ව්‍යවස්ථාවෙන් පිට රාජ්‍ය බලය අල්ලන්න සූදානම්..- කුමාර ගුණරත්නම්

June 3, 2022 at 10:22 pm | lanka C news
ව්‍යවස්ථාවෙන් පිට රාජ්‍ය බලය අල්ලන්න සූදානම්..- කුමාර ගුණරත්නම්

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් වෙන් වී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවත එකට එක් වීමේ සූදානමක් පිළිබඳ කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සංවාදයක් අතරතුරය.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා අරගලය වෙනුවෙන් එකට එක්වනු දැකීම සමාජය තුළ ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ පැතුම සහ ඉල්ලීම වී ඇති බවද ඔහු පවසයි.

දේශපාලන බලය අත් කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර මත ගැටුමක් පවතින බව පෙන්වා දී ඇති ගුණරත්නම් මහතා තම පක්ෂය රටේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් ජනතා අරගලයක් හරහා බලය ලබාගැනීම පිළිබඳ විශ්වාසයෙන් පසුවන බවද මෙහිදී සඳහන් කරයි.

මේ අතර පසුගිය දා අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාව අතරතුර අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පලකල අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කුමාර් ගුණරත්නම් මහතා පවසන්නේ අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රියාත්මක නොවන සංවිධානයක් බවයි.

95,580 views

50 Comments to “ව්‍යවස්ථාවෙන් පිට රාජ්‍ය බලය අල්ලන්න සූදානම්..- කුමාර ගුණරත්නම්”

  1. Sumith says:

    ජවිපෙ මුල් කාලෙ සන්නද්ධ අංශයේ ප්‍රධානියා. එහෙම බැලුවහම ජවිපෙ ක්‍රියාකාරීන් අතින් සිදුවෙච්ච සියලුම ඝාතන වලට මෙයා වගකිවයුතු පුද්ගලයෙක්. මුංව හිස්මුදුනෙ තියාගෙන නටන පිස්සො හිටියා කියලා රටේම ජනතාව මුංව බළයට ගේන්න කටයුතු කරයි කියලනම් හිතන්නෙනෑ

  2. Chamee says:

    Anthare kiyanne kalin JVP unata den peratugaami thamayi.
    Balagena giyama mun okkoma horu malli.

Main News