ව්‍යවස්ථාව වෙනස් කර පළාත් සභා මැතිවරණ වසර දෙකහමාරකින් කල් දමයි..ලංකාවේ මැතිවරණ නැති රාජාණ්ඩු පාලනයක්..

May 19, 2017 at 5:30 pm | lanka C news
ව්‍යවස්ථාව වෙනස් කර පළාත් සභා මැතිවරණ වසර දෙකහමාරකින් කල් දමයි..ලංකාවේ මැතිවරණ නැති රාජාණ්ඩු පාලනයක්..

උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාල නිල කාලය සැප්තැම්බර් මාසයේ නිල කාලය අවසන් වුවත් පළාත් සභා පනත සංශෝධනය කර එම මැතිවරණ 2019 සැප්තැම්බර් දක්‌වා කල් දමා සියළු පළාත් වල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ.

ව්‍යවස්තාවේ 17 වන වගන්තිය සංශොධනය කරමින් මේ සදහා කටයුතු කරන බවට පක්‍ෂයේ ප‍්‍රබලයින් කියුවේ යයි උතුරුමැද පළාත් ප්‍රවාහන, ක්‍රීඩා, සමුපකාර හා ආහාර නව ඇමැති සුසිල් ගුණරත්න මහතා සදහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ වලද පළාත් සභා මැතිවරණ එකම දිනක පවත්වන බවට පොරොන්දුවක් දී ඇතැයිද ඔහු පැවසීය.

ව්‍යවස්ථාව වෙනස් කර පළාත් සභා ඡුන්දය කල් දැමීමට අවදානය යොමු කර ඇති බව උතුරු මැද පළාත් මහ ඇමති පේෂළ ජයරත්න මහතාද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙකුගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ දැන් ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින්ම අහෝසි කරමින් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන රාජාණ්ඩු පාලනයක් දක්වා ආපසු ගමන් කර ඇති බවයි.

62 views
Main News