වසවිස නැති රතන හිමිට කුදගහගන්න වෙයි… ගල්යිපොසේට් යලි ගෙන්වන බව නවීන් කියයි..
June 22, 2017 at 10:40 am | lanka C news
තේ වගාව සදහා ගල්යිපොසේට් රසායනිකය ගෙන්වීමට කැපිනට් පත්‍රිකාවක් ඉදිිරියේදී ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක මහතා පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ග්ලයිපොසේට් නිසා වකුගඩු රෝග ඇතිවන්නේ යයි රතන හිමි මතු කරන තර්කය පිලිගත නොහැක්කේ උඩරට, රත්නපුර ආදී ගල්යිපොසේට් වැඩිපුර යොදන තේ වගාව වැඩි වශයෙන් සිදු කරන ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් වාර්තා වී නැති නිසා බවයි.