ව්‍යාපාරිකයක් ණය ගෙවන්න බැරිව හිරවෙයි.. මහබැංකුව සමග සාකච්ඡාවක්…

August 4, 2020 at 5:30 pm | lanka C news
ව්‍යාපාරිකයක් ණය ගෙවන්න බැරිව හිරවෙයි.. මහබැංකුව සමග සාකච්ඡාවක්…

පසුගිය මාර්තු මාසයේ සිට පැවති කොරෝණා වයිරසයේ අවධානම හා පැවති ඇඳිරිනීතිය තත්වයන් හමුවේ යාපනයේ සුලුපරිමාණ , මධ්‍ය පරිමාණ හා මහපරිමාණ වෙළඳුන් බැංකු වලින් ලබාගත් ණය වෙනුවෙන් වාරිකයන් ගොවා ගැනීමට නොහැකිව අසරණ තත්වයකට මුහුණ පා සිටින බවට එම වෙළෙන්ඳන් පවසා සිටිති.

යාපනයේ වාණිජ මණ්ඩලයේදී මහබැංකු නිලධාරීන් හා රජයේ මෙන්ම පෞද්ගලික බැංකු නිලධාරීන් සමග වෙළෙඳ සංගම් නියෝජතියන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරනය විය.

එහිදී වෙළෙඳ සංගම් නියෝජිතයින් විසින් බැංකු නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ පැවති කොරෝණා ව්‍යසනය හා ඇඳිරිනීතිය තත්වයන් හමුවේ සියලු ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර කටයුතු දැඩි ලෙසින් කඩා වැටීම හේතුවෙන් බංකු වාරිකයන් පවා ගොවා ගැනීමට නොහැකිව දැඩි ලෙසින් එම වෙළෙන්ඳන් අසරණව සිටින අතර මේ හේතුව නිසා එම වෙළෙන්ඳන්ට යම් සහනදායි වැඩපිළිවලක් ලබා දෙන ලෙසටයි.

පසු ව මහබැංකු නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ අදාල ව්‍යාපාරිකයින් තමන්ගේ අසරණකම් පිළිබඳව බැංකු නියෝජිතයින් දැනුවත් කොට අදාල බැංකු සමග යම් සහනදාය කාලයක් පිළිබඳව සාකච්ඡා කරගත යුතු බවට මේ පිළිබඳව රජයද අදාල බැංකු සඳහා උපදෙස් ලබා දී ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

316 views
Main News