බයිලා එපා.. අන්තවාදී ප‍්‍රශ්ණය අපි විසදනවා.. නැවත හිරේ යන්න මං සූදානම්..- ඥාණසාර හිමි දෙගුණයක් ජවයෙන් යලිත් පුරුදු වේදිකාවේ..[Video]

May 24, 2019 at 10:09 pm | lanka C news
බයිලා එපා.. අන්තවාදී ප‍්‍රශ්ණය අපි විසදනවා.. නැවත හිරේ යන්න මං සූදානම්..- ඥාණසාර හිමි දෙගුණයක් ජවයෙන් යලිත් පුරුදු වේදිකාවේ..[Video]

වහාබ්වාදයට වඩා සලබිවාදය දරුණු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

වහාබි හා සලබි මතවාදවලින් මෙරට මුස්ලිම් සමාජය බරපතළ ලෙස ආක්‍රමණය වෙමින් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ප්‍රශ්නය තමන් වහන්සේ ඇතුළු පිරිස කතා කරන්නට පටන් ගත්තේ හලාල් විරෝධයෙන් බව ද කී උන්වහන්සේ 2013 වසරේදී සහරාන් නෂීම් සම්බන්ධයෙන් තමන් එවකට බලධාරීන් දැනුම්වත් කළ බවද කියා සිටියහ.

බොදු බල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.

බුර්කාව නිකාබය තහනම් කිරීමට මුස්ලිම් සමාජයෙන් ඇසීමට උවමනාවක් නැති බවත් එය වහා තහනම් කළ යුතු බවත් කී උන්වහන්සේ එසේ කීමට කිසිවෙකුට කොන්දක් නැති බවද කියා සිටියහ.

මෙරට භික්ෂූන් වහන්සේලාට මෙන්ම අනෙක් කණ්ඩායම්වලටද නොදන්නා වාද බයිලා ගහන්නේ නැතුව ඉන්න ලෙසත් අපි මෙම ප්‍රශ්නය විසඳ බවත් කී උන්වහන්සේ ඉදිරි කාලය තුල මෙරට සියළු ජනතාවට පොලිස් නිලධාරීන් සේ කටයුතු කල යුතු බවද කියා සිටියහ.

වහබ්වාදය සම්බන්ධයෙන් තමන් වහන්සේ ළඟ තවත් බොහෝ තොරතුරු ඇති බවත් ඒ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී රටේ නායකයන් සහ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරන බවත් ඉදිරියේ දී නැවතත් හිරේ වැටෙන්නට වුවත් ජාතියේ යුතුකම සලකමින් මෙම කටයුත්ත සිදුකරන බවත් උන්වහන්සේ තවදුරටත් කීහ.

79 views

28 Comments to “බයිලා එපා.. අන්තවාදී ප‍්‍රශ්ණය අපි විසදනවා.. නැවත හිරේ යන්න මං සූදානම්..- ඥාණසාර හිමි දෙගුණයක් ජවයෙන් යලිත් පුරුදු වේදිකාවේ..[Video]”

  1. On looker says:

    These spineless ,power greedy present rulers can
    never take suitable actions against these brutal religious fanatics. Just as these people,when in power ,could not defeat Prabhakar’s inhuman terrorism.

  2. perera says:

    ” Rajinda” you are correct. Timely advise.

  3. Sinha says:

    ම්ය්ත්රිගේ deal එක හරි .2013 කිව්වා කියන්නේ ගෝටට කියන්න ඇති…

  4. Karma says:

    Sirisena Lankawe thiyena prasnaya amathaka karawanna yanne wagei me Himinama pawichchi karala. Sinhalayini buddhiya pawichchi karanna chandayakin me anduwa elawana thuru.

  5. Panda says:

    Oba vahanse diva deken katha karanava vage penne. AI oba pererda kivuva aye deshapalanaya karanne ne. Banak kiyagena dahama goda naganava kiyala. Dan vikaren dodanavada? Mehema giyama heta monava kiyaida danne ne. ABE HAMUDURUVANE RATA NAM GINI THIYANNA ELA HONDE. Oba kivuva vagema apita jeevath venna ratak one.

    • Jay says:

      Owu eka eththa. Hanuma wage ginithiyannayi mey lesthi wenne. Honda naluwek. Ratama rawattanawa.

  6. Kumari says:

    බ්‍රිතාන්‍යයින් සිංහලයින්ගේ ඇති අසමගිය, කම්මැලිකම, කුලවාදය, කල්ලිවාදය ඉතාම හොඳින් හඳුනා ගත්තෝය. ඉන් පසු සිංහලයින් තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා සිංහලයින්ම භාවිතා කළෝය. සැබෑ සිංහලයින් මියැදුණු අතර දෙපත් නයින් කෙසේ හෝ තම දිවිය බේරා ගෙන බ්‍රිතාන්‍යයින්ගේ අවශ්‍යතා ඉටු කළෝය. මේ නිසා වෙනත් රටවල මෙන්, සිංහල ස්ත්‍රීන් විවාහ කරගැනීමට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍යය වූයේ නැත. ජාතියේ ගරාවැටීම කෙතරම්ද යත්, සිංහලයේ පාලනයට මලය රටෙන් රජවරුන් ගෙන්වීමට සිදුවිය. සියල්ල අවසානයේ 1948 බ්‍රිතාන්‍යයින් නික්ම ගියෝය. උග්‍ර වර්ගවාදයේ විෂබීජ ව්‍යාප්ත කොට තිබු අවධියක රටට නාමික වශයෙන් නිදහස ලැබුණි. ඉන්පසු නිවැරදිව සිංහල කතා කිරීමටවත් නොහැකි, බණඩාරනායක වැනි ආත්මාර්ථකාමීන් හමුවේ සිංහල ජාතියේ බුද්ධිමය දිරායෑම ආරම්භ විය. සිංහලත් නොදන්න, ඉංග්‍රීසිත් නොදන්න, දෙමළත් නොදන්න නමුත් කුණුහරුප පමණක් දන්නා ප්‍රජාවක් බිහිවිය. එහි ඇති දිග පළල සමාජ ජාල වලට පිවිසීමෙන් සහ මෙරට මාධ්‍යය වල ප්‍රසිද්ධ වන දෑ වලින් දැකගත හැකිය.

    • Sun says:

      Thank you for your comments about the sinhalese nation. at the moment I cannot see anyone to lead the country with a clear intention of serving. I think lot of our politicians do not have sufficient brains to run the country determination. They do not have a black and white policy. do not know the politics round the world no the country. None is trustworthy and they all want make quick money by getting into the parliament. Lot to write but all negative about the quality of Sinhalese leaders my dear.

  7. Kule says:

    පිස්සු කෙලින්නේ නැතිව හිරේට හරි කමක් නැහැ යන්න, කරන එකෙකුට කරන්න දීල.

Main News