ව්‍යවස්ථාව ගේනවා.. ජනමත විචාරණයක් එනවා..- ශ්රීලනිපය විරුද්ද වෙද්දී මංගල ලෝකයට කියයි..
February 28, 2017 at 6:48 pm | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කර ජනමත විචාරණයක් සදහා යොමු කරන බව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා පවසයි.
එමගින් ඒ සදහා වූ ජනතා කැමැත්තද නිරූපනය වනු ඇති බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සමුළුව අමතමිනි.
ශ්‍රී ලංකාවේ සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝණය වීම්වලින් පීඩාවට පත් අයට යුක්තිය ලබාදීමටත් ජාතික සංහිඳියාව ඇතිකිරීමටත් රජයේ අධිෂ්ඨානය වෙනස් වී නැතැයිද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සිය මතය නිල වශයෙන් දන්වා ඇත්තේ නව ව්‍යවස්ථාවක් නොව ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ආ යුතු බවත් ජන මත විචාරණයකට එකග නොවන බවත්ය.