ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
February 16, 2019 at 1:20 pm | lanka C news
ව්‍යවස්ථාදායක සභාවේ අත්තනෝමතික අයුක්ති සහගත ක්‍රියාදාමයන් හේතුකොටගෙන තමන්ට ලැබීමට නියමිතව තිබුණු අධිකරණ ක්ෂේත්රයේ ඉහළ තනතුරු අහිමි කර සිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ජේයෂ්ඨ විනිසුරුවරුන් තිදෙනකු ඉදිරි දිනවලදී ශේර්ෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි.
අධිකරණ ක්ෂේත්රයේ ජේයෂ්ඨ තනතුරු සඳහා තෝරා ගැනීමේදී ජේයෂ්ඨතාවෙන් හා වෘත්තීය නිපුණතාවෙන් තමන්ට වඩා පහළ සිටි අය එම තනතුරු සඳහා පත් කර කිසිදු හේතු දැක්වීමකින් තොරව තමන්ට දැඩි අසාධාරණයක් සිදු කළ බව පවසමින් ඔවුන් නඩු පැවැරීමට යන බව අධිකරණ ක්ෂේත්රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අදාළ තනතුරු සඳහා තමන් නුසුදුසු බව තීරණය කර ඇත්නම් එසේ නුසුදුසු වූයේ කවර හේතුවක් නිසාදැයි යන්න දැනගැනීමට තමන්ට අයිතියක් තිබෙන බවත් ඒ පිළිබඳව දැනුවත් නොකිරීමෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි පවසමින් මෙම විනිසුරුවරුන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
විනිසුරු ජේයෂ්ඨතා ලේඛනයේ ප්රමුඛ ස්ථානවල තමන් සිටියදී ඊට බෙහෙවින් පහළ ස්ථානවල සිටින විනිසුරුවරුන් ඉහළ තනතුරු සඳහා පත්කර තමන්ගේ කීර්තිමත් විනිසුරු දිවිය අවමානයකට ලක් කිරීම පිළිබඳව මෙම විනිසුරුවරුන් දැඩි කනස්සල්ලෙන් සිටින බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.
ඒ අනුව අධිකරණ ක්ෂේත්රයේ විනිසුරුවරුන් තමන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් යුක්තිය අයදිමින් නඩු මඟට පිවිසීමට යන්නේ මෙරට අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
– mawbima
වැඩේ වනේ ඕයි! නිකං වනේ නෙවි- ජේත වනේ!
මහින්දගේ වහල්ලු කමප්ලෙන් කරාට කුමන්ත්‍රණ නොකරන රනිල් උතුමාගෙ කස්ටිය පහල සුදුස්සන් උස්සා තනතුරේ තබනවා. – අපි යූඑන්පී හරක් රැල
කථානායකට අබ සරණයි
කථා නායක කරූ මයා කපෝතියි!
samanya apita asadarana wenakota e gena balanna kaururh nee…ape wage rataka mona komisamenwath sadaranaya ituwanne nee.loku ayatath ridena kota mewa niweradi unot hodayi…
Great. This is the way to go!
`
Watach Niyarath Goyam kanam Kata kiyamuda ? EA Amaruwa????????????????????????????????