මට්ටමේ ජෙප්පෝ තාමත් කැට හොල්ලනවා. උන් හරි ගොං බන්z

  3. Thilak says:

    Ela ela

  4. gamarala says:

    මහා බැංකු මගඩි යේ මහා හොරා රනිල් ට තාමත් දේශපාලනය කිරීමට ඉඩදී තිබෙන්නේ
    මන්ද ?ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

  5. sunimal says:

    එජාපය සහ සමගි ජන බලවේගය ඡන්දය ඉල්ලන්නේ කුමක් සදහාද ? තවත් රට විනාශකිරිමටද ? මේ පක්ෂ දෙකට ම අන්තපරාජයක් ලබා දීම අපේ රටේ ජනතාවගේ යුතුකමයි ..මුන් බලයට ආවොත් සිංහලයට පනින්න වෙන්නේ මුහුදට ..සජිත් රනිල් දේශද්‍රෝහියෝ ඔවුන්ගේ පිරිවරත් ඒවගේම නරුමයෝ

    • Jagath says:

      ඉතින් දැන් තියෙන්නේ මහින්ද ගේ ආණ්ඩුව නේ. හොරු අල්ලන්න පුළුවන් නේ????
      මුන් දෙන්නනම ඩීල් කාරයෝ

  6. 77 UNP says:

    මෙන්න මැතිවරණ ප්‍රතිපල; SLPP – 138, UNP – 35, SJB – 30, TNA – 16, JVP 4, MC 1, Deva 1, පමණයි.

  7. Rabok says:

    Ranil egoistic manipulator and he certainly do not have the ability either to run this country or develop this country – during last five years what he did – take loans and distribute those loans on purposeless projects and waste them

Main News