වසර දෙකකට තෙල් දෙන්න රුසියාව අහයි… කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..

August 5, 2022 at 10:02 pm | lanka C news
වසර දෙකකට තෙල් දෙන්න රුසියාව අහයි… කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..

මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළඳපෙළෙහි පවතින මිලට වඩා 15%-35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වන විට සති තුනක කාලයක් ගත වී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා එය කඩාකප්පල් කිරීමට අරමුණු සහගතව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කර සිටියි.

එහෙයින් තෙල් පෝලිම්වලදී විස්සකට අධික පිරිසක් මියගොස් ඇති මේ මොහොතේ, ඉහත කී නිලධාරීන්ට යට නොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා පියවර ගත යුතුව ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

අද(05) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරවීර මහතා මෙසේ සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ ඩොලර් හිඟය හා සමගාමීව පැනනැගුණු තෙල් හිඟය අද පවතින සෑම ගැටළුවකම මූලය බවට පත්ව ඇති බවත් පාසල්, රජයේ සේවය යථා පරිදි පවත්වාගෙන යාම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම ආදියට ඒ හේතුවෙන් බාධා ඇතිවීමෙන් අද රටම ඔත්පල වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ත්‍රීරෝද රථ, පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි තෙල් නොලැබීම, QR ක්‍රමය යටතේ වුවද පිරවුම්හල් වෙත නිසි කලට තෙල් නොලැබීම ආදී ගැටළු තවමත් තිබෙන බව ද ඔහු කීය. අගෝස්තු 15 වැනිදායින් පසු තෙල් නැවක් ශ්‍රී ලංකාවට එන දිනයක් කීමට පවා බලධාරීන්ට නොහැකිව ඇති බවත් තෙල් හිගයට තවමත් රට තුළ තිරසාර විසඳුමක් නැති බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙරට තෙල් හිඟයට තිරසාර විසඳුමක් රුසියානු සමාගමක් මගින් ඉදිරිපත් කර තිබෙන්නේ එවැනි තත්ත්වයක් තුළ බවත් ඒ සඳහා පටු දේශපාලන වාසි නොතකා තම පක්ෂ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මූලිකත්වය ගත් බවත් ඒ මහතා අනාවරණය කර සිටියේය. පළමුව මෙරට දිගුකාලීන මිත්‍රයකු මෙන්ම ලොව ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයකු වන රුසියාව නව වෙළෙඳපොළක් සොයමින් සිටි මොහොතක ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව දැනුම්වත් කරමින් ද ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරමින් ද ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ පක්ෂ 10 එකමුතුව ඇරඹූ වැඩපිළිවෙළ, එතැනින් නතර නොකොට ඉදිරියට ගෙන යෑමට තම පක්ෂය සතු ජාත්‍යන්තර සබඳතා යොදාගත් බව ද මෙහි දී සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

එම ක්‍රියාමාර්ග අනුව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම මෙරට තෙල් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන බව තම පක්ෂ නායකවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් පසුගිය ජූලි 07 වැනිදා එම තෙල් සමාගමේ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. ඒ පිරිස පිළිගෙන ඔවුන්ට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඉඩප්‍රස්ථා සලසා දීමට මෙහිදී වීරවංශ මහතා කටයුතු කළ බව ද සමරවීර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එම සාකච්ඡා සාර්ථක වූ බවත් ඉහත කී ආකාරයට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට එම සමාගම පසුගිය ජූලි 15 වැනිදා අවබෝධතා ගිවිසුමක් ද ඒවා ඇති බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

32,000 views

28 Comments to “වසර දෙකකට තෙල් දෙන්න රුසියාව අහයි… කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..”

  1. වෙබ් බුවා says:

    ඔන්න අරගල කරල රෙදි ගලවන්න ඕන ඔය නිලධාරීන්ගෙ

    • Sandy says:

      ඔව්. මුන්ගෙ ගෙවල් වටකලාට නම් පව් නෑ
      හැබැයි හොයන්න හරිම එකාද කියල
      ( නැත්නම් කරන්නෙ ලොන්ත වැඩනෙ 😄)

      • chamil says:

        Elaga aragalaya karanna one trade union walatai oya kala kanni rajya niladarintai ekatanam math enawa..

  2. Lalla says:

    සිපෙට්කෝ නිලධාරීන් සහ වෘත්තීය සමිතිවල නිලධාරීන් පන්නල දාන්න ඕන. උන්ට ඕන ජරාව පමණයි.

