ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය අමාත්‍ය මණ්ඩලය විසින් ඉතිහාසයේ පලමුවරට බාලදු කරයි…

March 12, 2017 at 3:50 pm | lanka C news
ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය අමාත්‍ය මණ්ඩලය විසින් ඉතිහාසයේ පලමුවරට බාලදු කරයි…

වසර 2500 ක් පැරණි ඉතිහාසයක් ඇති ශ්‍රීලංකාවේ බෞද්ධාගම සෑමවිටම පාලකයින් විසින් ප්‍රමුඛස්ථානය දී කටයුතු කලහ. 1815 දි මහනුවර රාජධානිය ඉංග්‍රීසින්ට විසින් යටත් කොට ගත් වුවද ශ්‍රී දළදා මාලිගාව ඇතුළු අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් ට අවශ්‍ය ඉහළම ගරුත්වය හා සැලකිල්ල ලබාදීමට කටයුතු කල අතර සුදු පාලකයින් විසින් නිරන්තරයෙන්ම බෞද්ධාගම අවශ්‍ය පහසුකම් එකල අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් මහා නායක හිමිවරුන් හරහා ලබාදීමට කටයුතු කලහ.

එහෙත් පසුගිය දා මල්වතු පාර්ශවයන් සහ අස්ගිරි පාර්ශවයයේ මහා නාහිමිපාණන් වහන්සේලා ඇතුලු ප්‍රධාන නාහිමියන් සඳහා ඇනවුම් කිරිමට නියමිතය තිබු වාහන සඳහා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඔහුද අපහසුතාවයට පත් කරමින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනට ඇති වාහනය ප්‍රමාණවත් යයි පවසා ප්‍රතිකේෂ්ප කල බව සතින් අන්ත පුවත් පත් වාර්තා කරයි.

මෙහිදී විශේෂත්වය වනුයේ නාහිමිපාණන් සඳහා වාහන ලබාදිමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතිකේෂ්ප කරමින් රජයේ අමාත්‍යවරුන් සහ නියොජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා මේසා විශාල වාහන සංඛ්‍යාවක් තිබියදි තවත් කෝටි ගනනක වාහන මිලදි ගැනිමට පසුගිය සතියේදී අනුමැතිය ලබා දිමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය නොසලකා එය සුරකින ජාතියේ මුර දේවතාවන් වන ගරුතර නාහිමිපාණන්ගේ අවශ්‍යතාවයන් නොසලකා හැරිම සහ දෙවෙනි කොට සැලකීමයි මෙන්ම උන්වහන්සේලා අපහසුතාවයට පත්කරමින් මෙවෙනි අමාත්‍ය මණ්ඩල යෝජනා ඉදිරිපත් කොට අන්‍යාගමිකයයින් ගේ සමච්චලයට ලක් කිරීම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි ආණ්ඩුක්‍රමයක් ඇති රටක සුදුසු ද යන්න බෞද්ධ ජනතාව විමතිය පල කරයි.

අමාත්‍යවරුන් සඳහා මේ අවුරුද්දේ වෙන් කල මුදල් මෙතනින්

30 views

14 Comments to “ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය අමාත්‍ය මණ්ඩලය විසින් ඉතිහාසයේ පලමුවරට බාලදු කරයි…”

  1. චන්දා says:

    ආණ්ඩුවක් උනත් පාන්ඩුවක් උනත් දැන් බලයේ ඉන්නේ ලක් වැසි බහුතර ජන කැමැත්තෙන් බලයට පත් කරපු නඩයකි. ඒවා මේවා කියමින් මොක්කු බෙරිහන් දුන්නත් දැන් ඇති වැඩක් තිබේද ?

Main News