ව්‍යවස්ථාව නොතකා හොර පාරේන් සංවර්ධන නිළධාරින් ගුරු සේවයට…

July 11, 2022 at 8:02 am | lanka C news
ව්‍යවස්ථාව නොතකා හොර පාරේන් සංවර්ධන නිළධාරින් ගුරු සේවයට…

2020 වර්ෂයේ දි උපාධිධාරින් 40000 ක පිරිසක් සංවර්ධන නිළධාරින් ලෙස බදවා ගත් අතර ඹවුන් ගෙන් 10000 ක පමන පිරිසක් රජයේ පාසල් වලට තාවකාලික අනුයුක්ත කර තිබේ.

මෙම සංවර්ධන නිළධාරින් 40000 පමණ පිරිස අතරින් 23000ක පිරිසක් ගුරු සේවයට බදවා ගැනිම සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2022 මාර්තු මාසයේ අයදුම්පත් කැදවා තිබේ.

ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවයේ දැනට කුමන හෝ පත්වීමක් ලද උපාධිධාරියෙක් උවද ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරිමට නම් විධිමත් තරග විභාගය සමත් වි ඉන් පසුව පවත්වන සම්මුක පරික්ෂනය සහා ප්‍රයෝගික පරික්ශනය සමත් විය යුතුය.

කෙසේඋවත් මෙම සංවර්ධන නිළධාරින් 23000 ක පමණ පිරිස තරග විභාගයක් හෝ සම්මුක පරික්ෂනය සහා ප්‍රයෝගික පරික්ශනය පැවැත්වීමකින් තොරව දේශපාලන අධිකාරියේ බලපෑම මත ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරිමේ සුදානමක් පවතින බව වාර්තා වෙයි.

තවද ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු වෟත්තියට බදවා ගැනිමේ උපරිම වයස් සීමාව අවුරුදු 35 ක් උවද මෙම සංවර්ධන නිළධාරින් ගේ වෘත්තිය සංගම් උපරිම වයස් සීමාව නොසලකා ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට බලපෑම් කර තිබෙන බවද වාර්තා වෙයි.

තවද මෙම ගැටලුකාරි තත්ත්වය නිසා දකුණු සහා මධ්‍යම පළාත් වල පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තු මගින් උපාධිධාරින් ගුරු සේවයට බදවා ගැනිම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්විමට අයදුම්පත් කැදවා විභාගයට ගාස්තු ද ලබා ගෙන පසුව විභාගය අවලංගු කිරිම නිසා නිවරදි ක්‍රමවේදයට ගුරු සේවයට පිවිසිමට අපේක්ෂාවෙන් සිටි උපාධිධාරින් රැසකට අසාධාරණයක් සිදුව තිබේ.

– චරිත් රණවක

39,646 views

9 Comments to “ව්‍යවස්ථාව නොතකා හොර පාරේන් සංවර්ධන නිළධාරින් ගුරු සේවයට…”

  1. සිස්ටම් චේන්ජ් says:

    ඉදිරියට ජනපති අගමැති හෝ කෙබිනට් එමති වරූ ඕනෙම කෙනෙක් කුමාර් ගුනරත්නම් සහොදරය ගෙ න් අහන්නෙ නෙතුව මොනව ත් කරන්න බෙහෙ හොදේ, නෙත්නම් අර අන්තරේ දඹානේ හිච්චි කොලුව දාල අරගල කරල රට වට කරන ව හොදෙ.

    නෙත්නම් ආයි ඕමල්පේ සෝබිත හිමි දාල සිස්ටම් චේන්ජ් කරනවා අපි

  2. SL says:

    ඔය බලු පඩත්තල වැඩ හින්ද තමා සාමාන්‍ය මිනිස්සුන්ට රජය ත් රාජ්‍ය සේවයත් අරහන් වෙලා තියෙන්නේ.
    කාලකන්නි .

    හැම එකාට ම රජයේ රස්සා, නැතිනම් ස්වීප් ටිකට් නැතිනම් ත්‍රී වීල් දුවන්න දීල රටේ අනිත් උන් උන්ට ඕනේ ඩොලර් ටික හොයන්න ඕනේ.

  3. David Milli-banda says:

    Stalin & Jayasinghe are short of membership. Now, they can increase their numbers through intimidation of new recruits.

  4. dias says:

    ලංකාවට සිද්දවෙන දේ ගැන කාලකන්නි සතුටක් මට තියෙනවා තව තව කෙලවෙන්ඩම ඔීනේ මොල හෝදගත්ත ගොං හරක්…

  5. Hesh says:

    රට හදන්න කතා කරනවා කියා පස්සේ දුවල ගිහින් ආන්ඩුවේ රස්සාවල් ටික බේදාගන්නවාවා. තව ටික කාලෙකින් වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්නවා. ඊට පස්සේ කියනවා හොරු රට කෑවා කියලා

  6. ලහිරු සමරකෝන් says:

    පොහොට්ටුවට කැන්වසින් ගිහින් පත්ව්ම් ගත්ත DO සෙට් එක දැන් හොර පාරෙන් ගුරු සේවයට රිංගන්න හදන්නේ.🤮

  7. Future says:

    What this bulshit decision.. no qualification for DOs to get the teaching. teaching shouild be given based on competitve exam and proper training. Dont play with our kids future. please reverse this decision…..

  8. Srinath says:

    රාජපක්ශ චෞර පාලනය 2020 දි උපාධිධාරින් බදවාගත්තේ පොහොට්ටුට කඩේ ගිය පිරිසක් පමනයි කිසිම විනිව්ධභාවයකින් තොරව.ඒ පිරිසට හොර පාරෙන් ගුරු සේවයට පිවිසිමට අවස්ථාව ලබා දිය නොහැකියි.

  9. JR says:

    දැං ඉතිං හොර පාරෙ තමයි… රටේ නීතිය බල්ලට..