වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්.. පළාත් සබා මැතිවරණත් කඩිනමින්..- අගමැති මහින්දගෙන් නිවේදනයක්
October 29, 2018 at 6:21 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
වෛරී දේශපාලනය පිටුදැක ප්රජාතන්ත්රවාදී නව ගමනක් ඇරඹීම
පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය.
අද අපේ රට තුළ බරපතල අනාරක්ෂිත බවක් පැතිර ගොස් ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු හෙලිවෙමින් තිබේ. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ පාර්ශවයන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් හෙළිදරවු වෙමින් පවතී. පසුගිය වකවානුවේ මුළු රට පුරාම අපරාධ රැල්ලක් පැතිර ගිය ආකාරය කවුරුත් දුටුවේය.
රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් තිබේ. රුපියල භයානක ලෙස අවප්‍රමාණය වී ඇත. ලෝක ණය ශ්‍රේණිගත කිරීම් දර්ශක වල අපේ රට පහළටම වැටී ඇත. ජීවන බරින් අපේ ජනතාව තැළී පොඩිවී, මිරිකෙමින් සිටී. එ.ජා.ප නායකයින්ගේ මහ බැංකු කොල්ලය හේතුවෙන් රටේ පොලී අනුපාතය දෙගුණයකට වඩා වැඩි වී ව්‍යාපාරිකයින් හා ජනතාව පීඩනයට පත්වී සිටී. ඒ අතරතුර එම අසාර්ථක ආණ්ඩුව වටිනා රාජ්‍ය සම්පත්, දේපල හා ව්‍යාපාර විදේශීය රටවල් වලට විකුණමින් සිටියේය.
මේ අවදානම් සහගත මොහොතේදී ජනතාව අපගේ නායකත්වය හා රැකවරණය බලාපොරොත්තු වන බව මම දැන සිටි නිසා මම ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන අග්‍රාමාත්‍ය තනතුර භාර ගතිමි. මෙහිදී අපගේ අභිප්‍රාය වන්නේ පසුගිය වකවානුවේ මේ රටට මහත් පිළිලයක් වූ වෛරී දේශපාලනය පිටු දැක සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරකින, අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය රකින, රටේ නීතිය හා සාමය තහවුරු කරන, අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමයි.
මේ සඳහා අප සමඟ එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ වලට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. පසුගිය වකවානුවේ මේ රටේ පැතිරෙමින් පැවති ආරාජික තත්වය පිටුදැක ස්ථාවර පාලනයක් ඇති කිරීමට මේ රටේ සිංහල, දෙමළ මුස්ලිම් යන සියලුම ජාතීන් වලට අයත් ජනතාවට සහ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අදහන සියලුම පුරවැසියන්ට මේ අත්‍යාවශ්‍ය දේශපාලන කර්තවයට සහභාගී වන මෙන් මම ආරාධනය කර සිටිමි.
පසුගිය වකවානුවේ දිගින් දිගටම කල් දමමින් තිබුණු පළාත් සභා ඡන්ද වහාම පැත්වැත්වීමත්, හැකි තරම් ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා රට අද වැටී ඇති ප්‍රපාතයෙන් මුදවා ගන්නා නව වැඩපිලිවෙලකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබා දීමට ඉඩ සැලසීම මා සමඟ සිටින දේශපාලන පක්ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වේ.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය
දියමන්ති හැදෙන්නේ නිකන් කාබන් කැල්ලක් කාලයක් තද පීඩනයකට අහු උනාම.
ලද අත්දැකීම් අමතක කරන්න එපා. පහුගිය කාලේ තැලුණු පොඩි වුනු හැටිත් අමතක කරන්න එපා. එත් පලිගන්න යන්න එපා. ඒක UNP උන්ගේ ක්‍රමය උනාට කමක් නෑ. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් ඇති.
සුබ අනාගතයක් වේවා කියල හැමෝම ප්‍රර්ථනා කරමු.
රට බෙදන පළාත් සභා එපා…
” GOOD LUCK ”
BUDUSARANI , DEVI PIHITI .
MAGE RATATA SUBA ANAGATHAYAK
SAMATA SAMADANA N SITEYA
HAKI DUUSANA YEN THORA
SIYALU MAHA JANATHAWA GE
YAHAPATH BALAPOROTHU
ETUWEWA.
JAYAWEWA ///////
රටට ජාතියට ආගමට ජනතාවට ආදරේ කරන නායකයන් රටට පහල වේවා!
Ko me perera ?
That is the best solution . The people should use their vote to bring patriotic politicians ,who can look after the Nation’s National interests well into
power.
Mama dawas thunakma dan sirikothe kakkusi wale. Goda enna puluwan unoth liyannam.
හිටපු අගමැතිගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලදාරීන් ගණන 10ට අඩු කරලා .මේවා කැත වැඩ
uta jeewitha tharjana naha
Be honest and lawful. Avoid all kinds of corruption. You could be a great leader in whole world
රටම බලාපොරොත්තු උනුදෙය සිදුවි ඇත. ඔබ රටට දෙයක් කරඇත.ජනතාව ඔබ සමග සිටින්නේ එකයි.නමුත් අතිතයේ ඔබෙන් සිදුවු වැරදි නිසා ඔබ ගෙදර ගියා,රට ප්‍රපාතයට ගියා.සිනාසෙන හැම එකාම තමන් සමග කියා නොසිතා බොරදියේ මාලුබාන උන්ගෙන් පරිස්සම් වන්න.එත් පලිගන්න යන්න එපා. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් ඇති.
සුබ අනාගතයක් වේවා කියල හැමෝම ප්‍රර්ථනා කරමු.
kauda keywa aluth AGAMATHI keyala mun hada gathu awa