වසර ගණනාවකට පසු අයිස් වැස්සක් වහී…
April 29, 2022 at 6:20 pm | lanka C news
නුවරඑලිය නගර සභා සිමාවට (28) දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වු බව නුවරඑලිය ප්රදේශවාසින් පැවසිය.
නුවරඑලිය ප්රදේශයට මිට වසර 06 කට පමණ පසු (28) දින පස්වරුවේ පතිත වු විශාල අයිස් කැට සහිත වැස්සක් පතිත වු බවත්,එම අයිස් වැස්ස විනාඩි 05 ක පමණ කාලයක් පැවති බවයි නුවරඑලිය ප්රදේශවාසින් කියා සිටින්නේ.
(28) දින පස්වරු 4 ට පමණ නුවරඑලිය ප්රදේශයේ අධික සිතල සමග වැසි වලාකුළුවලින් අදුරු වු බවත්, ඒ අනුව අයිස් වැස්ස පතිත විමෙන් අනතුරුව නුවරඑලිය ප්රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත වු බවයි නුවරඑලිය ප්රදේශවාසින් කියා සිටියේ.
මෙසේ අයිස් වැසි පතිත විමෙන් නුවරඑලිය ප්රදේශයේ එලවළු වගාවට මෙන්ම පරිසරයට යම් බලපැමක් එල්ල වන බවයි එලවළු ගොවින් කියා සිටින්නේ
එච්චරයි අඩුවෙලා තිබුනෙ. දැන් ඒකත් හරි.