ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ පිරෙන්නෙ නෑ.. අපි ආවෙ සංශා්ධන කර කර ඉන්න නොවෙයි..- විමල්ගෙන් තවත් ප‍්‍රහාර

September 14, 2020 at 12:02 am | lanka C news
ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ පිරෙන්නෙ නෑ.. අපි ආවෙ සංශා්ධන කර කර ඉන්න නොවෙයි..- විමල්ගෙන් තවත් ප‍්‍රහාර

කමිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තමන් ඇතුළු පක්ෂ නායකයන්, තම කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පෙන්වාදුන්, දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුව පත් කළ බවත් එය හෙට (15) දිනයේ රැස්වී සමාලෝචන කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විමල් වීරවංශ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මහ මැතිවරණයේදී තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පක්ෂ ක්‍රියාකාරීන්ට තුති පිදීම සඳහා ඊයේ (12) අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්”

“ලැබී ඇත්තේ සුජාත ජනවරමක්. එමගින් ජනතා අපේක්ෂාවන් ඉටුකළ හැකියි. ඒ නිසා තමයි ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය පාලනයට සිදුකර ඇති අකුල් හෙළීම් ඉවත් කරන්න, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ. නමුත් අපේ නම් අදහස වුණේ එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වෙනුවට කඩිනමින් පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිවර්තනයකට යා යුතු බවයි. ඒ කියන්නේ නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය යුතු බවයි. මේ රට බලගන්වන, රටවැසි අයිතිවාසිකම් බලගන්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උවමනා බවයි.

“රටවැසි අයිතිවාසිකම් බලගැන්වීම’‘

නිදසුනක් ලෙස යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර සති දෙකක් ඇතුළත අධිකරණ හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම රටවැසියකුට හැකියාව තිබෙනවා. එලෙස අධිකරණ හමුවට යා හැක්කේ ඒ හදන්න සූදානම් වන නීතියෙන් රටට හෝ තමන්ට අගතියක් වන බව හැඟී යනවා තමයි. නමුත් ඒ පනත් කෙටුම්පත සම්මත කළාට පසුව කිසිදු රටවැසියකුට අධිකරණය හමුවේ එය අභියෝගයක් ලක් කරන්න බැහැ.

නමුත් ඇතැම් රටවල මාසයක පමණ කාලයක් දෙනවා එම සම්මත කළ නීතියේ යම් අඩුපාඩුවක් ඇතොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යාමට. පසුගිය යහපාලන ආණ්ඩුව කාරක සභා අවස්ථාවේදී තමයි යම් පනත් කෙටුම්පතකට අලුත්ම සංශෝධන ගෙන ආවේ. එහෙම වුණාම ඒ සංශෝධනවලට එරෙහිව කිසිවකුට අධිකරණය හමුවට යාමේ අවස්ථාව අහිමි වෙනවා. රටවැසි අයිතිවාසිකම් බලගන්වනවා කියන්නේ සම්මත කළ පනතකට එරෙහිව වුවත් එහි වරදක් ඇතොත් අධිකරණයට හමුවට යාමේ අවස්ථාව ලබාදීමයි. ඒ විදිහට රටවැසියා, රාජ්‍යය බලගන්වන, රාජ්‍ය පාලනය පහසු කරවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ආ යුතුයි කියන මතයේයි අපි ඉන්නේ.

“20 වැනි සංශෝධනයේ අඩුපාඩු ’‘

ජනාධිපතිතුමන් දැනටමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අතරේ තමයි මේ ටික කාලයකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන එන්නේ. එසේ රැගෙන ආ 20 වැනි සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු අද අපේ කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම පෙන්වා දී තිබෙනවා. අග්‍රාමාත්‍යතුමන් ඒවාට ඇහුම්කම් දීලා, ඒ 20 වැනි සංශෝධනයේ අඩුපාඩුකම් මොනවාද කියා හඳුනාගෙන, ඒවා නිවැරදි කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ මමත් සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන එනවා නම්, පොදු ජනතාව බලාපොරොත්තු වන යහපත් අංග, රටට හිතකර අංග රැකගෙන එම සංශෝධනය ඉදිරිපත් කරන්න. අප ඒ කමිටුවේ නිර්දේශ කඩිනමින් ජනාධිපතිතුමා හා අගමැතිතුමන් වෙත ලබාදීමට සූදානම්. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවේවි.”

