‘වස් වද්දන මස් වැද්දන් කිරුළ පැලදියේ..’ විමල් වැලිකඩ හිද වස් කවි වන් ගී පද රචනාවේ..
February 14, 2017 at 2:10 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණෙු නායකද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහි හිදිමින් පද රචනා කරන ලද තවත් ගීතයකි මේ.
නියමයි විමල් අයියා. ඔයා නැතිව රටම පාළු වෙලා ගිහින්. හරියට ඉඩෝරයට හසුවෙලා වගේ.
ඔයා වගේ ජාතික වාදී දේශප්‍රේමී නායකයෙක් තමයි අපිට දැන් ඕන.
ජයවේවා.
සත් සියයක් මල් උපදින
තම්බපණ්ණි හෙළ විරුවා
සිර කුටියේ දැල් අතරින්
අප වෙනුවෙන් කවි ලිව්වා..
ජය ජය වේ ජය ජය වේ
ලක්මෑණිගෙ වීර පුතා
එනතුරු මඟ බලමිනා
ජන හද කුල්මත් වුනා..
යමපාලන මේ අන වින
ජයගන්නට කල් එළඹින
පැතුමන් දහසක් මෙහි එන
වීර පුතුනි ඔබ වෙනුවෙන..!
විමල් කරන හැම දෙයක්ම වගේ, කරපු හැම කතාවක්ම වගේ, කරන ප්‍රතිපත්ති දේශපාලනය වගේම විමල්ගේ කවියත් හරිම අර්ථවත්, ගැඹුරු, සමාජයේ ප්‍රශ්න ගැන කතා කරන, පාලකන්ට අභියෝගය කරන, කවියක්. ඔබ යන මඟ ගන්නට ලක්ෂ ගණනින් පෙරට පැමිණේවා! යන්න මගේ ප්‍රාර්ථනාවයි.
සිරකුටියක ඉඳගෙන ඔබ මේ කරන නිර්මාණ ඉතිහාසගත වෙනවා විමල්.
මමත් කැමතිම කොටස – “වස් වද්දන මස් වැද්දන් කිරුළු පැළඳියේ”…
(ඊයේ ලියපු කවියක් තියෙනවා. කලින් news එක පහලට ගිහින් තිබුන නිසා එව්වෙ නැහැ. විමල්ගේ කවිය දකින්න ඉස්සෙල්ල ලිව්වේ. හැබැයි මේක දැක්කට පස්සේ ටිකක් ඒකේ පලවෙනි කවියේ සරලකම ගැන ලැජ්ජා හිතුන එවනවද නැත්ද කියලා හිතුව. හැබැයි ඉතින් මම විමල් වගේ serious character එකක් නෙමෙයි නිසාත් මම භාගයක් arrogant ඉතුරු භාගෙ romantic, jovial character එකක් නිසාත් ඔන්න ඔහේ එවනව).
සිර කුටියට මල් සුවඳක් හමන්නයි
ඒ සුවඳින් ඔබෙ හදවත පිරෙන්නයි
ඔබ ගැන මා ලතවෙන බව කියන්නයි
ඔබ එනතුරු දින ගනිමින් සිටින්නයි
ඔබ දුන් සවියෙන් ජාතිය රැකෙන්නයි
ඔබ දුන් දිරියෙන් රට පණ පොවන්නයි
ඔබ ගත් මඟ දස දහසින් දකින්නයි
රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නයි
දෙපා තබන බිම මල් පෙති වැටෙන්නයි
සිර ගෙය රජ ගෙය වෙනසක් නොවෙන්නයි
ජාතිය අපට දුන් උරුමය රකින්නයි
මගේ රටට ඔබ හරි වාසනාවයි !
Oh, please excuse me for describing this as “Kavi”.
What you wrote is a “Song”.
I can’t wait to hear this in your own voice. I love your voice very much.
It was your voice which brought me here to talk about politics from my totally different world.
විමල් මේ සින්දුවේ වචන ඔබේ හිතේම ඇඳිලා තිබුණු ඒවා නේද? මම එහෙම ඇහැව්වේ corrections කරලා තියෙන්නෙත් original එකේම නිසා.
ලංකාවම පාළුයි විමල්. මේ දවස්වල පාර්ලිමේන්තු රැස්වීමුත් නැති නිසා විමල්ගේ රණහඬ ඇහෙන කිසිම තැනක් නැහැ.
රනිල්ට ආචාර්ය උපාධියක් ලැබුනා “ලංකාවේ ආර්ථිකය නැංවීම වෙනුවෙන් ඉටුකරපු සේවයට”. 😀 හැබැයි “ආචාර්ය” කියලා පාවිච්චි කරන්නේ නැහැලු. ලැජ්ජා ඇති නේද? හැබැයි ලෝක වාර්තාවක් තිබ්බ. බලයට ඇවිල්ල අවුරුද්දෙන් රටක ආර්ථිකයක් කඩා වට්ටලා, ආර්ථිකය වෙනුවෙන් ආචාර්ය උපාධියක් ලබපු ලෝකේ එකම අගමැති කියලා. මට “බය හිතෙනවා” විමල්. ඒකීය රට දෙකඩ කෙරුවහමත්, ඒකටත් ආචාර්ය උපාධියක් ලැබෙයිද? එහෙම නැත්නම් තව ආචාර්ය උපාධියක් ගන්න රට කඩයිද? ඉක්මනට නිදහස් වෙලා එන්න හොඳද. Love you.
සිය දහස් වදන්
දන මන තුල පැළකර
සිය දහස් දුක
තම දුකසේ සලකල
සිව් දිග සෙනග බල මුලුකර
නැගිටවා එක මිටට
රටට දුන් සවියම ඇති
ඔබ රටට වූ නය ගෙවන්නට.
අචේතනික බිත්ති හතර ඔබ සිර කර තබන්න ඇති
සචේතනික ඔබේ සිතුවිලිඅනන්තයේ සරන්න ඇති
කාටද පුළුවන් වෙන්නේ
ඔබේ සිතට විලගුලන්න?
ආයු බල ප්රිඤ්ඤා වැඩේවා
දීර්ඝායු වේවා!
සිය දහස් වදන්
දන මන තුල පැළකර
සිය දහස් දුක
තම දුකසේ සලකල
සිව් දිග සෙනග බල මුලුකර
නැගිටවා එක මිටට
රටට දුන් සවියම ඇති
ඔබ රටට වූ නය ගෙවන්නට.
අචේතනික බිත්ති හතර ඔබ සිර කර තබන්න ඇති
සචේතනික ඔබේ සිතුවිලිඅනන්තයේ සරන්න ඇති
කාටද පුළුවන් වෙන්නේ
ඔබේ සිතට විලගුලන්න?
ආයු බල ප්රිඤ්ඤා වැඩේවා
දීර්ඝායු වේවා!!!!!!!!!