නව ව්‍යවස්ථාවට පක්‍ෂ දේශද්‍රෝහීන් උල තබා මරා දැමිය යුතුයි..- ඒකාබද්දයේ කැදවුම්කරුත් කියයි..

October 26, 2017 at 2:10 pm | lanka C news
නව ව්‍යවස්ථාවට පක්‍ෂ දේශද්‍රෝහීන් උල තබා මරා දැමිය යුතුයි..- ඒකාබද්දයේ කැදවුම්කරුත් කියයි..

රට බෙදන ව්‍යවස්ථාවකට සහාය දෙන දේශද්‍රෝහීන් සියලුදෙනා රජ කාලයේ මෙන් උල තැබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

වසර තිහක ත්‍රස්තවාදයෙන් පරාජය කර බිහිකළ ඒකීය ශ්‍රී ලංකාව දේශද්‍රෝහීන්ට වුවමනා ආකාරයට බෙදන්නට ඉඩ තැබිය නොහැකි බව අවධාරණය කළ රණතුංග මහතා රට බෙදන ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ජනතාව සමඟ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සටන් වදින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මහාධිකරණය හමුවේ ඊයේ (26) පෙනී සිටීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මෙම ව්‍යවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතුයැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහූ මෙහිදී රණතුංග මහතාගෙන් ප්‍රශ්න කළහ.

රණතුංග මහතා ඊට පිළිතුරු වශයෙන් කීවේ “විමල් මන්ත්‍රිතුමා ඒ කතාව කිව්වේ රටටම හොරෙන් සම්මත කරගන්න යන මේ ව්‍යවස්ථාව ගැන රට තුළ සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන්. ආණ්ඩුව මෙම ව්‍යවස්ථාව ගැන මොනවා කිව්වත් ඇත්තටම ආණ්ඩුව කරන්න යන්නේ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් රටම පාවාදීමක්

ආණ්ඩුව හදන්නේ කොළේ වහලා ගහන්න. විමල් මන්ත්‍රීතුමාට ඕනෑ වුණේ මේ කොළේ වහලා ගහන එක ජනතාව අතර සංවාදයකට ලක්කරන්නයි. අද එතුමාගේ අදහස ඉෂ්ඨ වෙලා ‍තිබෙනවා. රට බෙදන ව්‍යවස්ථාව ගැන අලුත් කතාබහක් ඇති කරන්නට එතුමාගේ කතාව සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒකට සහාය දෙන ආණ්ඩුවේ කුක්කෝ රැල ඒ කතාවට කලබල වෙලා තිබෙන බවකුත් පේනවා

මමත් කියන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න හදන, ඒකට සහයෝගය දෙන අයට දිය යුතු එකම දඬුවම තමයි උල තැබීම කියලා. මොකද එදා රජ කාලේ ‍දේශද්‍රෝහීන්ට දීපු එකම දඬුවම උල තැබීමයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීලා රට බෙදන්න උල්පන්දම් දෙන හොරිකඩයන්ටත් උල තැබීම හැර වෙන දෙන්න දඬුවමක් නැහ

මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරලා ඒකීය රටක් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. ඒ නිසා මේ රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරලා රට යළිත් වරක් බෙදුම්වාදීන්ගෙන් ආරක්ෂා කිරීමේ හැකියාව තිබෙන්නෙත් එතුමාටම පමණයි. මේ ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ජනතාව එකතු කරගෙන දිවිහිමියෙන් සටන් කරන්න අපි සූදානම්

මම දැක්කා කමල් ගුණරත්න මහත්තයාගේ කතාවකුත් අල්ලගෙන ආණ්ඩුව ලොකූ මඩ ප්‍රචාරයක් ගෙනියනවා. එතුමා කිව්වෙත් රට බෙදන්න යන අයට කරන්න ඕනේ දෙයයි. මට තේරෙන්නේ නැහැ දයාසිරිලාට මංගලලාට  එහෙම ඒකට ගොඩක් රිදිලා තියෙන්නේ ඇයි කියලා. සමහරවිට එතුමාලගේ හිත දන්නවා ඇති එයාලා මේ පෙනී ඉන්නේ රට බෙදන ව්‍යවස්ථා‍වක් වෙනුවෙන් කියලා. ඒ හින්දා හිත රිදුණද දන්නේ නැහැ”

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වන ලෙස දන්වා ලිපි යැවීමට පක්ෂය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීහූ මෙහිදී ප්‍රශ්න කළහ.

