වාර්තා පිට වාර්තා තබමින් උද්දමනය ඉහළට.. පෙබරවාරියේදී 8.2%ට නගී.. මහ බැංකු අලුත්ම නිවේදනය මෙන්න…

March 22, 2017 at 1:20 pm | lanka C news
වාර්තා පිට වාර්තා තබමින් උද්දමනය ඉහළට.. පෙබරවාරියේදී 8.2%ට නගී.. මහ බැංකු අලුත්ම නිවේදනය මෙන්න…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දිනෙන් දිනම නරක අතට හැරෙමින් පවතින බව ශ්‍රීලංකා මහ බැංකුව මගින් ඊයේ මාර්තු 21 දා නිකුත් කල පෙබරවාරි මාසයේ උද්දමනය සම්බන්ධ පුවත් පත් නිවේදනය මගින් සනාථ වේ.

මෙම වසරේ ජනවාරි මස රටේ උද්දමනය 6.5% ක් ව පැවති අතර පෙබරවාරි මාසයේදී එම උද්දමන අගය 8.2% දක්වා වැඩි වී ඇත.

උද්දමනය වැඩිවීම තුලින් වෙළෙඳපොළ තුල ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ සියල්ලම මිල පසුගිය කාලයට වඩා ඉහළ ගොස් ඇත. මේ අනුව හාල් පොල් සීනි ඇතුළු සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම මේ වනවිට මිල ඉහළ ගොස් ඇත.

9,008 Viewers

3 Comments to “වාර්තා පිට වාර්තා තබමින් උද්දමනය ඉහළට.. පෙබරවාරියේදී 8.2%ට නගී.. මහ බැංකු අලුත්ම නිවේදනය මෙන්න…”

  1. Amda says:

    ela ela !!!

    අපි ඔහොමලු ආර්තිකය නැග්ගුවෙ…..නැගල යනවා නේන්නම්.

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.

    කොහොමද? නලුවෙක් නෙවෙයි ගොන් අලයෙක්.

  2. Alapaluwa says:

    ඇයි මේ c.news මෙතරම් බොරුකියන්නේ? බලන්න ලංකාවේ ආර්ථිකය කොතරම් ස්ථාවරයකද අද තිබෙන්නේ කියලා. අනෙක මේ අන්තිම බිංදුවට ආර්ථිකය බස්සපු පසුගිය මහින්ද පාලනයේ කොතෙක් පාඩු තිබුණත්,පාඩුකලත් අපේ මේ තීක්ෂණ මොළයක් වන රවී මැතිදුන් සහා ඔස්තාර වන රනිල් සාන්තුවරයාගේ නිහතමානී කම නිසා නොවේද මෙතරම් ඉක්මනට ලංකාව ප්‍රසිද්දවෙන්නේ.ඉතින්මෙතරම් සාර්ථකත්වයක් කරගෙන ගිය රවී මැතිතුමාට බලන්න අර ඉංගලන්තයේ ඉන්නා අසරණ LTTE Diaspora(Surren Surendra) ඇතුළු සුද්දවන්තයෝ ටික එන්න කියලා ආසියාවේම සිටිනා ආර්ථික ඔස්තාර් යැයි කියනා (රවී) ගෙනත් ගවුරවය පිළිගන්වන කොට අපිට,ඔවුට සකලසිරින් පිරි සිරිලන්කාවට මේ සිරිලංකාව වෙනුවෙන් කැපවී උරදී දිවා රැ නොබලා මහන්සිවෙලා සාර්ථකත්වයක් කරා ගෙනගිය ඔවුට,ඔවුගේ පවුලේ උදවියට කොතරම් සැපද සනීපද? අනෙක බලන්න දැන් මේ ආර්ථිකය හොඳට ශක්තිමත් කර ස්ථාවරයකට ගෙනවිත් අන්තිම පාඩු විඳිනා අපේ පොර්ට් එක බාරදීලා කරන්න යන කාරතාවිය දිහා. බලන්නකෝ එකත් කොතරම් ලස්සණට දියුණු කරයිද කියලා.දන්බලන්න පසුගියකාලේත් අර්ජුන සිටින කාලෙත් කොතරම් වංචනික අකටයුතු දේවල් සිදුවුනාද කියලා? දැන්බලන්නකෝ ඉදිරියේදී අපේ මේ රවී මැතිදුන් නිතියානු කුලව රටට ගෙන එන Containers නතරකර ඒ දුෂණය සහා මුලින්ම අතුගාදමලා එවෙනුවට සර්ව සදාර්ණයෙන් ගෙන එන කුඩු, Vehicle’s, මෝටර් රථ එකලස් කරන parts.(Manly from UK.) සහා අනෙක් සැම Imports බඩුවලට දෙවියන්ගේ පිහිට යන seal එක stamp කර රටට අලභානියක්,පාඩුවක් නොවෙන විදියට කරදරයකින් තොරව මෙම බඩු ගෙන එන බෝධිසත්වයන්ට කොතරම් පහසුකම් සලසා දෙවිදකියලා.අනෙක මෙතුළින් රටට තරුණ, තරුණියින්ට කොතරම් සුබසිද්දියක් උදාවේවිද .ඉතින් මෙපමණ දක්ෂ කම් තිබෙන ඇමතිවරයෙක් ගැන අපි දුක්විය යුතු නැත.මොවූ බොහෝ හොඳ විදියට රට දියුණුකර ගනියි පාතාලයේ අයියලාටත් හොඳ කාලයක් උදාකරදේවි නවීන ආයුද රටට ගෙන්වන්න. ඉතින් ඇයි අපි දුක්වන්නේ මෙතරම් ඉදිරිදැක්මක් තිබේද්දීත්? තවදෙයක් ඔවුගේ බිරිඳට දුවට අයත් පොර්ට් එකේ තිබෙන ගුදම් (warehouse) අන් අයට නොදී විශාලා මුදලක් අයකරන බැවින් තමන්ගේම මේ ගුදම් වල තැන්පත්කර රටට තවත් ලාබයක් උපයා දෙවි අඩු මුදලකට. මේ සියලුම දේවල් කරන්න ඉඩදී උඩබලාගෙන මැට්ටෙක් විදියට නොසිටි පට්ටපල් බොරුනොකියමින් රට දැහැමිව පාලනය කරමින් අපේ මේ ඉන්නා පොළොන්නරු යුගයෙන් බ්හිවුණු රජා මිස මොන රජවරුද විශාලා නුවර රජකරපු ලේච්ච්වී රජවරු.ඉතින් අපිට තව මොනවද අඩු මොනවද අවශ්‍ය?

  3. අනාථ ජනයා says:

    අර ගොන් තඩියෙක් කියල තියෙන්නේ ආර්ථිකය ගොඩ දැම්ම කියල.. ක තමයි.

Main News