වසර 37 කට පසුව මුලතිව්හි සිංහල ගම්මානයට වෙන්වූ ස්ථීර නිවාස ලබා දෙන්නැයි උද්ඝෝෂණ..

May 13, 2019 at 2:09 am | lanka C news
වසර 37 කට පසුව මුලතිව්හි සිංහල ගම්මානයට වෙන්වූ ස්ථීර නිවාස ලබා දෙන්නැයි උද්ඝෝෂණ..

වසර 37 කට පසුව මුලතිව් කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන් වෙනුවෙන් වෙන් වී ඇති ස්ථීර නිවාස ව්‍යාපෘතිය මෙ වන විට නැවතී ඇති බවත් වහාම එම නිවාස ව්‍යාපෘතිය ලබා දෙන ලෙසට ඉල්ලමින් කෝකිලායි සිංහල වැසියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

1982 වසරේ සිට කෝකිලායි ගම්මානයේ නැවත පදිංචි පවුල් 62ක් වෙනුවෙන් ස්ථීර නිවාස 62 ක් නිවාස සංවර්ධන අධිකරිය මගින් ඉදිකිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී දෙමළ වැසියන් පිරිසකගෙන් එල්ල වූ විරෝධතාවක් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හා මැරටියන්ප්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අදාල නිවාස ව්‍යාපෘතිය නවතා දමා ඇත.

මේ අනුව කෝකිලායි ගම්මානයේ නැවත පදිංචි වූ වැසියන් උද්ඝෝෂණයේ නිරත වෙමින් කියා සිටියේ

‘යුද සමයේදී සහ යුද්දයෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ  පිහිටි එකම සිංහල ගම්මානය කෝකිලායි වන අතර අවස්ථා කිහිපයකදීම ස්ථීර නිවාස ව්‍යාපෘති වෙන් වුවද පැවති දේශපාලිනක මැදිහත් වීම් මත අදාල නිවාස ව්‍යාපෘති නැවතී ඇති අතර 1934 වසරේ සිට පරම්පරා කිහිපයක්ම ජීවත් වූ මුලතිව් කෝකිලායි සිංහල ගම්මානයෙ වෙනුවෙන් වෙන් වී ඇත ස්ථීර නිවාස ලබා දීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බවටය.

මේ පිළිබඳව මැරටියන්පත්තු ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයෙන් විමසීමේදී කියා සිටියේ අදාල නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් දෙමළ වැසියන් පිරිසක් අදාල ඉඩම්හි ඔප්පු ඉදිරිපත් කරමින් එම ඉඩම්හි අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම නිවාස ව්‍යාපෘතිය තාවකාලික නවතා දමා ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට අවසන් තීරණයකට එලඹෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,053 Viewers

2 Comments to “වසර 37 කට පසුව මුලතිව්හි සිංහල ගම්මානයට වෙන්වූ ස්ථීර නිවාස ලබා දෙන්නැයි උද්ඝෝෂණ..”

  1. Dayani says:

    That’s right. North and East doesn’t belong to Tamils, neither the Muslims.!!! If both Tamils and Muslims can live along with Sinhalese all around the country, then these minorities must allow Sinhalese to live in those areas and for them to re-settle back into land taken by force.!!!
    Then we can call this RECONCILIATION.!!!

  2. මේඝවර්ණ අභය says:

    මේ වගේ ප්‍රවෘත්ති වලට කමෙන්ට් නෑ වගෙයි

Leave a Comment

Main News