වසර 04ට ආරක්‍ෂක ලේකම්ලා පහයි..

July 24, 2019 at 8:40 am | lanka C news
වසර 04ට ආරක්‍ෂක ලේකම්ලා පහයි..

‘වියත්මග’ සංවිධානය විසින් හොරණදී පවත්වන ලද සම්මන්ත්‍රණයේදී අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම මහතා මෙම අදහස් පල කලේය.

අපේ රට වසර තිහක් තිස්සේ ත‍්‍රස්තවාදයක් සමග ගැටුණා. බියෙන් සැකෙන් ජීවත් වුණා. 2009 යුද්ධය අවසන් කළායින්  පසුව රට ක‍්‍රම ක‍්‍රමයෙන් සුරක්‍ෂිත රටක් බවට පත්වෙමින් ඉදිරියට ගියා. 2015 දී යහපාලන රජයට භාරදෙන අවස්ථාවේ අපේ රට සුරක්‍ෂිතම සාමකාමී රටක් බවට මුළු ලෝකයම පිළිගෙන තිබුණා. ආසියාවේ වේගයෙන්ම දියුණු වූ, සංචාරක ක්‍ෂෙත‍්‍රයෙන් ඉහළටම ගිය රටක්. නැවත වරක් අපි අනාරක්‍ෂිත රටක් බවට පත්වුණා. එහි වගකීම වත්මන් පාලකයන් භාරගත යුතුයි. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය එල්ල වී මාස තුනක් ගත වී තිබෙනවා. නමුත් තවමත් බෝම්බ ප‍්‍රහාරයෙන් ඇති වූ සමාජ ව්‍යාකූලත්වය, ජාතීන් අතර පවතින අවිශ්වාසය නැති වී නැහැ. යහපාලන රජය ආ දවසේ සිටම රටේ ජාතික ආරක්‍ෂාව ගැන අවධානයක් යොමු කළේ නැහැ. කළේ විවිධ බලවේග සතුටු කිරීම පමණයි. රටේ නායකයන් බිරී අලින්ට වීණා වයනවා වගේ කළ අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නැහැ. මරාගෙන මැරුණු ත‍්‍රස්තයන් පිට ප‍්‍රහාරය පටවලා නිවට ලෙස ගැලවෙන්න උත්සාහ ගත්තා.

මුස්ලිම් අන්තවාදයක් ගැන මීට පෙර අප රටේ කතා වුණේ නැහැ. අපි මුස්ලිම් ජනතාව සමග වසර ගණනක් තිස්සේ සුහදව ජීවත් වුණා. පාස්කු ප‍්‍රහාරය වෙනම සිද්ධියක්. වසර හතරක් තිස්සේ ගොඩනැගුණු ක‍්‍රියාවලියක අන්තවාදී ප‍්‍රතිඵලයක්. ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශවලින් බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ හමු වුණා. එසේ හමුවන විට රජය මාධ්‍යවලට ඒවා නොපෙන්වන ලෙස වාරණයක් දැම්මා. පාසල් මුර කරන තත්ත්වයකට පත් වුණා. රජය නිසි ක‍්‍රියාමාර්ග නොගත් නිසයි මෙවැනි තත්ත්වයක් උද්ගත වුණේ. මේ අන්තවාදය ගැන විවිධ පිරිස් විවිධ ප‍්‍රකාශ කරනවා. ඇත්ත තත්ත්වය ජනතාවට ප‍්‍රකාශ කරන්න. හදිසියේ මතු වූ මේ මුස්ලිම් අන්තවාදය තුරන් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුයි. සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ අන්තවාදයෙන් බේරාගැනීමට කටයුතු කළ යුතුයි. රටක ජාතික ආරක්‍ෂාව යනු පූර්ණ ආරක්‍ෂාවයි. වත්මන් රජය එවැනි පියවරක් ගන්න බවක් පේන්න නැහැ. තිරසර සංවර්ධනයට ජාතික ආරක්‍ෂාව ඉතා වැදගත්.

යටත් විජිත මානසිකත්වයෙන් මිදුණු දේශපේ‍්‍රමී පාලකයන් රටට පත් කර ගැනීම අවශ්‍යයි. එවැනි පාලකයෙක් 2005 දී පත් වුණා. නමුත් 2015 දී අපට විරුද්ධව වැඩ කළ පිරිස් සමග එකතු වෙලා යහපාලනයක් පත් කර ගත්තා. එහි ප‍්‍රතිඵල තමයි අද ජනතාව මේ ගෙවමින් තිබෙන්නෙ. එදා අපි ආසියාවෙන්ම ඉදිරියෙන් හිටියා. විශිෂ්ට රාජ්‍ය සේවයක් තිබුණා. අද අපේ රට ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා. ඉතිරි මාස දෙක තුනත්් අපේ රට ගැන විශ්වාසයක් තබන්න බැහැ. අද ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තියක් නැහැ. පවතින තර්ජනයකට ක‍්‍රියාමාර්ග ගන්නවා හැරෙන්න වෙන කිසිම නිශ්චිත වැඩසටහනක් නැහැ. ඉදිරි රජයන්ට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග අප යෝජනා කර තිබෙනවා. ප‍්‍රතිපත්තියක් නැති නිසා රටට විශාල බලපෑමක් ඇති වෙලා. රණවිරුවන්ව හිරේ දැම්මා.