මට නම් තවම එහෙම ලියුමක් ඇවිත් නැහැ. එහෙම ලියුමක් ආවත් අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් රැස්වෙලා සාකච්ඡා කරලා කණ්ඩායමක් විදියට තමයි තීන්දුවක් ගන්නේ. මොකද 2015 අගෝස්තු මාසේ පැවැති මහ මැතිවරණයේ දී අපි මේ අයගේ උගුලට අහුවුණා. අපි නැවත වරක් රැවටෙන්න සූදානම් නැහැ.

පක්ෂය පෙන්නලා අපිව ගෙන්න ගෙන මහ මැතිවරණය ඉවර වුණාට පස්සේ අපේ සංවිධායකකමුත් අයින් කරලා එළවලා දැම්මා. රෑ වැටිච්ච වළේ දවල් වැටෙන්න අපි සූදානම් නැහැ. පක්ෂයේ නායකයන්ට අපිව මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වුණාමයි. ලොකු පම්පෝරි ගැහුවට අද නායකයෝ දන්නවා රටේ ජනමතය මොකක්ද කියලා. ඒක තමයි මේ අය අලුත් අඩව්වක් අල්ලන්න ලැහැස්ති වෙලා තියෙන්නේ

මගේ මතය නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඉස්සර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඊට පස්සේ අපිට පුළුවන් එක තැනකට ඇවිත් කතා කරන්න. එහෙම නැතුව එක පැත්තකින් සිරිකොතේ හිරිකිතයක් නැතුව වළං හෝදන ගමන් අපි එක්ක සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ. එහෙම වුණොත් ගමේ ඉන්න සැබෑ ශ්‍රී ලංකාකාරයෝ අපිටත් ඉලපත අතට ගනියි”

– ප‍්‍රදීප් අනුර කුමාර

10 views

7 Comments to “නව ව්‍යවස්ථාවට පක්‍ෂ දේශද්‍රෝහීන් උල තබා මරා දැමිය යුතුයි..- ඒකාබද්දයේ කැදවුම්කරුත් කියයි..”

  1. Saradiel says:

    …පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාට අපෙන් මල් මිටක්
    රට බෙදන ව්‍යවස්ථාවකට සහාය දෙන දේශද්‍රෝහීන් සියලුදෙනා රජ කාලයේ මෙන් උල තියලා මදි මුන්ව
    ඇත්තෙන්ම රට බෙදන ව්‍යවස්ථාවකට සහාය දෙන දේශද්‍රෝහීන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකර අපේ රටින් පිටුවහල් කල යුතුයි
    ලෝකයේ කිසිම රටක ජනතාවක් තමන්ගේ මව් බිම සුලුජාතින් ට බෙදා දීමට සහය පල නොකරයි ..අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටන සමහරු මෝඩයෝ අවස්ථාවාදීන්

  2. Jonaa'S Brother says:

    එහේම නොවෙයි ,වීරෝදාහර විරුවෙක් දමලා එක දිගට ගිණි බටයකින් ගිණි පිඹමු

  3. Piyasiri Wijenayaka says:

    එහේම නොවෙයි ,වීරෝදාහර විරුවෙක් දමලා එක දිගට ගිණි බටයකින් ගිණි පිඹමු

  4. NAK says:

    Death is the universally established punishment for treason.

  5. Engalthina says:

    A very logical statement!

  6. W.Milton says:

    Once in 1966 Mao said during the Great Cultural Revolution in publically that ” Bombard Bourgeois Headquarters” that does not mean bombing any building.

    It has political meaning.
    It has not said killed relevant persons ,but said removed people who against working public interest?

  7. Rohitha says:

    ganmala,gasala, nirala me okkoma jeewithetama ulathiya thiya hitapu kattiya. oka loku danduwamak nowei

Main News