ව්‍යාජ අරගලකරුන්ගේ හුලං බස්සන හැටි කියයි…

July 31, 2022 at 6:20 pm | lanka C news
ව්‍යාජ අරගලකරුන්ගේ හුලං බස්සන හැටි කියයි…

ව්‍යාජ අරගලකරුවන් සතු දේශපාලන සටන් පාඨ අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික සමුළුවකදී සැකසෙන අවම පොදු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන විට නිෂ්ක්‍රිය වී යනු ඇති බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා, ඔළුගෙඩි මාරුවකින් අටවන සර්වපාක්ෂික ආණ්ඩුවකින් ඉදිරියට යාමට සූදානම් වන්නේ නම් එය ඉතිහාසය පුරා සිදු කරනු ලැබූ වරද යළි සිදු කිරීමක් බවත් සඳහන් කළේය.

ඒ මහතා එසේ සඳහන් කළේ අද(31) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ මොහොතේ තිබෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කරගන්නවා ද? එසේ නැතහොත් තවදුරටත් රාජ්‍යය අරාජික වීමට ඉඩ හැර එය හයිටියේ, ලිබියාවේ ඉරණමට පත්වීමට ඉඩ දෙනවාද?යන බෙදීම් දෙක බවත් එහිදී සෑමවිටම රාජ්‍යයේ ස්ථාවරය අන් සියල්ලටම ඉහළින් තබා කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණ මෙවර හදිසි නීති විවාදයේ දී ඊට පක්ෂව කටයුතු කළ බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍යයේ ස්ථාවරත්වය රැක ගනිමින්, පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳ සංවාදයක් මුළුමහත් රටම ඉල්ලා සිටියදී එම අර්බුදය තම අවස්ථාවාදී වුවමනා වෙනුවෙන් යොදා ගැනීමට ඇතැම් ‘දේශපාලන රංචු’ කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද මොහොමඩ් මුසම්මිල් මහතා පැවැසීය. ජනතාව බලාපොරොත්තු වන්නේ තෙල්, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යෑම වැනි තම ප්‍රශ්න පුනරුච්චාරණය කරන දේශපාලනඥයන් වෙනුවට ඒවාට පිළිතුරු සැපයිය හැකි පිරිසක් බවත් එහෙයින් ජාතික නිදහස් පෙරමුණ මේ මොහොතේ සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් බැහැරට ගොස් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගනිමින්, නිශ්චිත කාල රාමුවක් තුළ එය සමනය කරගැනීමට අදාළ යෝජනාවලියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම යෝජනාවලියට, ‘සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එමගින් සම්මත කරනු ලබන වැඩපිළිවෙළ සහ මාර්ග සිතියම හෙවත් අවම පොදු එකඟතාව ජනගත කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකුලව ජනවරම සහිත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවලට ආරාධනා කිරීම මගින් ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා 12ක් ඇතුළත් බව ඒ මහතා කීය. එසේම අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉහත සර්වපාක්ෂික සමුළුව මගින් සැලකිල්ලට ගත යුතු බවට ජාතික නිදහස් පෙරමුණ විසින් නිර්දේශ කරනු ලබන යෝජනා 10ක් ද ඊට ඇතුළත් බව ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් කීය.

