ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනයට යද්දී ආයුධ සමග පාතාල කල්ලිය අත්අඩංගුවට..
March 20, 2019 at 3:00 pm | lanka C news
අම්බලන්තොට සහ ඌරගහ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කර ඔවුන් සතු දේපළ කොල්ලකෑම සඳහා අවි ආයුධ රැුගෙන සුඛෝපභෝගී මෝටර් රථයක යමින් සිටි පාතාල කණ්ඩායමක් ඇල්පිටිය පොලිසිය මගින් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනකුගෙන් සමන්විත මෙම පාතාල කල්ලිය ඇල්පිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඊයේ (19 දා) ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
මෙම පාතාල කල්ලිය සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, අත්බෝම්බයක්, තියුණු ආයුධ 2 ක් වාහනවලින් ගලවා ගත් අංක තහඩු 2 ක් මුහුණු ආවරණ, අත් වැසුම් කීපයක් සහ ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමකදී මෙම පාතාල කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙම පාතාල කල්ලිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඔහු සතුව ඇති රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලකෑමට යමින් සිට ඇත. එම කොල්ලයෙන් පසුව මොවුන් ඌරගහ ප්‍රදේශයේ තවත් ධනවත් මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඔහු සතුව ඇති රන් ආභරණ සහ මුදල් කොල්ල කෑමට සැලසුම් කරගෙන සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම පාතාල කල්ලිය දකුණේ සිදුකළ කොල්ලකෑම් රැුසකට සම්බන්ධ බව පොලිසිය පවසයි.
ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
– divaina
පාතාල කල්ලිය අත්අඩංගුවට..ගන්න නම් සැම නගරකම ගමකම රහස් පොලිසිය මිට වඩා යොදා ගත යුතුය