වහාම තෙල් මිල වැඩි කරන්න.. ලීටරයක පාඩුව රුපියල් 30යි..- සිපෙට්කෝ යලි දන්වයි..

October 19, 2021 at 3:00 pm | lanka C news
වහාම තෙල් මිල වැඩි කරන්න.. ලීටරයක පාඩුව රුපියල් 30යි..- සිපෙට්කෝ යලි දන්වයි..

ඉක්මනින්ම ඉන්ධන ඉහල දැමිය යුතු බවට බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ තෙල් සංස්ථාව විසින් යලිත් ඉල්ලීමක් කර තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ තමන් ඊයේ දිනයේ බලශක්ති අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යාමත් සමග තෙල් සංස්ථාවේ පාඩුව ඉහළ යන නිසා එම ඉල්ලීම කළ බවද සභාපතිවරයා පැවසීය.

මෙම ඉල්ලීම පිළිබඳව සලකා රජය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ වන විටත් තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් ඩීසල් ලීටර් එකක් රුපියල් 30ක පාඩුවක් ලබන බවත් ඉදිරියේදී ලෝක වෙලදපලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගියහොත් පාඩුව තවත් ඉහල යන බවත් සභාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

15,762 views

9 Comments to “වහාම තෙල් මිල වැඩි කරන්න.. ලීටරයක පාඩුව රුපියල් 30යි..- සිපෙට්කෝ යලි දන්වයි..”

  1. Jude perera says:

    Thawa ihala danna danna anduwa walatama yanawa

  2. මෝඩ බයියා says:

    සැක් හාලුත් නෑ ගෑසුත් නෑ පොල් එලෝ පොල් ගානයි ඒම නොවුන නම් කිරිබතක් උයන් කාල වැඩ කරන අපේ විරුව සින්දුව දාන් නටන්න තිබ්බ පැයෙන් පැයට එන මේ සුබාරන්චි වලට.

  3. බන්ඩා says:

    අද uk වල පැට්ට්‍රල් ලීටරයක් ලංකාවෙ රැ375 කට වැඩිය්.

    • බිංකුණ්ඩා says:

      UK වල ඒක පුද්ගල ආදායම ගැනත් කියහංකො බයියො

      • බයියා says:

        ඔන්න ටොයි මොල. ගොනෝ.. ඒ්ක පුද්ගල ආදායමේ හැටියට නෙවෙයි ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ හැටියට තමයි තෙල් මිල ඉහල යන්නෙ

    • සව says:

      යකෝ….මම UK ඉන්නෙ…pound 1.21 යි 2015 petrol.

  4. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .පොහොට්ටුවේ කට්ටිය කිරිබත් උයාගෙන කයි .ලක් මවගේ ඇස්,මස්,ලේ විජාතිකයන්ට විකිණීම .දේශප්‍රේමී වහල්ලු අත් පොලසන් දෙනවා .

  5. බිංකුණ්ඩා says:

    රටේ ජනතාව දැනගත යුතුයි හොරට ඉන්ධන ගසා රජය අපහසුතාවට පත් නොකරන්න

  6. Gamini says:

    We soon can see a end of all this dream in good or bad estimate by end December

Main News