ව්‍යවස්ථාදායක සභාව නිසා අද රටම කඩා වැටිලා..

February 15, 2019 at 8:40 am | lanka C news
ව්‍යවස්ථාදායක සභාව නිසා අද රටම කඩා වැටිලා..

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කිරීමක් නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

වර්ථමානයේ රට තුළ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම පිළිබඳව විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

– රොහාන් වැලිවිට

174 views