මෙම ජනහමුවට ජානිපෙ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්දන ලියනගේ, සරත් කළුපහන, තමරා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්

ගැසට් කොට ඇති කෙටුම්පත ගැන අවිස්සාවේල්ල ජන හමුවේදී අමාත්‍ය විමල් වීරවංශ කියූ කථාව (2020.09.13)

‘‘ගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හදුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේනතුවට ඉදිරිපත් කරනවා’’- අගමැති පත් කළ කමිටුවේ සාමාජික කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශඅවිස්සාවේල්ල ජන හමුව (2020.09.13)YouTube – https://youtu.be/0fmo-ITWAS4#WimalWeerawansa #WW_Media #SriLankaParliament

Gepostet von Wimal weerawansa am Sonntag, 13. September 2020

54,030 views

12 Comments to “ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ පිරෙන්නෙ නෑ.. අපි ආවෙ සංශා්ධන කර කර ඉන්න නොවෙයි..- විමල්ගෙන් තවත් ප‍්‍රහාර”

  1. ජයන්ත says:

    රට ගොඩ නැගීමට රණවිරුවන් සිටි.

    ඔබ වැනි මයික් පාලලා අවශය වන්නේ, චන්ද කාලෙට වේදිකාවල පාලු කැපීමට පමණි.

    එනිසා දැන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න. ඔබට කොරන්න සුදුසුකම් ඇති භූමිකාවක් දැනට නැත.

    ඊළඟ චන්දයේ වේදිකාවේදී මුණ ගැසෙමු….!!!

    • ඇම්ඩා says:

      2015 දී කුමන්ත්‍රණකරුවන් විසින් 19ය ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 70වන ව්‍යවස්ථාව ජනමතවිචාරණයට නොගොස් ඊනියා සම්මතයක් කරගෙන ඇත. මෙයට සම්බන්ධව නීතිඥ යුවන්ජන් විජේතිලක(2015 නීතිපති), වැලිඅමුණ, ජයම්පති වික්‍රමරත්න, පාක්‍යසෝතී, තිලක් මාරපන, සුමන්තිරන් වහා අත්අඩංගුවට ගනිව්…බොරු කයිවාරු නතර කරව්..ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පෙළඹවීම මත කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගනු.

  2. Nandasoma Suriyaarachchi says:

    ව්‍යවස්ථා සං‍ෙශා්ධන වලින් බඩ පි‍‍ ‍ෙරන්‍ෙන නැහැ තමයි……!
    එත් රට ඉදිරියට ‍ෙගන යන්න නම් ව්‍යවස්ථා සං‍ෙශා්ධනය අනිවාර්යයි…..!!

    ජනතාවට සහන ලබා දීම ‍ෙක‍ෙරහි ප්‍රමුඛතාවයක් ‍ෙදන අත‍ ‍ෙර්ම රට ස්ථාවරව ඉදිරියට ‍ෙගන යාමට කටයුතු කළ යුතුයි…..!!!

