වසර 04කින් එක්දින තරගයක් නෑ.. ක්‍රිකට් දිවියටම එක්දින තරග 17යි.. ලකුණු 190යි.. 06 පහර එකක්වත් නෑ..- ලෝක කුසලාන දිනන්න යන ලංකා නායකයාගේ වාර්තාව Cricinfo පෙන්වයි..
April 18, 2019 at 12:02 am | lanka C news
ලබන මාසයේදී එංගලන්තයේ ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල විවේචනාත්මක අදහස් පලවෙමින් තිබේ.
espncricinfo වෙබ් අඩවිය අනුව (Link) දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2015 වසරේ මාර්තු 6 වෙනිදා එංගලන්තයට එරෙහිවයි. එනම් වසර හතරක කාලයක් ඔහු එක්දින තරග ක්‍රීඩා කර නැත.
ඉදිරිපෙල පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට එක්වන කරුණාරත්න ක්‍රිකට් දිවියේදී එක්දින තරඟ ක්‍රීඩා කර ඇත්තේ 17ක් පමණක් වන අතර එහිදී ඉනිම 13 දී ලබාගෙන ඇත්තේ ලකුණු 190 පමණි.
ඔහුගේ හොඳම ලකුණු ලබා ගැනීම කුණු 60 ක් වන අතර සාමාන්‍ය ලකුණු ලබා ගැනීම 15.8 ක් ලෙස ඇතුළත් වේ.
සිය එක්දින ක්‍රීඩා ජීවිතයේ කිසිදු අවස්ථාවක හයේ පහරක් එල්ල කර නැති මෙම ශ්‍රී ලංකා නව නායකයා මුළු එක්දින දිවියේ පුරාම එල්ල කර ඇති හතරේ පහරවල් ගණන 14 කි.
ශතක කිසිවක් වාර්තා කර නැති ඔහු අර්ධ ශතක ලබා ගෙන ඇත්තේ එකක් පමණි.
ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක කුසලාන තරගාවලියක නායකත්වය දැරීම සදහා නම් කර ඇති අඩුම අත්දැකීම් ප්‍රමාණය ඇති නායකයා දිමුත් කරුණාරත්න විය හැක.
කෝටියකට ආසන්න මාසික දීමනාවක් ගෙවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශයටද රහසින් මෙරටට ගෙන එන ලද්දේ 2019 ලෝක කුසලානය සදහා කණ්ඩායම සකස් කිරීමට බව කියමිනි.
දක්සකමට වඩා කන්ඩායම එකමුතු කරගෙන නායකත්වයක් දිය හැකි පුද්ගලයෙක්
නැත්නම් ලංකාවට ලෝකය ඉදිරියේ නව නින්දා
2014-2016 කාලේ වෙනකොට ලෝකෙම cricketers ලගේ දක්ෂතා සහ තාක්ෂනය ගොඩක් ඉහලට ගියා. විශේෂයෙන් සීමිත ඕවර තරඟ වලදී මේ තත්ත්වය හොඳට පෙනෙනවා. හැබයි ලංකාවේ ඇතුලත කණ්ඩායමට ඒමට සහ එහි රැඳී සිටීමට තියන තරඟකාරීත්වය අඩු නිසා ලාංකික ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ තාක්ෂනය තිබුණු මට්ටමට හෝ ඊටත් පල්ලෙහාට ගියා. IPL වලට අපේ අය යන ප්‍රමාණය අඩුවීමෙනුත් මේ බව තහවුරු වෙනවා. දැන් අපි තේරීම් කමිටුවටයි පුහුණුකරුටයි බනිද්දි, මතක තියාගන්න ඕන, ඔවුන්ට ලැබෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා, කැපවීම, සහ ආකල්ප වෙනස්වෙන්නේ නැතුව තේරීම් කමිටුවටයි පුහුණුකරුටයි තනියම කරන්න පුළුවන් හරිය ටිකයි කියල.
ක්‍රීඩා පරිපාලනය පාලනයක් නැතුව සල්ලිවලට යට උනාම අපිට හිත හදාගන්නවට වඩා වැඩි දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ දැන්. ඕක තමයි අනිත් හැම ක්ෂේත්‍ර වගේම ක්‍රිකටුත් අපි පල්ලෙහාට යද්දී දකුණු ආසියාවම ඉස්සරහට යන්න හේතුව.
