වසවිස නැති ගොවිතැන.. කාබනික පොහොර Project නවතති.. රතන හිමියෝ දින හතකින් ලොව සුවපත් කරන Project එකක් ගෙනෙති..

December 29, 2017 at 3:00 pm | lanka C news
වසවිස නැති ගොවිතැන.. කාබනික පොහොර Project නවතති.. රතන හිමියෝ දින හතකින් ලොව සුවපත් කරන Project එකක් ගෙනෙති..

මෙරට මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු කිරිමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ‘ලොවම සුවපත් කළ දින හත’ තේමාව යටතේ ජනවාරි පළමු සතියේදී පවත්වන වැඩසටහනක් පිළිබඳ දැනුවත් කිරීමට කැදවන ලද මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

මේ වන විට අතහැර දමා ඇති තේ ඉඩම් වන වියන් කිරීමට අදාළ ප්‍රඥප්තිය හා සම්මුතිය සදහා ජනවාරි පළමුවැනි දින එකඟතාවයන් ඇතිකර ගන්නා බවයි.

මධ්‍යම කඳුකරය විනාශ වුවහොත් සමස්ත ගංගා පද්ධතියටද එය බලපාන බවද උන්වහන්සේ කීහ.

2018 වසර අවසාන වෙද්දී ගස් දෙකෝටියක් රට පුරා පැල කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගත යුතු යයිද උන් වහන්සේ වැඩි දුරතේ පැවසීය.

කෙසේ වෙතත් වස විස නැති ගොවිතැන, කාබනික පොහොර ගැන පසුගිය කාලයේ විශාල හඬක් නැගි රතන හිමියන් දැන් ඒ ගැන කතා නොකරන්නේ යයි විපක්‍ෂයෙන් චෝදනා එල්ල වෙයි.

ඔවුන් ප‍්‍රශ්න කරන්නේ දැන් නැවු පිටින් රටින් ගෙන්වන්නේ වස විස නැති සහල්ද කියායි. එමෙන්ම රසායනික පොහොර විස යයි කියා හදුන්වා දුන් කාබනික පොහොර කොහිදැයිද විමසුම් කරති.

277 views

11 Comments to “වසවිස නැති ගොවිතැන.. කාබනික පොහොර Project නවතති.. රතන හිමියෝ දින හතකින් ලොව සුවපත් කරන Project එකක් ගෙනෙති..”

  1. Free says:

    රතනෙගෙ ඔය ප්‍රොජෙක්ට් එකත් සතියකින් ඉවරයි.ඊට පස්සෙ එයාට කන්න වෙන්නෙ වස විස නැති වස​?

Main News