වස විස නැති රටකට රාජ්‍ය වැවිලි සංස්ථාව…

November 14, 2016 at 2:02 am | lanka C news
වස විස නැති රටකට රාජ්‍ය වැවිලි සංස්ථාව…

වස විස නැති රටකට රාජ්‍ය වැවිලි සංස්ථාව දායක වෙමින් නැවුම් සංස්ථා තේ ජනතාව වෙතට සෘජුවම සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

නිරෝගීමත් රටක් සඳහා දැනට රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ‍වසර 150 ක් පැරණි කන්ද උඩරට තේ වගාවන්ගෙන් ලැබෙන ඉහළ ගුණයෙන් සපිරි නැවුම් තේ කොළ ජනතාව වෙතට සහන මිලකට ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ‍තේ නිශ්පාදනයෙන් ලොව කොපමණ කීර්තියක් උසුලනු ලැබුවද රටේ නිපදනවන හොඳම තත්ත්වයේ තේකොළ මව්බිමේ ජනතාව වෙත නොලැබීමේ අභාග්‍යසම්පන්න තත්ත්වයට පිළියමක් ලෙස සහ නැවුම් තේවල ‍ඇති ඖෂධීය ගුණය ජනතාව අතර ප්‍රචලිත කර නිරෝගී ජනතාවක් බිහි කිරිම සඳහා දායක වීමේ අරමුණින් බව රාජ්‍ය වැවිලි සංස්ථාව පවසයි.

‘සංස්ථා තේ’ නමින් ජනතාවට සහන මිලට ගුණාත්මක නිෂ්පාදනයක් තිලිණ කිරීමේ සමාරම්භක උත්සවය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යල කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.

– එම්.පී.පී. තිලකසිරි

44 views

2 Comments to “වස විස නැති රටකට රාජ්‍ය වැවිලි සංස්ථාව…”

  1. sakvithi says:

    ඉතා හොඳ වැඩක්,,

  2. Asoka says:

    This is the real marketing strategy!
    As SLSPC or JEDB has not seen a ounce of NPK fertilizer going into their tea plantations due to the inefficient management skills of previous management.Good potential plantations neglected throughly due to various unacceptable reasons.So naturally Govt manage estates are real Organic estates
    Keep up
    Grow weeds and pluck tea
    Something better than nothing!

Main News