ව්‍යාපාරිකයෙකු පැහැරගත් කප්පම් කල්ලියක් අත්අඩංගුවට…

December 28, 2017 at 12:40 pm | lanka C news
ව්‍යාපාරිකයෙකු පැහැරගත් කප්පම් කල්ලියක් අත්අඩංගුවට…

යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයින් තිදෙනක් (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසුවේය.

පසුගිය 17 වැනිදා යුකේ‍්‍රනයේ සිට පැමිණ වවුනියාව නගරය වෙත ගිය තිරවියම් අරුන්දති රාසා (47) නැමැත්තා අතුරුදන්ව ඇති බවට ඔහුගේ සහෝදරයකු විසින් පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයා නගරයට පැමිණෙමින් සිටියදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනා පැහැරගෙනගොස් පලෙයි ප‍්‍රදේශයේ නිවසක  රඳවාගෙන සිට ඇති බවට වව්නියාව පොලීසියට තොරතුරු ලැබී ඇත..

මුදල් ලබාදීමට ව්‍යාපාරිකයාගේ ඥාතීන් ප‍්‍රමාද කිරීම හේතුවෙන් නිදහස්වු පසු රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන බවට ව්‍යාපාරිකයාගේ අත්සන් සහිත ලිපියක් ලබාගැනීමෙන් අනතුරුව කිලිනොච්චිය ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයා නිදහස් කොට තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව සහ පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 27 ත් 45 අතර වයසේ පසුවන්නෝ වෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views
Main News