වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි

October 13, 2021 at 10:22 pm | lanka C news
වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව යම්කිසි කාලයකට කල් දමන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතාමත් බැගෑපත් ව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉන් පසු නිවැරදි ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේ නොකළ හොත් ලොකු විනාසයක් ඇතිවෙන බවත් තමන්ට ද පාරට බහින්න බැරි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොහොර ප‍්‍රශ්නය ඉක්මනින් විසදීමට කටයුතු නොකලහොත් ජනාධිපතිතුමන් මෙන්ම රජයටද ප්‍රශ්නයක් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

කුරුණෑගල ප‍්‍රදේශයේදී මාද්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

68,334 views

15 Comments to “වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි”

  1. රිවස් says:

    යකෝ ඩොලර් නෑ පෝර ගෙන්න, උඹට තේරෙන්නේ නැද්ද ? මොන කාබනික කෘෂිකර්මයක් වත් නෙවෙයි ප්‍රශ්නේ පෝර ගෙන්න සල්ලි නෑ. තොපි එක කියන්නේ නැතුව බොරු ජාත්‍යාලයක් අරං , බුහුජාතික පෝර සමාගම් වලින් යැපෙන මාද්‍ය කියා, කියා නැටුවා දැන් තොපේ දෙරණ හා හිරු එකෙත් යන්නේ පොර ඉල්ලා අඩන ගොවියන්ගේ විලාපය. මොකද උන් දන්නවා එක පෙන්නුවේ නැත්තං දුප්පත් ගොවි පවුල් උන්ගේ නාලිකාව බලන්නේ නෑ ඒ හින්දා ටිකක් ආවට ගියාට පෙන්නනවා. ආණ්ඩුවට වකුගඩු ප්‍රශනයක් වත් රටට හොඳ වස විස අඩු කෑම දෙන්න ඕනැ කියලා අමාරුවකුත් නෑ. කොටින්ම මහඋන් කන කෑම ඔක්කොම එන්නේ රටින්. පෝර ගෙන්න ඩොලර් නැතිනිසා බොරු සීන් එකක් දැම්ම. දැන් එක කෙලවෙලා නන්ත්තාරවෙලා ඉන්නේ

  2. Power says:

    රටට මේ තරම් විනාශයක් කරපු ජනාධිපති නම් විනාශ වෙලා යන එකමයි හොද. තමුන්ලගෙත් කොන්ද නෑ. නිකං පාරක් පාරක් ගානේ දොඩව දොඩව ඉන්නෙ නැතිව ජනාධිපතිට එරෙහිව පාර්ලිමේන්තු බලය පෙන්වන්න බැලුවා නම් හොද නැද්ද. එහෙම කරලා ජනාධිපතිට තිබෙන බලතල අඩු කරලා අගමැතිවරයාට බලතල පවරලා හොඳ අගමැතිවරයෙකුත් පත් කරගෙන මේ ගැටළුවට විසදුම් හොයන්න. දැන් මේ රාජපක්රෂලාට කැඹුරුවා ඇති. දැන්වත් ඔය බැගෑපත් වීම නවත්වලා හොදින් හෝ නරකින් මේ වැඩේ ඉවර කරන්න පෙරමුණ ගන්න. ජනතාව ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක සූදානමින් ඉන්නෙ.

Leave a Comment

Main News