වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා..

November 28, 2021 at 6:20 am | lanka C news
වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා..

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇතැයිද ඒ මහතා පැවසීය.

2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.

16,727 views

7 Comments to “වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා..”

  1. සහොදරය says:

    තව තව සල්ලි අච්චු ගහාලා රජයෙ සේවකයන් විතරක් සුරකිමු .
    පාසල් නිල අදුම් රෙදි වියපරක්‍යින් දෙදෙනෙක් ආනයනය කරන රෙදි වෙඩි මුදලකට අරන් ලමයි න්ට බෙදමු

  2. කැපුවත් පොහොට්ටුවට says:

    සල්ලි වැඩිවෙනකොට ජනතාව අතර වැඩියෙන් මුදල් ගැවසෙනව. එතකොට දුප්පත්කම අඩු වෙනව. මේව මෝඩ ආර්තික ආචාරියන්ට තෙරෙන්නෙ නෑ.

  3. බයිසන් says:

    ට්‍රිලියන 3.6 කියන්නෙ බිලියන 3600.= මිලියන 3600000 = කෝටි 360000. කෝටි 2.2 ජනගහනයෙන් බෙදලා බැලුවොත් එක පුද්ගලයෙකුට රුපියල් 160000/- සල්ලි අච්චු ගහල තියෙනවා. තවමත් සල්ලි අච්චු ගහනවා. ඉතුරු අවුරුදු 3 ට තව රුපියල් කෝටි 600000 වත් අච්චු ගහයි. එතකොට නාඩු හාල් කිලෝ එක රුපියල් 300/-. සීනි 500/- ගෑස් සිලින්ඩරය 15000/-, පැට්‍රෝල් 500/-, කිරිපිටි 400g රුපියල් 1500/-

  4. Brwijesingha says:

    අඩු ගහලා උන්ම බෙදාගන්න නැත්නම් මිනිස්සු ගාව chang සල්ලි තියෙන්න එපැයි

  5. Mevan says:

    Gedara salli achchu gahanna wivasayakayo awshyay. Rajaye aluth maga penweema.

Main News