වාණිජ බැංකු මුල්‍ය අර්බුදයක..

July 22, 2021 at 3:00 pm | lanka C news
වාණිජ බැංකු මුල්‍ය අර්බුදයක..

කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගේ ණය සහන ගෙවීම මෙම වසරේ දෙසැම්බර් අවසානය දක්වා කල් දැමීම සිදුකර ඇත.

සංචාරක ක්ෂේත්‍රය රුපියල් මිලියන තුන්සියයකට අධික ණය ප්‍රතිශතයක් ඇති බව සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

මෙම ණය වලින් වැඩි පිරිසක් වාණිජ බැංකු මගින් ලබාගෙන තිබේ.

මේ වන විට එම බැංකු ද මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන බව අනාවරණය වෙයි.

එම හේතුවෙන් වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙසද සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

44,940 views

8 Comments to “වාණිජ බැංකු මුල්‍ය අර්බුදයක..”

  1. Darshana abayakoon says:

    එහෙම කිසිම මූල්‍ය අර්බුධයක් නෑ. අපේ අති ගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ බියගම සල්ලි මුද්‍රණ යන්ත්‍රය පැය 24 නොකඩවා ක්‍රියාකරමින් රට තුල කිසිම මුදල් අර්බුධයක් ඇති නොවන පරිදි මුදල් මුද්‍රණයේ යෙදවා ඇත.

  2. බන්ඩා says:

    බැංකු නෙවෙය් රටම ගිලාබැස්සත් ගුරාලට වැඩි පඩි දීපියව්.

    • විජේ says:

      වැඩි පඩි නෙවෙයි .. 1997 ඉඳලා රජය නොගෙවා ඉන්න වැටුපේ බාගය තමයි ගුරුවරු ඉල්ලන්නේ.. ලංකාවෙ කුලී කරුවට ත් වඩා අඩුම පඩියක් තමයි ගුරුවරු ලබන්නේ.. ඒක තමයි ඩලස් කිව්වෙ ගුරු වැටුප කොත්තු බාස්ටත් වඩා අඩුයි කියල..

  3. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි උදා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

  4. Sam says:

    රුපියල් මිලියන 300? කොට් 30 ක්? එකත් ගාන ක් ද. V8 කිහිපයක ගාන නේ. මුන්ට ගනන් උගන්නන ඕන.

  5. darshan says:

    Iya bangku karyanya ohoma wella maid.minissu suragena kanan kalakanni. Wow wala wear karana unta tanda apa ya maid…

  6. darshan says:

    Oya banku karayanta ohoma wela madi.minissun wa suragena kana kalakanni.okunta yanda apaya madi..

  7. Diha says:

    උබලා පිස්සුද ඒවට හරියන්න පොලිය එකතු කරනවා Covid 19 සහන පොලිය කියලා. මිනිස්සුන්ට කියන්නේ සහනකාලයට රජයෙන් දීලා තියෙන පොලිය මේක කියලා. කම්පැනි වලට මොකුත් හෙනයක් නෑ. පොලියට පොලිය ගහල විතරයි. උබලා තවත් රවට්ටපල්ලා අහිංසක මිනිස්සුන්ව. කාලකන්නි මීඩියා. කාලකන්නි පාලකයෝ. කාලකන්නි ඔක්කොම අහිංසක මිනිස්සුන්ව රවට්ටලා හුරන් කනවා.

Main News