This is so sad.
Why Sri Lankans always like this. We should try as a country and win as a country. No matter how….
Dont drag this like a political game
Dimuth has done really well as the captain of SL Test Cricket Team in South Africa. So he is perhaps the most suitable. All other guys have proved that they are failures as ODI Captains. Malinga is more suitable for T20 format, and he could be a liability in fielding. All the best!
he will preform very well in this tournament ,he has ability to get best of his peers …great decision
මෝඩ කතාවක්..නායකයා කියන්නේ , ගොං පොල් අඩි හයේ පහරවල් ගහන එකෙකුට නෙමෙයි…බෝලෙ හරිහැටි අවබෝධ කරගෙන අවස්ථාවට සුදුසු පහරවල් වලට යමින් හැකි ඉක්මණට ලකුණු සංඛ්‍යාව වැඩිකර ගැනීමයි…ඒ වගේම තවත් විශේෂ දෙයක් නම්, බය නැතුව, වචන පටලවා ගන්නේ නැතුව, යන්නේ කොහේද මල්ලේ පොල් වගේ කුණුහරුප ඉංගිරිසි ගොත ගසමින් කිය කියා ලෝකෙ හිනස්සන්නේ නැති, (සංගා, මහේල ) වගේ කතාවට දක්ශයකු පත්කර ඉතාම සුදුසුයි…
මගේ අදහස තරමක් වෙනස්.
1.) නායකයා කණ්ඩායම එකමුතු කරන්න සමතෙක් විය යුතුයි.
මොකද එකමුතු කම නැත්නම් තරග පරදිනවා.
2.) නායකයාද නායකත්වයට දීමට අමතරව ක්‍රීඩකයෙක් ගේ භූමිකාවත් රගපානවා.
ක්‍රීඩකයෙක් වශයෙන් මධ්‍යස්ථ ප්‍රමාණයක වත් දක්ෂතාවයක් තිබිය යුතුයි.
3.) ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව ගැන එච්චර හිතන්න අවශ්‍ය නෑ.
මොකද ඉංග්‍රීසි වැරදුනාම හිනා වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ පමණක් නිසා.
ලෝකේ වෙනත් රට වල මිනිසුන්ට එය ප්‍රශ්නයක් නොවන නිසා.
හ්ම්…. කතාව සහතික ඇත්ත…එක් දින කන්ඩාමට තේරෙන්න (මං කිව්වේ නිකං ක්‍රීඩකයෙක් විදිහට) හයේ හතරෙ ඒවා ගහන්න පුළුවන් වෙන්න ඕන වුනාට ඒකෙ නායකයා වෙන්න තරග සාමාන්‍ය 15ක් වෙන එකෙකුට වුනත් පුළුවං…. කතාව හොඳට පුළුවං වුනොත් ඇති. මොකද ලෝක කුසලානෙ දෙන්නේ හොඳම කථකයාටනෙ!
Dimuth is an old boy of St’ Joseph’s College
School of Asantha de Mel and Mr. Harin Fernando
Dimuth will screw up the series.
Malinga is a very smart captain and his intelligent field placing is equal to Arujuna’s time. They could not win in South Africa because of the bad Batsmen, not due to Malinga’s bad captainship. Our ungrateful Sinhalese always look down on a talented but a person came from a ordinary background.
The whole country should support him. He is the best and dedicated cricketer in the whole team and similar to Imran Khan won the world cup, SL could have won with Malinga’s luck these days.
But the country’s sorry state is continuing…
ඔහු සැබෑ නායකයා නම් මුලින්ම කලයුත්තේ අර බීලා ගිහිල්ලා හප්පපු ත්‍රිවිල් මනුස්සයට ඒක දැන්වත් අරන් දෙන්න , ලෝකෙම තියෙන නීති දාලා ඒ මනුස්සයව බයකරල තියෙන්නෙ .කන්ඩායමේ අනිත් අය මේයාට කැමති හොඳට බොන එකෙක් නිසයි .