වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

January 25, 2022 at 10:40 am | lanka C news
වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බලාගාර වල තත්වය පරීක්ෂාවෙන් අනතුරුව මෙම තීන්දුව ගන්නා බවයි.

දිගු කාලයක සිට විදුලි බලාගාර ඉදි නොවීමෙන් දිගුකාලීන විදුලි අර්බුදයක් උද්ගතව ඇති බවද පැවසූ ඔහු එවැනි තත්වයක් ඇති වන බව තම කොමිසම ද අනතුරු ඇඟවූයේ 2016 වසරේ සිට බවද සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව අනවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා ආදී නිවා දමා හැකි තරම් විදුලිය ඉතුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

15,772 views

3 Comments to “වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..”

  1. ටිං ටිං says:

    ජනක රත්නායක කියන්නෙත් , ඔලුව ඉදිමිච්ච හොඳ ලොන්ඩරියක් තමයි.

  2. nimal says:

    mewa kanrann oni naha api parlimentuwa zoom eken keramu da eke labai neda… sallith ithu kereganne puluwan..

    mun 225 ta enne kochera petro yanawada wahama kochera enewada…

    muna ta aperade me wage kaladi salli waya keranne.. parliment eke wada zoom eken keramu

  3. 3% රිනාත්මක චින්තනය says:

    විදුලි අර්බුධ හැමදාම තියෙන්නෙ නෑ.
    ඕවා දවසක අනිත්‍ය වෙලා යනවා. එතකන් ටිකක් ඉවසලා ඉමු.

Main News