    • ගු-VP අරගල කාර මහා ගූ අන්තරේ says:

      අඩෝ පුටිය එකකක් මටක තියාගනු, අපි NGO වේසිගෙ පුතාල අපේ සාක්කුවට එන NGO $$$$$$ කුට්ටි stop කරන්ඩ ඩෝ උබට පුලුවන්ද අඩුවට ඔඉල් දීල.
      හැම ගහනවා තොට දමිතාගේ සහ දුලිකා ගේ අලි හොරි හදුන කොම්බ දෙක දාල , රුවන් වැල්ලේ කැපුවට කියල හුනියන් කරනවා.
      නාවනවා දවසක් බෙරේට විසිකරලා.

      රටට කෙළිමු, අපිට $$$$$$$$$$$$ කුට්ටි
      රටට කෙළිමු, අපිට $$$$$$$$$$$$ කුට්ටි
      රටට කෙළිමු, අපිට $$$$$$$$$$$$ කුට්ටි

    • Monarch says:

      හැමදාම කියනවා ඔය කඩාකප්පල් කාරී වැඩ කරණ නිලධාරීන් සේවයන් ඉවත් කරන්න. අවංකව වැඩකරන කෙනාටත් වැඩ කරන්න බෑ. එක්කනෙක් අහු උනහම A-z හොයල ඔක්කොම සේවයන් ඉවත් කරන්න. වෙන කියන්න දෙයක් නෑ.

      කිසිම සුදුසු කමක් නැතිව තනතුරු දීලා ඉන්න අයත් සේවයන් ඉවත් කරන්න.

      එක සංස්තාවක Head of HR, Head of Administration / IT කියල subject එක ගැන මෙලෝ දැනුමක් නැති අයට තනතුරු දීලා තිබුණා. ආයතන කඩා වැටෙන එක අහන්න දෙයක් ද? රට කඩා වැටෙන එක අහන්න දෙයක් ද?

      අලුතින් Chairman එකෙන්ක් ආවා System Administrator කෙනක් ගත්ත Permanent. ආපු දවසේ ඉදං Network Busy
      System Administrator Network එකක් අලුතින් දාන්න හදනව. සෑහේන්න Qualifyලු Chairmanට අනුව.

      System Administrator නැති දවසට මොන busy එකක් වත් නෑ හොදට Network වැඩ. වසර ගණනකට පෙර සිදුවීමක්.
      System Administrator වැඩිපුර ඉන්න union එකක සභාපති එක්ක. ඔහොමයි වැඩ.

      පසුගිය දවස් වල BOC එකෙත් network Busy.

    • Monarch says:

      රුසියාවට ජාත්‍යන්තර සම්භාදක දාල තියෙන්නේ නමුත් රුසියාවේ ජාත්‍යන්තර සම්භාදක ශ්‍රී ලංකාවට බොරතෙල් ගැනීමට ගැටළුවක් නොව නම් ගනුදෙනුව වලක් වන එක තේරුම නෑ. පැහැදිලිවම වලක්වන නිලධාරීනට එරෙහිව පියවරක් ගන්න වෙනවා.

  3. ගු-VP අරගල කාර මහා විරු සැමරුම says:

    අඩෝ පුටිය එකකක් මටක තියාගනු, අපි NGO වේසිගෙ පුතාල අපේ සාක්කුවට අනින්ද අවොත් ගහන තොට දමිතාගේ අලි කොම්බෙන්, රුවන් වැල්ලේ කැපුවට කියල හුනියන් කරනවා.
    නාවනවා දවසක් බෙරේ විසිකරලා.

    රටට කෙළිමු, අපිට $$$$$$$$$$$$
    රටට කෙළිමු, අපිට $$$$$$$$$$$$
    රටට කෙළිමු, අපිට $$$$$$$$$$$$

  4. Sandun Dhammika says:

    You have to write to the US embassy and get their official permission before buying oil from Russia.
    This is United States of Sri Lanka and we are a part of US marine forces man.
    Our previous president is a great US marine, now he don’t have a country even.
    A true hero like Ramo who gave his everything to his motherland ( USA lol).

