වහාම ඇදිරි නීතිය පනවන්නැයි දන්වයි.. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නෑ.. කොරෝනා වේගයෙන් පැතිරෙමින්..

June 6, 2021 at 10:02 pm | lanka C news
වහාම ඇදිරි නීතිය පනවන්නැයි දන්වයි.. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නෑ.. කොරෝනා වේගයෙන් පැතිරෙමින්..

ශ්‍රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් භාවිතා වීම හේතුවෙන් පසුගිය 25 වන දා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුළු දමා තිබුණ ද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ සංචාර සීමා පැන වූ අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් යැයිද පවසන ඔහු අද වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘතව ඇති බවත් බොහෝ පිරිස් මහමග ගමන් කරමින් සිටින බවත් පැවසීය.

‘අත්‍යවශ්‍ය සේවා’ යන ලේබලයට මුවා වී කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් සියළු සේවකයන් කැදවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි බව ද පවතින තත්වය යටතේ එළැඹෙන සතියේ අග වෙද්දි රෝගීන්ගේ අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටී.

මේ තත්ත්ව යටතේ දැන් සිදු කළ යුතුව ඇත්තේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

77,318 views

24 Comments to “වහාම ඇදිරි නීතිය පනවන්නැයි දන්වයි.. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නෑ.. කොරෝනා වේගයෙන් පැතිරෙමින්..”

  1. MD says:

    හොඳ දෙයක් වෙයි.ජනපතිතුමනි ගෙවල් කුලී ගෙවාගෙන ඉන්න සියලු දෙනාට යහපතක් කරන්න.

    • SKF says:

      උඹ කඩේ යන විදිහට අපි හිතන් උන්නෙ සැරටම ගොඩ ගිහින් ඉන්න එකෙක් කියලා

  2. ඇල්ෆා ටෝක් සීන් says:

    ආන්ඩුවේ පඩි ගන්න පියන් ගේ ඉඳන් මැති ඇමැති දොස්තර පී එච් අයි ඔක්කොම මේක වහනවට උඩින්ම. අපිත් කැමතියි වහනවට එකෙන්ම හැබයි අපිට ත් කන්න බොන්න ඔක්කොම ගෙනත් දීලා ලයිට් වතුර ටෙලිෆෝන් බිල් ගෙවලා ණය ලිසිං ගෙවලා අතට කීයක් හරි වියදමට දෙනවා නම්.

  3. Mssilva says:

    After independence this country has not uplifted. Politician and opportunitics have destroyed the country. Rule of law is par below. Laughable, almost century old police department struggle to find a solution to vehicle movement in these days. When gota came the id could have been digialized and all the details could have been included in id to regulate. Nohing happens. Even the so called highly educated doctors struggles even in vaccination drive. Shame on us.

  4. ඔව් අපේ රටේ මිනිස්සුන්ට පිස්සු , උන් දවස පුරාවටම පාරවල් වල පිස්සු කෙලිනවා.

  5. Freedom says:

    Me Ajith Rohanai Upul Rohanai dennatama one me rata walapallata adala danna.

  6. Lakshman Jayasinghe says:

    me yakata pissukalayuththe nirodayana neethi hariyata kriyathm,akakara rata pawathwagenayamai.lockdeddown hodanetha

  7. Nawodhi says:

    Fool this is very old method. Train people to live with C-19. You take essential services they need over 1 lakhs to run it health, CEB WB, etc. This man has to send for University get education. Then he will understand gravity of the problem. Even if you put curfew no use once it is lifted C-19 again comes. Vaccination and full control matter rather curfew of lock down. You see soon economy collapse and civil war soon come.

  8. Dr Zee says:

    මේ phi සංගම් කාරයා දන්න මගුලක් නෑ.
    දැන් වාර්තා වෙන්නේ කලින් අසාදිත අයගේ ගෙවල් වල හිටිය සමීපතමයන් මිස සමාජයේ බෝවෙන අය ඉහල යමක් නොවේ.

    නොදන්න මගුල් කතා කරන්න එනවා තමන්ට අයිති රාජකාරිය කරන්නේ නැතුව.

  9. Priyankara says:

    Me wage gon baiyo nisa thamai Ratata kelawenne. Rate prasnayak thiyagena Deshapaluwanta kade yana ewn

  10. කුඹුක්කණ් says:

    ලෙඩක් හැදුනාම වෛද්‍යවරයෙක්ගෙන් අප බලාපොරොත්තු වන දේ.
    ලෙඩේට ප්‍රතිකාර කිරීම

    කොරෝනා වලදි බටහිර ඇලොපති වෛද්යවරුන් කරන දේ..

    භය කිරීම
    රට වැසීම
    වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට ඉඩ නොදී කොරෝනා රෝගය ආරක්ෂා කර පවත්වාගෙන යාම.
    වැක්සීන් ප්‍රවර්ධනය සහ එහි සංකූලතා සහ මරණ යට ගැසීම හා සාධාරණිකරණය කිරීම.

Main News