වසර 27 කට මයිලිඩ්ඩි වරාය ප්‍රතිසංස්කරණයට…

August 26, 2018 at 2:07 am | lanka C news
වසර 27 කට මයිලිඩ්ඩි වරාය ප්‍රතිසංස්කරණයට…

යාපනය මයිලිඩ්ඩි ධීවර වරයා ආරක්ෂක අංශ විසින් සාමාන්‍ය වැසියන් වෙතට නිදහස් කිරීමෙන් පසුව එය ප්‍රතිසංස්කරණය කිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම පසුගියදා සිදු විය.

යුද්දය හේතුවෙන් වසර 27 ක් පුරාවට ආරක්ෂක හේතුන් මත යුද හමුදාව භාරයේ තිබූ මයිලිඩ්ඩි ධීවර වරාය පලාතේ සාමාන්‍ය ධීවර ජනතාව වෙනුවෙන් නිදහස් කළද ධීවර වරාය දැඩි සේ අබලන්ව පැවතීම හේතුවෙන් ධීවරයින්ට විවධ ගැටලු මතු වූශ.

මේ හේතුව නිසා අදාල ධීවර වරාය ප්‍රතිශංස්කරණය කර දීමට රජය විසින් පියවර ගෙන තිබූ අතර අද දින ජනාධිපතතුමන්ගේ ප්‍රධානත්වයෙන් මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරභක අවස්ථාවට මුල් ගල තැබීය.

මේ අනුව රුපියල් මිලියන 205 ක වයදමින් මයිලිඩ්ඩි ධීවර වරයා ප්‍රතිසංස්කරණය කෙරෙන අතර එමගින් ප්‍රදේශයේ ධීවර ජනතාවට මහත් සෙතක වනු ඇත.

මයිලිඩ්ඩි ධීවර වරාය වෙතට මුල් ගල තැබීමේ අවස්ථාවට අමත්‍ය විජිත් විජිතමුණි සොයිසා ,නියෝජ්‍ය අමාත්‍ය වරුන් වන අංගජන් රාමනාදන් , කාදර් මස්තාන් යන අය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීණි විජයකලා මහේස්වරන් ඇතුලු ප්‍රදේශයේ ධීවර ජනතාව මේනම උතුරු පලාතේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views
Main News