  5. සැප්තැම්බර් විප්ළවය සඳහා මූළික දැනුම් ,.! says:

    යුරෝපයේ සීත ශ්‍රෘතුවේ අරම්භය සමඟ උග්‍ර කණිඡතෙල් හිඟයක් ලෝකය තුළ නිර්මාණය වීමට නියමිතයි ,. රැසියාවේ යෝඡනාවට ප්‍රතිචාර නොදක්වනා ”රනිල් වික්‍ර්‍රම” බටහිර ”ඡි ඵස් පී උගුළේ” පැටළී ඇතිබව ස්ථීරයි,.! බළශක්ති අරභූර්ධය ඉතා උත්සන්න වනවිය වේළාසනලප්‍රතිචාර නොදක්වනා ‘රනිල් වික්‍රම’ පාළණයටකිසිවකුගේ හව්හරණක් නොමැතිවී ගෝටාබයට වඩා අන්ත අසරණ වීමට නියමිතයි,.! රැසියාවෙන් තෙල් මිළදීගැනීම මුග්ධලෙස මගහරිනා ‘රනිල් වික්‍රමගේ සියදිවි නසාගන්නා මුගධ අදූරධරශී , පාළණය දෙස තිකෂණ ඇස යොමා අවධානයන් සිටිනු,.!
    ”බටහිර ලනුව ගිළදැමූ,. කටමැත දොඩනා රනිල් වික්‍රමගේ වික්‍රමයන් අවසානවන වීමට නියමිතයි,.! අවසාන මොහොතේ බොරතෙල් ලබාගැනීමට කසිලෙසකින් නෙහැකිව අසරනවී රනිල් වික්‍රම පාළණය ඵ්කාන්ත ලෙස ඈවර වීමට නියමිතයි,. බටහිර ලනුව ගිලදැමූ ”අයි ඵම් ඵෆ්” පිළිබඳ අනධභක්තියෙන් යුතුව ”රැසියානු බොරතෙල් ලබාගැනීමට ක්‍රීයාත්මක නොවනා” රනිල් වික්‍රම පාළණය ඛේදනීය අවසානයට වේගයෙන් ලඟාවෙමින් පවතී,.! රාඡ්‍යයේ මහඡනතාවගේ බළශක්ති අර්භූධයට සංවේදී නොවනා,. රැසියානු බොරතෙල් ලබාගෙන ඡනඡීවත යාවත්කාළන කිරීමට නොහැකි අධූරදරශී අඥාන විසඳුම් නොමැති මුහුද දෙස කට අයා බළා සිටිනා රනිල් වික්‍රම ගේ විණාශය ඵ්කාන්තලෙස සටහන්වීමට නියමිතයි,.!

    ”උරගා බළනාළද අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමේ සැප්තැම්බර් විප්ළවය සඳහා යුධහමුධාව ඇතුථු සමස්ථ ආරකෂක අංශ සමඟ ඵක්වී ඵකමිටට ඵකාවන්ව සුදානම් වී සිටින ලෙස සිදුකරනා මූළික දැනුම් දීමයි. නෙරපාදැමීමට සුදානම්වී සිටිනු,.!

  6. Balana Rala says:

    This is where the Aragalakaruvo should go an do their Aragalaya.
    These officials should be ashamed of themselves and should be banned permanently from holding any government or private sector positions.
    Their details such as name, family members, parents, children, address, position all should be published…..They should be banned permanently from holding up any government or private sector positions.

  7. Expert says:

    Get assistance for oil excavation in Sri Lanka, from Russia.

  8. Senaka de zoyza says:

    Cipetco ඉන්ධන හල් වලට තෙල් එන වෙලාවක් දන්නෙ නැහැ. හරිම අකාර්යක්ෂම යි.විශේෂයෙන් මහනුවර.

    IOC උදේ 6 ට තෙල් දෙනවා.

    Cipetco එකත් ioc දුන්න නමි තෙල් බෙදීම.හොදින් වෙයි.හොරා ඉන්න cipetcoරටට බරක්.

  9. AngryLion says:

    Who are these so called Officials?
    They should be exposed.
    These bastards are the reason why this country is in such a mess.

  10. ද සිල්වා says:

    පාර්ලිමේන්තුවේ ඉන්න එක වේxx පුතෙක් මේගැන කතා කරනවද?
    අරගලේ එවුන් වත් කතාකරනවද මේ ගැන?
    උන්ට ඕන මිනිස්සු හැමදාම පෝලිමේ තියල අපේ එවුන් කෙලගන්නව බල ඉන්න.
    එතකොට උන්ට ලේසියි ඩොලර් දාගන්න.
    කාලකන්නි හැතිකරේ …

Main News