ඒ අනුව, පීඩාවට පත් වන අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සඳහා විශේෂිත අරමුදලක් පිහිටුවීම සහ කළමනාකරණ ක්‍රියාවලිය සඳහා සම්ප්‍රදායානුකූල පරිපාලන ක්‍රමවේදයෙන් බැහැරව විශේෂිත කාර්යක්ෂම යාන්ත්‍රණයක් පිහිටුවීම, 2017 විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු මුදල් වෙළඳපොළ පාලනය කිරීම සහ විනිමය පාලනය විධිමත් කිරීම.(ඊට අදාළව එම පනත අහෝසි කොට 1953 මුල් පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම වඩා සුදුසු විය හැක), විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා සුවිශේෂී දිරිගැන්වීම් පැකේජයක් හඳුන්වා දීම සහ එම ක්‍රියාවලිය කළමනාකරණය සඳහා මහ බැංකුව මගින් විශේෂිත යාන්ත්‍රණයක් පිහිටුවීම, කර්මාන්තකරුවන් ණය අර්බුදයෙන් ගොඩගැනීම සහ සුළු නිෂ්පාදකයින් ක්‍ෂුද්‍රමූල්‍ය වහල්භාවයෙන් ගලවා ගැනීම මගින් නිෂ්පාදන පද්ධතියට ජවය ලබා දීම සඳහා විශේෂිත ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා බහුපාර්ශ්වීය කාර්ය සාධක බලකායක් පිහිටුවීම, දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් තෝරාගත් නිෂ්පාදනවලට අදාළව තරගකාරී ආනයනික නිෂ්පාදන අධෛර්යවත් කිරීම සඳහා විශේෂිත පරිභෝජන බදු පැනවීම සහ ඊට අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය ලැයිස්තුව, බදු ප්‍රමාණයන් ප්‍රසිද්ධ කිරීම, එමෙන්ම එම නව බදු අඩු ආදායම්ලාභීන්ගේ සුබසාධනය සඳහා පිහිටුවනු ලබන අරමුදලට සහ නිෂ්පාදකයාට දිරිගැන්වීම් ලබාදීම සඳහා පමණක් විනිවිදභාවයෙන් යුතුව යොදා ගැනීම පිළිබඳ සහතිකයක් ලබාදීම, ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය කිරීමේදී බොරතෙල් නිෂ්පාදනය කරන සහ ලෝක වෙළඳපොළේ අඩුම මිලට ඒවා සපයන රුසියාව සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වහාම ආරම්භ කිරීම සහ ගිවිසුම්වලට එළැඹීම, එසේම අඩු මිලට බොරතෙල් සැපයීමේ කොන්දේසියට යටත්ව ඛනිජ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම් මගින් රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල පාලනය නැවත පැනවීම සහ එම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් විශේෂිත යාන්ත්‍රණයක් සකස් කිරීම, එසේම ස.තො.ස. ආයතනය මගින් දේශීය තොග මිලදී ගැනීම, ආනයනය කිරීම, තොග බෙදාහැරීම, ආරක්ෂණ තොග පවත්වාගෙන යාම සහ අඩු ආදායම්ලාභීන් සඳහා ආහාර සලාක බෙදාහැරීම යන කර්තව්‍යයන් ඉටුකර ගැනීම සඳහා වහාම එම ආයතනය නැවත ස්ථානගත කිරීම, ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කිරීම සහ ඊට අදාළව සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන්ම බිම් මට්ටමේ නිලධාරීන්ගේ, පළාත් පාලන ආයතනවල, පාසල්, ආගමික ස්ථාන, ගොවි සංවිධාන, වෙනත් පරිසර සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ආරක්ෂක හමුදාවල කාර්යභාරය නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ගේ වගකීම පිළිබඳ අධීක්ෂණය සහ පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කාර්ය සාධක බලඇණි පිහිටුවීම සහ ඒවාට අරගලයට දායක වූ පාර්ශ්වවල නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව සැලසීම, එරෝෆ්ලොට් සිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා ආශ්‍රිතව අර්බුදයට ලක් කිරීම සඳහා සිදුවී ඇතැයි විශ්වාස කරන වෙනත් සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂිත කොමිසමක් පත් කිරීම, එසේම 2015 සිට මේ දක්වා මහබැංකුව විසින් ගනු ලැබූ තීන්දු මගින් ආර්ථික අර්බුදයට දැක්වූ දායකත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම. ඊට අමතරව රාජපක්ෂවරුන්ගේ හොරකම් නිසා ආර්ථික අර්බුදය ඇති වූ බවට පවතින සමාජ මතය පිළිබඳව සත්‍ය සොයාබැලීම, අර්බුදය විසඳීමට අමතරව මහජන සහාය ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් වන බැවින් ඊට අදාළව චෝදනා ඉදිරිපත් කරන සියලු පාර්ශවවලට තම චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම, සියලුම ජාත්‍යන්තර ආයෝජන, වෙළෙඳ හෝ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සහ අදාළ සාකච්ඡා ක්‍රියාවලිය මෙන්ම ඊට සහභාගී වන පුද්ගලයින් පිළිබඳව සහ ඔවුන්ගේ නිර්දේශ එළිදරව් කිරීම, එසේම රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම් හැර සෙසු සියලුම ආයෝජන ව්‍යාපෘති සඳහා තරගකාරී ලංසු කැඳවන බවට ප්‍රතිඥාවක් ලබාදීම යන නිර්දේශ යෝජනා ඉදිරිපත් කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ද අර්බුදය හමුවේ තවදුරටත් ජනතාවට මියයාමට ඉඩ නොදී, තමන්ට ජනවරමක් ලැබෙන තෙක් කල්මරමින් නොසිට, තම විසඳුම් යෝජනා ද මේ මොහොතේ රට හමුවේ තබනු ඇති බවට ඒ මහතා තම විශ්වාසය පළ කළේය. සරත් ෆොන්සේකා මහතා පවතින ආණ්ඩුව ගෙදර යැවීමට තරුණයන්ට ඇරයුම් කරන්නේ ඉන් පසුව කවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටදැයි ඔහුගෙන් ප්‍රශ්න කර සිටින බවත් ව්‍යාජ අරගලකරුවන් සතු දේශපාලන සටන් පාඨ අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික සමුළුවකදී සැකසෙන අවම පොදු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන විට නිෂ්ක්‍රිය වී යනු ඇති බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

