වාද විවාද ක‍්‍රීඩකයන් එංගලන්ත සංචාරයට.. ආ සැණින් වැටුප් සටන යලිත්..

June 7, 2021 at 7:13 pm | lanka C news
වාද විවාද ක‍්‍රීඩකයන් එංගලන්ත සංචාරයට.. ආ සැණින් වැටුප් සටන යලිත්..

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග සංචාරය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩකයන් අතර අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට එළඹි ඇත.

එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද රැසක් ඇති වී තිබේ.

එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර වාර්ෂික ගිවිසුම් වලට අත්සන් තැබිම පිළිබඳව ඇති අර්බුද මෙතෙක් විසඳා ගෙන නැත.

එංගලන්ත සංචාරය අවසන් කිරීමෙන් පසුව ඒ ගැන තව දුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.

ක‍්‍රීඩකයන් වර්ගීකරණය හා ඔවුන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙම ගැටළුකාරී තත්වය පැන නැගී ඇත.

22,783 views

7 Comments to “වාද විවාද ක‍්‍රීඩකයන් එංගලන්ත සංචාරයට.. ආ සැණින් වැටුප් සටන යලිත්..”

  1. Love nature says:

    “ඉවසීමෙන් සැනසීම ලැබේ” යනුවෙන් කියුමක් ඇත. තවද “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය”

  2. ඔය බම්බු ක්‍රිකට් නෙමෙයි මිනිස්සු එදා වේල හොයාගන්න දගලනවා says:

    ඔය බම්බු ක්‍රිකට් නෙමෙයි මිනිස්සු එදා වේල හොයාගන්න දගලනවා. මුන් පිස්සු නටනවා. කොහොමත් පරදින ක්‍රිකට් ලංකාවෙන් අතුගාලා දමන්න ඕන.

  3. Silva says:

    ඕකුන්ගෙ මැනේජර්ල ටික අයින් කරල ඉන්න ඕන ඔක්කොටම කලින්. සේරම අයින් කරල අලුත් ටීම් එකක් හදමු. පොඩි පඩියක් දුන්න නම් සල්ලි වලට නැතිව රටට සෙල්ලම් කරන සෙට් එකක් හදා ගන්න තිබුන 96 වගේ. අපිට බලා ඉන්න පුලුවන්.

  4. david milibanda says:

    these cricketers must pay us the followers because of their dismal performances. These buggers are intoxicated with money. Mung cricket loleen wa kanne.
    Either sign the contracts and perform or bugger off. There are enough young cricketers.

    Also Kusal Mendis the murderer is a curse to the team. SLC must chase him away and tell him to finish his court case and prison sentence to return to cricket.

  5. Manel says:

    What the cricketers are bargaining for? Are they demanding for their utter failures?

  6. සමරකෝන් says:

    ඉස්සර ක්‍රිකට් ගැහුවෙ රට වෙනුවෙන් දැන් සල්ලි වලට. මේ පරාජයන් වලට මුලත් ඒකයි.