දැන් වත්මන් රජය ඇමරිකාව සමග භයානක ගිවිසුම් අත්සන් කරන්න හදනවා. අපේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩත්වයට බලපෑම් ඇති වෙනවා. මේවා ගැන ජනතාව දැනුම්වත් විය යුතුයි. මේ  ගිවිසුම් ගැන ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් දන්නේ නැහැ. ගිවිසුම්වල අන්තර්ගතයවත් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් දන්නේ නැහැ. මෙවැනි පාලකයන් පත් කර ගත්තාම රටට සිදුවන ප‍්‍රතිඵල භයානකයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබෙන සීතල යුද්ධය අද රට පත්වෙලා තිබෙන තත්ත්වයට වගකිව යුතුයි. ඉතා සූක්‍ෂමව 19 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළත් කර ගත්තා. කොටි හිතවාදී බොහෝ සංවිධාන තහනම ඉවත් කළා. කඳවුරු ඉවත් කළා. බුද්ධි අංශ ව්‍යුහය වෙනස් කළා. වත්මන් රජය අධිරාජ්‍යවාදී රටවල්වලට  ඕනෑ විදිහට කටයුතු කරනවා. සංහිඳියාවේ නාමයෙන් එක් එක් ජාතීන්ට නීති වෙනස් කළා. ගත වූ වසර කිහිපය තුළ ආරක්‍ෂක ලේකම්වරු පස් දෙනෙක් පත් වුණා. වගකියන තනතුරුවලට සුදුස්සන් පත් කළේ නැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට විරුද්ධව නඩු කියන්න පටන් ගත්තා. අපේ හමුදාව යුද අපරාධ කළා කියලා පිළිගත්තා. ඒ ගැන පරීක්‍ෂණ කරන්න එකඟ වුණා. වෙන රටවල් එහෙම කරන්නේ නැහැ. වෙන රටවල් තම හමුදාව බේරා ගන්නවා. නොකළ වරදකට අපි වැරැුද්ද පිළිගත්තා. යුද්ධයක් අවසන් කළ රණවිරුවන්ට නින්දා කළා. එදා අපේ හමුදාවට ජාත්‍යන්තරයේ තිබූ පිළිගැනීම ඉහළයි. අද විදෙස් රටකට යන හමුදා නිලධාරීන්ව අත්අඩංගුවට ගන්න තත්ත්වයකට පත් වෙලා. අපේ භූගෝලීය පිහිටීම අපේ අවාසියට පත් වෙමින් තිබෙනවා. චීනය සේද මාවතක් ගොඩබිමින්, මුහුදෙන් බිහි කරගෙන යනවා. අද කියන බුද්ධිමත් නායකයන් ඒක තේරුම් අරන් නැහැ. හම්බන්තොට වරාය ආරක්‍ෂාව අතින් වැදගත් ස්ථානයක්. හම්බන්තොට චීනයට දුන්නාම ඇමරිකාවයි ඉන්දියාවයි සමග ගිවිසුම්ගත වෙන්න සිදුවුණේ ඒ නිසයි. ඉදිරි මැතිවරණය තීරණාත්මකයි. නිවැරදි නායකයෙක් ඉදිරියේදී බිහි නොවුණොත් රට තවත් අගාධයට යෑම වැළැක්විය නොහැකියි.

– වියත්මග මාධ්‍ය ඒකකය

10 views

6 Comments to “වසර 04ට ආරක්‍ෂක ලේකම්ලා පහයි..”

  1. අනේ අපොයි says:

    ඇත්ත උනත් ඇහුනොත් නේ , පෙනුනොත් නේ , දැනුනොත් නේ තේරෙන්නේ .

  2. රන්බණ්ඩා says:

    2015දී මේ ගල් මූසල ආණ්ඩුවට රට හදන්න චන්දෙ දුන්නු සිංහල ගොන් මෝල්ලුන්ට අදටත් හරිහමං නින්දක් නැති බව අපි දන්නවා බොලව්.
    ඉඳින්, මේ වතාවෙදිවත් රටට, සිංහල ජාතියට, දහමට හිතැති ජනතා නායකයෙක් පත්කොරගන්නට මොළගෙඩි පෑදේවායි රන්බණ්ඩා හදවතින්ම ප්‍රාර්ථනය කොරනවා බොලව්.

  3. kanishka Tissa says:

    One of the best and brilliant military officers produced by mother Sri Lanka. He also did a yeomen service to the country while he was the Governor of the Eastern province.

  4. john the baptice says:

    රජයේ යු එන් පි ඉන්නකන් මේවා සිදුවෙනවා ජනතාව මේවාට පිළිතුරු දිය යුතුයි

  5. Sun says:

    Thank you for your contribution showing the reality of politics in Sri Lanka. Lot of politicians have no sense in politics and serving the people in general. What they want to do is filling their pockets and counting money. We spend a lot on unnecessary things. We can cut down most of them if you look in politics in economist point of view. Unless you cut down and start we cannot reach the targets. Politicians are not brave enough and not qualified to make critical thinking and change the pattern of decaying the economy. If you don’t change this now the country will be collapsed soon within few years time my dear friends.

Main News