31,748 views

6 Comments to “ව්‍යාජ අරගලකරුන්ගේ හුලං බස්සන හැටි කියයි…”

  1. janaka says:

    ඉස්සරලා රනිල් ඇමරිකන් රුකඩයක් කියලා ලි ක්වාන් යු යි මහතිර් මොහොමඩ් කියලා ඩබලක් ගෙනත් මිනිස්සු ඇන්දුවා. ඊ ලගටමහජන අප්‍රසාදය එද්දි බැසිල් ඇමරිකන් ඔත්තුකාරයෙක් කියලා ලි ක්වන් යු ව අනාත කරලා පැනලා ගියා. දැන් ඇමරිකන් ඉත්තො කියලා කලින් කියුව රනිල් බැසිල් දෙන්නම ඉන්න ආන්ඩුවට විරුද්ද අරගලකාරයො ඇමරිකන් ඉත්තො කියලා මගේ රාජ්‍ය උන්ගෙන් බේරාගන්න කියලා බයිලයක් ගහලා ඇමතිකට්ටකට පනින්න බලන්නෙ. ශුවර් එකට විමලයට ඇමති කට්ට හම්බවුනේ නැති උනාම ආපහු රනිල් ඇමරිකන් ඉත්තෙක් කියලා කියනවා. මේ වගේ රට තක්කඩියන්ට රැවටෙන හරක් තාමත් ඉන්නවනේ.

  2. Angora says:

    Pohottuwa pissek!
    Rate thathway no danna babbu – patta horu.
    22m is struggling to live – jeevana aragalayaka ..it is the truth not false you idiot .

  3. සිරිල් ගාමිණී says:

    ඉතා හොඳ විග්‍රහයක්!

  4. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    දැන් සමනළ රෑනට මේගොල්ලන් සෙට් වෙලා තියෙන්නේ .

  5. Rocky says:

    Ja.Ni.Pe. Sakkili tharam jaraa ballo wagayak kawadaa wath Paarlimenthuwata awith nehe. Weera Sakkiliya wagema me Thabiyaath wal Oorek !!

  6. Ruoamal says:

    තොපි තමයි රට විනාෂ කරේ.තවත් පවු නොදී පැත්තකට වෙලා හිටු