වසර දෙකකට තෙල් දෙන්න රුසියාව අහයි… කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..

August 5, 2022 at 10:02 pm | lanka C news
වසර දෙකකට තෙල් දෙන්න රුසියාව අහයි… කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..

මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළඳපෙළෙහි පවතින මිලට වඩා 15%-35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වන විට සති තුනක කාලයක් ගත වී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා එය කඩාකප්පල් කිරීමට අරමුණු සහගතව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කර සිටියි.

එහෙයින් තෙල් පෝලිම්වලදී විස්සකට අධික පිරිසක් මියගොස් ඇති මේ මොහොතේ, ඉහත කී නිලධාරීන්ට යට නොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා පියවර ගත යුතුව ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

අද(05) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරවීර මහතා මෙසේ සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ ඩොලර් හිඟය හා සමගාමීව පැනනැගුණු තෙල් හිඟය අද පවතින සෑම ගැටළුවකම මූලය බවට පත්ව ඇති බවත් පාසල්, රජයේ සේවය යථා පරිදි පවත්වාගෙන යාම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම ආදියට ඒ හේතුවෙන් බාධා ඇතිවීමෙන් අද රටම ඔත්පල වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ත්‍රීරෝද රථ, පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි තෙල් නොලැබීම, QR ක්‍රමය යටතේ වුවද පිරවුම්හල් වෙත නිසි කලට තෙල් නොලැබීම ආදී ගැටළු තවමත් තිබෙන බව ද ඔහු කීය. අගෝස්තු 15 වැනිදායින් පසු තෙල් නැවක් ශ්‍රී ලංකාවට එන දිනයක් කීමට පවා බලධාරීන්ට නොහැකිව ඇති බවත් තෙල් හිගයට තවමත් රට තුළ තිරසාර විසඳුමක් නැති බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙරට තෙල් හිඟයට තිරසාර විසඳුමක් රුසියානු සමාගමක් මගින් ඉදිරිපත් කර තිබෙන්නේ එවැනි තත්ත්වයක් තුළ බවත් ඒ සඳහා පටු දේශපාලන වාසි නොතකා තම පක්ෂ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මූලිකත්වය ගත් බවත් ඒ මහතා අනාවරණය කර සිටියේය. පළමුව මෙරට දිගුකාලීන මිත්‍රයකු මෙන්ම ලොව ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයකු වන රුසියාව නව වෙළෙඳපොළක් සොයමින් සිටි මොහොතක ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව දැනුම්වත් කරමින් ද ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරමින් ද ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ පක්ෂ 10 එකමුතුව ඇරඹූ වැඩපිළිවෙළ, එතැනින් නතර නොකොට ඉදිරියට ගෙන යෑමට තම පක්ෂය සතු ජාත්‍යන්තර සබඳතා යොදාගත් බව ද මෙහි දී සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

එම ක්‍රියාමාර්ග අනුව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම මෙරට තෙල් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන බව තම පක්ෂ නායකවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් පසුගිය ජූලි 07 වැනිදා එම තෙල් සමාගමේ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. ඒ පිරිස පිළිගෙන ඔවුන්ට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඉඩප්‍රස්ථා සලසා දීමට මෙහිදී වීරවංශ මහතා කටයුතු කළ බව ද සමරවීර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එම සාකච්ඡා සාර්ථක වූ බවත් ඉහත කී ආකාරයට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට එම සමාගම පසුගිය ජූලි 15 වැනිදා අවබෝධතා ගිවිසුමක් ද ඒවා ඇති බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

32,639 views

28 Comments to “වසර දෙකකට තෙල් දෙන්න රුසියාව අහයි… කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..”

  1. Hello says:

    Guys do the “Aragala” this kind of thing.
    Surely you guys need to protest against this.

  2. NAK says:

    කර‍ැනාකරල ඔය නිලධාරින‍් ගෙ‍් නමි හෙලි කරන‍් න එතකොට මිනිස‍් සු ඉතිරි ටික බලා ගනිවි.

    • Sura says:

      අද ඒ කොමිස් කණ කූඨ නිලධාරීන්ගේ නම් ගම් හෙළිකරනවා කියලා අහන්න ලැබුණා.

      අපි පතනවා, ඒ තෙරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම සදහා ශක්තිය ධෛර්යය එතුමාට ලැබේවා කියලා.

  3. Janaka says:

    ඉතින් උබලා ගේ ආණ්ඩුව, උබේ ලොක්කගේ රාජ්ජේ. අපිට කිය කියා ඉන්නේ. ඔය නිලධාරීන් එලවළා තෙල් ගෙනෙන් කෝ.

  4. දැං අමාත්‍යාංශ වල නිලධාරීන් හිටු කියල මාරු කරනවා . මේකෙ ඉන්න කුම්භාන්ඩයො ටිකත් එලවනකම් ඔය ආයතනය බංකොලොත් .

  5. මුණසිංහ says:

    අදටත් තෙල් ගෙන්නන්නෙ කොලොන්නාවෙ වැඩ තහනම් කරපු, තාපසයෙක්ගෙ නමක් ඇති මනුස්සයෙක් අටව ගත්තු සමාගමකින්. ඉතිම් කොහෙද බොර තෙල් ගෙන්නන්නෙ ආන්ඩුවලින්

  6. SKF says:

    ඕකුන් IOC එකෙන් හොර පඩි අරන් සිපෙට්කෝ එක කාපු හැත්ත. දැන් IOC කියන නිසා අත්සන් නොකර ඔන්නෙ. රුසියානු තෙල් කෙලින්ම රුසියාවෙන් ගන්නවට IOC කැමති නෑ.

  7. hela-01 says:

    විමල් වීරවංශ පැහැදිලිවම කතා කරනවා. කෝ JVP මන්ත්‍රී වරු කතා නැත්තේ මොකද? ඒ යට ඕන ජනතාව පීඩනයට ලක්වුනම මළමිනී මතින් බලයට එන්නයි

  8. SL says:

    මේවා රටේ මහා උන්ද දන්නේ නැතිද .උට මේ ගැන අවබෝධයක් නැතිද
    කාංචන ඇමති මේවා දන්නේ නැතිද

    උන් බබා ලද. අනේ හුකේ !!!!!!!!!!!!!!!!1

    only Wimal peaks about this at the parliament. why others can not?

  9. HARSHI SANDUNIKA says:

    ONNA OKA TAMAI JVP EKA ENNA ONA KIYANNE DUSHANA NATI KARANNA MUN OKKOMA MAHA EKAGE INDAN HORA KANAWA EKA TAMA LANKAWE PUDUDDA

  10. JR says:

    ණයට හෝ ඩොලර් වලට ගේන තෙල් ටික අලෙවි කරන තෙල් සංස්ථා සෙවකයන් හැමදාම ඉහලම වැටුප් ලබන්නෙ කොහොමද? ඔවුන්ට ගෙවන්නෙ මුලු රටම ණය වෙලා නේද? තෙල් සංස්ථාව රටේ මුදල් වැය කරනවා මිස රටට ආදායමක් එන තැනක් නෙමෙයි නේද? එහෙනං තෙල් සංස්ථාව රට බංකොලොත් කලේ මේ රාජ්‍ය ආයතන වලින් නේද.? මේ වගෙ ආයතන තියනකං රට ගොඩ යයිද?

Main News