වසර 24ක් රනිල්ට චෝදනා කිරීම වරදක්.. බෙදුම්වාදීන්, අන්තවාදීන් සියල්ල සිටින්නේ සජිත් සමගයි..

July 31, 2020 at 6:48 pm | lanka C news
වසර 24ක් රනිල්ට චෝදනා කිරීම වරදක්.. බෙදුම්වාදීන්, අන්තවාදීන් සියල්ල සිටින්නේ සජිත් සමගයි..

දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සුරතල් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යැයි මෙතෙක් කල් බරපතල චෝදනාවක් එල්ල කිරීම වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් ලංකරගෙන එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යයි බරපතළ චෝදනාවක් වසර 25ක් තිස්සේ එල්ල කළ බවත් එය වරදක් බවත් දැන් පැහැදිලි වන බවත් ඒ මහතා පැවසී.

එක්සත් ජාතික පක්ෂය සමග සිටි රිෂාඩ් බදුර්ඩීන් වැනි මුස්ලිම් අන්තවාදීන් සුමන්දිරන් වැනි දෙමළ බෙදුම්වාදීන් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජනබලවේගයේ යයිද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ඔවුන් සැබැවින්ම කටයුතු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග නොව සජිත් ප්‍රේමදාස මහතා බව සමග බව පැහැදිලිව පෙනී යන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් සහ සජිත් දෙපසට වූ පසු මේ තත්ත්වය පැහැදිලිව පෙනී ගොස් තිබෙන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

813 views

12 Comments to “වසර 24ක් රනිල්ට චෝදනා කිරීම වරදක්.. බෙදුම්වාදීන්, අන්තවාදීන් සියල්ල සිටින්නේ සජිත් සමගයි..”

  1. Mad says:

    බය වෙලා

    • කමල් says:

      බව වෙන්නේ මොකටද බං. සංජිව කොහොමත් පරාදයි. මෙම කතාව ඇත්ත. රිෂාඩ් බදුර්දීන් රනිල්ට එක්කනම් හිටියේ සංජිව ලගට යයිද?

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        රනිල්ට චෝදනා කිරීම වරදක් එතුමා මහ බැන්කුව කැඩුවෙ නෑ අපිට වැරදීමක් වුනේ. එතුමා එක්ක අපි ජාතික ආන්ඩුවක් හදනව.

        • බදුර්දීන්, හකීම් සහ සුමන්දිරම් රට රැක්ක වීරයෝ සහ රටට අවශ්‍ය සිතු පැතු සම්පත් දුන් උත්තමයෝ ඉන්න පකනිල් පක්ෂයට ඡන්දේ
          දෙන මිතවරුණි මම නුඔලාට 20,000/- ක් කජු බිජු දෙනවා. මට ඡන්දය දෙන්න

  2. කුරැටු ගීය says:

    දේශපාලුවන් අවසානයේ රටවැසියාව ජෝක් එකකට ගන්නවා,ගොනාට අන්දවනවා,ජාතියම කොල්ල කනවා.
    ම‌ෙවර අපි චන්ද දායකයන් එක් වී මුන් 225 ජෝක් එකකට ගමු,ගොනාට අන්දවමු.බය කරමු.ඒ කොහොමද ?
    ඒ චන්දය දවසේ කුරැටු ගීයක් ලියා මේ හොරතක්කඩි ඩීල් ‘දේශපාලන මඩගොහොරැවට’ තර්ජනාත්මක විරෝධය පෑම‌ෙනි.මුන් ඔළුව‌ෙන් හිටග‌ෙන මේ කුරැටු ගීය කිය‌වපු ද‌ෙන්.
    රටට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයයි.සිස්ටම් චේන්ජ් එකක ආරම්භය අගෝසතු 05 කුරැටු ගීයකින් පටන් ගමු.
    සිස්ටම් චේන්ජ් එකකට ශ්‍රී ලංකාව සූදානම් බව පවසන්න අගෝස්තු 05 ඔබේ පූජනීය චන්දය යොදාගන්න.

  3. Jagath says:

    එතකොට මහබැන්කුව හොරා කෑවේ රනිල් නෙමෙයි ද?

  4. ත්‍රීවීල් says:

    රනිල් හොදාදායි … සජිත් නෝටි…
    දැං රාජපක්ෂ වලං හෝදන ගෙම්බන්පිලලගෙ රෙද්දෙ රෙවිලා ඉන්නෙ සජිත්ගෙ බලවේගෙ දැකලා..
    2/3 හීනයක් .113 ගන්න බලපල්ලා.

    • Wasanth says:

      සජියා වගේ ගොනෙකුට කඩේ යන්න ඉතින් ඊට වඩා ගොනෙක් වෙන්න ඕනේ. නායකයෙකුට ගැලපෙන කතාද සජිත් කියන්නේ. යකෝ ඊට වඩා හොඳයි පහේ පන්තියේ ළමයෙකුට රැස්වීමක කතාකරන්න කිව්වා නම්. මෙච්චර ගොන් ආතල් දෙන බූරුවෙක් හොයාගන්න බෑ පුත්තලමට ගියත්

  5. kkuruwita says:

    රනිල්ට සහතික දෙන්න ගිහින් නිකං සවුත්තු වෙන්න එපා. පොහොට්ටුවට හානි වෙන ගොං කතා නොකිය ඉන්නවද ප්ලීස් !!!

    • Both of these factions are not committed to ensuring the national interests of the motherland,as have witnessed in the past. They can betray any thing in the country for sake of power. The people have to be very cautious ,on seeing the people
      who are rallying behind them.Do not make irrecoverable and irrepairable
      mistakes.

  6. ක්‍රිමිනල් says:

    ආව් ආව් මහ බැංකු හොරා හොදායි… බෛයො මීක් නෑ !

  7. gamarala says:

    එතකොට රනිල් නුතන දොන් ජුවන් නොවේද?

Main News