වසර 600 කට අධික පැරණ චීන මැටි බඳුනක් යාපනයෙන් හමු වෙයි…

October 31, 2019 at 2:11 am | lanka C news
වසර 600 කට අධික පැරණ චීන මැටි බඳුනක් යාපනයෙන් හමු වෙයි…

ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම් වලදී සොයා ගත් මැටි බදුන  වසර හයසීයත් හාරසීයත් අතර ඉපැරණි කාලයකය අයත් චීන මැටි බදුණක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පැවසීය.

මේ මැටි බදුන චීනයත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ සිට ඉතා සෘජු සබදකම් ඇති බවට ඉතාම හොද සාධකයක් බව කී පුෂ්පරත්නම් මහතා පසුගිය වසරේදී මේ ස්ථානයට නුදුරින් හමු වූ චීන කාසියද ඊට හොදම නිදසුනක් බව කියා සිටියේය.

අළුතින් හමු වූ මැටි බදුන මීට දින කීපයකට පෙර හමු වූ අතර එම මැටි බදුන පරීක්ෂා කිරීමෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේය.

චීන විශ්ව විද්‍යලයක මහාචාර්යවරයෙකු ආචාර්යවරු දෙදෙනෙකු හා පුරාවිද්‍යාඥයින් පිරිසක් චීන රජයේ වියදමෙන් යාපනය  ප්‍රදේශයේ කැණීම් කටයුතු කරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර අතීතයේ පැවති සබදකම්  පිළිබදව තොරතුරු ගවේෂණය කිරීමේ අරමුණිනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,902 Viewers

One Comment to “වසර 600 කට අධික පැරණ චීන මැටි බඳුනක් යාපනයෙන් හමු වෙයි…”

  1. Chien says:

    Poddak wata pita Harala balanna..
    Rajapaksaha Walawwala Natambunuth Ethi Oyapatthe

Main News