වහා ක‍්‍රියාත්මක නොවුනොත් කොරෝනා 03 වන රැල්ල වැළැක්විය නොහැකියි..- වසංගත විශේෂඥයන් රජයට දන්වති..

April 23, 2021 at 3:22 am | lanka C news
වහා ක‍්‍රියාත්මක නොවුනොත් කොරෝනා 03 වන රැල්ල වැළැක්විය නොහැකියි..- වසංගත විශේෂඥයන් රජයට දන්වති..

කොරෝනා තුන්වෙනි රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා මාසයක පමණ කාලයක් දැඩි නීතිරීති පනවන්නැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධනය පිළිබද ක‍්‍රියාකාරි කාර්ය සාධක සමාලෝචන කමිටුවේ දී වෛද්‍යවරුන් ඉල්ලා තිබේ.

විශේෂයෙන්ම ඉදිරි වෙසක් සමයේ දී සිදු කරන වෙසක් කලාප දන්සැල් ආදී ජනතාව ඒකරාශි වන කටයුතු වහා නතර කර දමන ලෙසත් විහාරස්ථානවලට පැමිණෙන ජනතාව සිමා කරන ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා තිබේ.

පසුගිය අලුත් අවුරුදු සමයේ දී ජනතාව සංචාරණ වැඩිවීම සහ ඒකරාශී වීම ඉහළ යාම හේතුවෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

33,793 views

6 Comments to “වහා ක‍්‍රියාත්මක නොවුනොත් කොරෝනා 03 වන රැල්ල වැළැක්විය නොහැකියි..- වසංගත විශේෂඥයන් රජයට දන්වති..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඉන්දියන් බයියාට නොදෙවෙනි සිරිලන්කා බයියා විද්‍යාව වෙනුවට මිත්‍යාව විශ්වාස කරයි.ජාතිය ආගම පෙන්නා ඕනෑම මගෝඩියෙකුට ඇන්දවිය හැක.කොරෝනාව අමතක කොට දැන් රට සුරක්ෂිතයි අපි එක ගාමින් වහසි බස් දෙඩූ කපටි දේසපාලුවන්ට රැවටී අතේ තියෙන තුට්ටු දෙක කලු කඩ කාරයින්ට පුදා කොවිඩ් නීතිරීති හෝ සුව උපදෙස් තඹේකට නොසලකා අවුරුදු කෑ බයියා දැන් ඒ වැපුරූ අස්වැන්න නෙලයි.සියල්ල කෙලෝ ගත් බයියාගේ ඉතුරු පිච්චියට කෙලීමට රාවණාගේ රෙසපි අහවල් දෙයියාගේ ඕඩර් මේවා හෙළ කියමින් නීලකාස හොරෙක් මීඩියා තක්කඩි විසින් මවනු ඇත
    අහෝ දෙවියනි බයියාට මොළයක් මවනු මැන .

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    විකුණන්න දාපු සාදික්ක මැසිම ආයි වැඩට අරන් දම්මික බාස්ව නග්ගල අරන් ගන්ජ පාරක් ගහල බුදියම් ඉන්න රාවණා ඒජන්ත ඇහැරෝල ජප මුට්ටියෙන් පසු අතුරුදන් රාජකීය වෙදැදුරා හොයාගෙන ආයි සෙල්ලමක් නටමු.එන්නත් ගෙන්නන්න විදිහකුත් නැති එකේ කොම්බු චැනලේ පාවිච්චි කරල එන්නත මාරාන්තිකයි කියල ජප කරෝමු.මේ කොරෝනා අස්සෙ පළාත් සබා චන්දෙත් තියා ගත්තොත් කොරෝනා නිසා තමා තොපිට අමාරු ඉවසලා ඉන්ට ලගදිම අපි ලෝකෙන් එක වෙනෝ කියල රවට්ටල චන්දෙත් ගොඩ දා ගත්තැකි

  3. පිංපෙට්ටි වහන්සේ says:

    නොදෝමකින් විතරක්! වස් කාලය හැරෙන්න වෙසක් කාලයේ තමයි ගාණක් කඩා ගන්න තියෙන කාලය. ඒකත් ඉවරයි වගේ. මට අළුත් කාර් වහන්සේ එකක් ගන්න එක පස්සට දාන්න වෙයි වගේ…

  4. NoCorena says:

    Ashwayo panala giyata passe isthaale wahanawa wagei!
    Awuruddata kalin seema dammanam me prashna kisiwak natha.

  5. Aurora says:

    වහා ක්‍රියාත්මක වී දේශීය වෙදකමට කොරෝනා සඳහා ප්‍රතිකාර කිරීමට ඇති සියළුම නීතිමය බාධා ඉවත් නොකලොත් මේ රටේ 3 වන කොරෝනා රැල්ල මැඩ පවත්වන්න නොහැකියි. රට විනාශ වෙනවා නියතයි, එහි සම්පුර්ණ වගකීම ඇත්තේ රජයටයි. මන්ද බුද්ධික සෞඛ්‍ය ඇමති වෙතින් කිසිම පලක් නැහැ, ජනාධිපති තුමා මේ සම්බන්ධයෙන් මැදිහත්වී නීතිමය අවහිරතා ඉවත්කර දෙන්න, දේශීය වෛද්‍යවරු තම වගකීම් ඉටුකරාවි. සෞඛ්ය් අමාත්‍යංශයයි බටහිර ඖෂධ මාෆියාවයි ඒ හා බැඳුනු සියල්ලෝම දන්නේ රට “Lock down” කරලා ව්‍යාපාර කඩාවට්ටලා, මිනිස්සු හාමත් කරලා රට විනාශ කරන්න විතරයි. රජයේ සේවකයන්ට වැටුප් ලැබුනත් අනිත් මිනිස්සු මොකද කරන්නේ. 5000/= දීල මොනවා කරන්නද?

  6. Auyrweda says:

    කොවිඩ් 1 9 වෛරසයට එරෙහි නිෂ්පාදිත සහ ආයුර්වේද සුත්ර කමිටුව මගින් අනුමත ඖෂධීය “EPIREPIES” ඔබට අම්බලන්ගොඩ අළුත්වල, ලංකාපුර වෙද මැදුරෙන්, නිට්ටබුව අලෙවිසැලෙන් සහ අනුරාධපුර අලෙවිසැලෙන් ලබා ගත හැකිය.
    Call :- 091 7914202 / 075 9874223/ 077 8580474

    COVID 19 Prevention Medicine

    “EPIREPIES” Is a Natural Herbal Medicine Containing The Extract Of Timeless Medicinal Herbs. It aids the body In curing ailments such as phlegm, dry cough , shortness of breath runny nose and pulmonary fibrosis. This natural formulation Especially Capable of Boosting The immunity system to help prevent coronavirus This herbal medicine is suitable children older people and pregnant women alike.

Main News