  3. Amaris says:

    මේ 20 සංශෝධනයේදී විමල් වගේ අය බ්ලන්නේ තම සුලු පක්ශවලට වන හානියත් පුද්ගලිකව දේශපාලන වසයෙන් තමන්ට වන පාඩුව ගැන පමනයි. එක එක පුද්ගලයින්ගේ රුචි අරුචි කම් අනුව ව්‍යස්තා සංශෝධන කරන්ඩ බෑ .සමස්තයක් වශයෙන් ලංකාව වගේ රටක් සංවර්ධනය කිරීමට අනිවර් යෙන්ම විධායක බලය සහිත ජනාධිපති දූරයක් අව්ස්‍ය යයි. ඉතිහාසයේ මේ රට වාර්තාගත වේගයකින් සංවර්ධනය උනේ 77 න් පසු ජේ ආර් යුගයේ. ඒ වාගේ කඩිනම් ආර්තික වර්ධනයක් ලෝකෙ කිසිම රටක වෙලා නෑ. ඔහු වැඩකලේ මැති ඇමතිලාගේ අස්වීම් ලිපි සාක්කුවේ දමා ගෙන. ඇමති මංඩලය පත්කලේ සුදුසුකම් බලල තම හිතවතුන්ට හොදම් ඇමතිකම් දීල රිසිසේ හොරා කන්ඩ ඉඩ දුන්නේ නෑ .මහජන මුදල් සතයක්වත් වංචා කලේ නෑ. ඔහුට අයත් දේපල පවා රජයට පරිත්‍යග කලා .ඔහු TV බෞද්ධයෙක් නොව වචනයේ පරිසමප්තියෙන්ම පන්සිල් රැකපු සැදැහැවත් බෞද්ධයෙක් .මේ රටට දැන් අවස්‍ය එවැනි පාලකයෙක් . වර්තමාන ජනපතිගෙන් එවන් පාලනයක් බලාපොරොත්තු උනත් හොරකමට පුරුදු උන තක්කඩි දේශපාලුවෝ එයට ඉඩ දෙන්නේ නෑ .

    • අනේ අනිච්චං says:

      “….වචනයේ පරිසමප්තියෙන්ම පන්සිල් රැකපු සැදැහැවත් බෞද්ධයෙක්”
      හැබැයි හැමදාම හැන්දෑවට බ්‍රැන්ඩි අඩියක් ගැහුවා කියල කිව්වෙ එතුමාමයි.

  4. මාරසිිංහ says:

    යකෝ මේවා පැත්තක තියලා පැලවෙන්නේ නැති, අස්වැන්න හරියට දෙන්නේ නැති බීජ විකුණන සහ ගෙන්වන එවුන් අල්ලපල්ලා

  5. යුතුකම says:

    19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ ක්‍රියාන්විතයේ නව මෙහෙයුම, ඊනියා 20 වෙනුවට ඊනියා අලුත් 20ක් ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරවීමට ජනතාව පෙළඹවීමද?)

  6. Patriot says:

    meyage boru pada show….🤣

  7. chaminda says:

    Dear Sir, If possible, Do to allow Dual citizenship holders to enter into Sri Lankan politics. Continue the same clause as in amendment 19.

  8. Sun says:

    This is a democratic country but people do not know what the freedom is. They following the bending neck policy rather than following the principles. People do not know where they are going and what to do.

  9. Makal says:

    විමල්ගෙ කතාවත් හරි. බලය ලැබිලා තියෙද්දි අන්ඩ දාන්න ඕන්නෑ, එකවර සැලසුම් කරලා වෙනස් කලහැකියි. කෑලි අලවන්න ගියාම ඇතුලෙන්ම ප්‍රශ්න එන එක සාධාරණයි. කලින් මහින්දට 3න්2 ලැබිලා තියෙද්දි මොකුත් කලේ නෑ. දැන් මේ කරුනු වලට විතරක් හදිසි වෙන්න දෙයක් නෑ.

  10. අපේ රට says:

    මේ සදහා 1972 “සිරිමාවෝ මැතිනිය” ගේ නායකත්වයෙන් සැදු “ජනරජ විවස්ථාව” පාදක කරගන්න. මොකද එයට එදා සියලු රටවැසියම කැමතිවු බැවිනි. යාපනයේ ගොවියා එදා “මිරිස් මාල” වලින් දකුනේ නායකයන් පිලිගත්තේ මෙම විවස්ථාවෙන් ක්‍රියාත්මක කල නිතිය හමුවේ ඔවුන් ආර්ථිකව පොහොසත්වු බැවිනි

Main News