ව්‍යාපාර හාන්සියි.. අපි අනාථයි.. ණය ගෙවන්න විදිහක් නෑ..- කොළඹ ව්‍යාපාර සංගමය

June 4, 2019 at 5:30 pm | lanka C news
ව්‍යාපාර හාන්සියි.. අපි අනාථයි.. ණය ගෙවන්න විදිහක් නෑ..- කොළඹ ව්‍යාපාර සංගමය

කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවාසේදී පැවැත්විණි.

ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කරන ව්‍යාපරිකයන් මෙන්ම ඒ හා බැඳණු දිවයිනේ සියලුම නගර වල ව්‍යාපාරිකයින් ඉතා දුක්ඛිත තත්වයට හා අවිනිශ්නිත තත්වයකට මේ වන විට මුහුණ දී සිටින බව පැවසූ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් දැනට උද්ගත වී ඇති තත්වය යටතේ තම දේපොල බැංකු ඇපකර ලෙස තබා ණය ලබාගෙන ඇති බැවැන් එම ණය ගෙවීම සඳහා සහන කාලයක අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

තවද, පසුගියදා පාර්ලිමේන්තුවේදී  ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව රජයේ අවධානය යොමු කරවීමට කටයුතු කිරීම සම්බන්ධව විපක්‍ෂ නායකතුමාට ඔවුන්ගේ ප්‍රශංසාව එක් කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමුවූ අතර එහිදී මෙම තත්වය පිළිබඳව ඔවුන් දැණුවත් කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව රජය සහන වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා තමන්ට පැවසූ බවද මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු ගැන යළි සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායකතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආචාර්ය ඩී වෙන්කටේස්වරම් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්  

41,482 Viewers

6 Comments to “ව්‍යාපාර හාන්සියි.. අපි අනාථයි.. ණය ගෙවන්න විදිහක් නෑ..- කොළඹ ව්‍යාපාර සංගමය”

  1. Gotaimbara says:

    It is high time to chop Ranils wings and for the Sinhalese MPs to get together for the benefit of the country. Ranil may remain the PM by name but the work and the thinking must come from the rest of the Sinhala MPs.

    • Gamini says:

      දන් මේ රටට ශක්තිමත් විපක්ශ නායකයෙක් උවමනාකර ඇත දැන් ඉන්න කෙනා රජය ආරක්ශා කරන එක තමා කරන්නේ. රනිල් වෙඩි නොවදින වාහන එකක් නොවේ දහයක් දෙන්ඩ ඕනැ. මෙහෙම ගියොත් පොහොට්ටු නොවේ මොනව හැදුවත් මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ .විපක්ශ නායකයා පෙම්කෙලිනවා

  2. SL says:

    දැන් ඔය මොන්ගල කීවේ අපි තමයි පලවෙනි රට ISIS ප්‍රහාරයකින් පසුව මෙතරම් ඉක්මනට ගොඩ ගියපු .මුගේ පිම්පියෝ ටිකනම් ගොඩ ගිහින් ඇති. වසලය .
    සියලුම අලාභ වහාබි අන්තවාදීන්ගේ න් අයකරගතයුතුය

  3. john the baptice says:

    2015 ජනවාරි 9 ය වෙනස? දැන් මෙයට පිළිතුරු දිය යුතුය

  4. මාතර සුනිල් says:

    දැන් ඔය දේශපාලකයෝ මොනවා කිව්වත්, සියළුම සිංහලයින් මතක තබා ගත යුතුයි තමුන් වෙළද පලට ගියවිට බඩු මිලදී ගන්නේ කොහෙන්ද කියන එක. ඔය කැපවීම අපි දිගටම පවත්වා ගෙන, ආර්ථිකය නැවත අප අතට ගනිමු. ඒ සමගම සිංහල වෙළෙන්දන් පාරිභෝගිකයින්ට සලකන හැටි ඉගෙන ගන්න ඕන.

  5. charles says:

    All the Sinhalese should help by going Sinhala owned shops. Do not forget what happened 6 weeks earlier. They never buy from Sinhala owned shops ( U know who)

Main News