ව්‍යවස්ථා කෙටුම්පත මං ඇහැටවත් දැක්කෙ නෑ..- ජනාධිපති
September 29, 2017 at 10:50 pm | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව තමන් අතට තවම ලැබී නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කෙසේ වෙතත් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් තමන් ඒ ගැන විමසූ බවත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයෙන් බැහැර ආකාරයේ ව්‍යවස්ථාවක් කිසිසේත්ම ඉදිරිපත් නොකරන බව ඔහු සහතික කල බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.
අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපිවරයා මේ අදහස් පල කලේය.
කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමක් හෝ ඒ පිළිබද මූලික අදහසක්වත් නැතැයි ජනාධිපතිවරයා පසුගිය ජූලි 06 වැනිදා මහ නාහිමිවරුන් සමග පැවසූ බව මාධ්‍ය වාර්තා පල විය. Link
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව මෙම කෙටුම්පත සකසා ඇත්තේ මාස දෙකකට අඩු කාලයකින් විය යුතුය.