වාස් ඉල්ලා අස්වීමේ සුලමුල මෙන්න…
February 27, 2021 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ දක්ෂතම වේග පන්දු යවන්නා, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතා අතින් ජාතික කණ්ඩායම බරපතළම අර්බුදයක සිටින අවස්ථාවක එම කණ්ඩායමට ‘වේග පන්දු ගුරුවරයකු’ වීම පිණිස තමන්ට ලැබුණු අවස්ථාව අතට ගෙන අතහැරියේය.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් පැවරුණු කාර්යයෙන් ඉල්ලා අස්වීමට චමින්ද වාස් විසින් තීරණය කිරීම සම්බන්ධයෙන් මතුපිට ප්‍රකාශය එසේය.
සියල්ල සිදුවන්නට ගතවූයේ පැය 72ක පමණ කෙටි කාලයකි. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්ව නම් කළ බව පෙබරවාරි 19 වැනි සිකුරාදා ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඔහු අදාළ තනතුරෙන් ඉල්ලා අස්වූ බව 22 වැනිදා ප්‍රකාශ කළේය. මෙකී කෙටි කාලය තුළ කුමක් සිදුවූ දෙයෙහි සාධාරණ අසාධාරණ කම් කෙසේ නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ට ඉතිරි වූයේ අන්දමන්ද වීම පමණි.
තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වුනිද, මාර්තු 26 වැනිදා දක්වා ගිවිසුමකින් බැඳී සිටින බැවින් අදහස් දැක්වීමට නොහැකි බව චමින්ද වාස් කියයි. ඒ අනුව සියල්ල ඒකපාර්ශ්විකව හෙවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස පමණක් දැනගැනීමට අපට සිදුව ඇත. පාර්ලිමේන්තුව දක්වාම මේ සිද්ධිය ඇදී ගිය අතර පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කියූ දෑද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස මත පදනම් වූ කරුණුම පමණක් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන ආකාරයට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයේ සංචාරයට පිටත්ව යෑමට පැය 4කට පෙර වාස් විසින් ‘වැඩි පඩි’ ඉල්ලා ඇත. ඔවුනට අනුව එය එක්තරා ආකාරයක කප්පම් ඉල්ලීමක් වැනිය. නැතිනම් තරගාවලිය ප්‍රාණ ඇපයට ගෙන මුදල් ඉල්ලීමක් වැනිය. වාස් වේවා, අනෙකෙකු වේවා එවැන්නක් සිදුකරන්නේ නම් එය සදාචාර විරෝධීය. අනුමත කළ නොහැක්කකි. තරගාවලියක අවසන් මොහොතේ එවැනි ඉල්ලීමක් කර එය නොලැබුණු විට තරගාවලියෙන් ඉවත්වීම කඩාකප්පල්කාරී ක්‍රියාවකි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශිත කරුණු මත පමණක් පදනම් වෙමින් අපට එසේ නිගමනය කළ හැකිද? ඒකපාර්ශ්වික තීන්දුවකින් වාස්ව ‘වරදකරු’ කළ හැකිද?
එයට ප්‍රථම වාස්ගේ පාර්ශ්වයේ කරුණුද විමසිය යුතුය. වාස්ට මෙම තනතුර පැවරීම පිණිස කටයුතු සකස්වනුයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඩේවිඩ් සේකර් එම තනතුරෙන් ඉල්ලා අස්වීම නිසාය. ඩේවිඩ්ගේ ඉල්ලා අස්වීමත්, කොදෙව් සංචාරයත් අතර තිබුණේ ඉතා කෙටි කලක් බැවින් ඩේවිඩ්ගේ ඇබෑර්තුව පිරවීමට අවශ්‍ය තරම් පුහුණුකරුවන් කැඳවා ඔවුන් අතරින් කෙනෙකු තෝරාගැනීමේ අවස්ථාවක් නොවීය. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ එකම තේරීම වී තිබුණේ මෙරට ඉහළ දක්ෂතා සංචිතයේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ චමින්ද වාස්ය. නමුත් මේ ‘හදිසියේ’ වාස්ට මෙකී වගකීම පැවරීමේදී ඔහු සමග වන සේවා කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු වූ බවක් නොපෙනේ. නැතහොත් වාස්ගේ පූර්ණ එකඟත්වයකින් තොරව වාස් විසින් මෙම සේවා කොන්ත්‍රාත්තුවට එකඟ වූ බව ප්‍රකාශ වී තිබේ. වාස් විසින් කරුණු ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියද, සැලවන අන්දමට මේ විරසකයට හේතුව වී ඇත්තේ දෛනික දීමනාව පිළිබද ඉල්ලීමකි. වාස් විසින් ඉල්ලා අත්තේ සිය මූලික ගෙවීම රුපියල් ලක්ෂ 500000 සිට 750,000 දක්වා වැඩි කිරීමත්, දෛනික දීමනාව වැඩි කරන ලෙසත්ය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට තබා, නිසි සාකච්ඡාවකටවත් ක්‍රිකට් බලධාරීන් අවස්ථාව නොදුන්නේ යැයිද පැවසේ. සංචාරයට පිටත්වීමට අවසන් මොහොතේ හෝ තමන් හට ක්‍රිකට් බලධාරීන් ප්‍රතිචාර දක්වනු ඇතැයි වාස් බලාපොරොත්තුවෙන් සිටියද, ක්‍රිකට් ප්‍රධානියකු මේ සම්බන්ධයෙන් කථා කිරීමට පැමිණි වාස්ට සිය කාමරයේ දොර හැරීමෙන් පවා වැලකී නොසලකාහැරියේ යැයිද කියැවේ. ඒ අනුව සංචාරය පිටත්වීමට පැය කිහිපයක් තිබියදී කලකිරීමේ උපරිමයක් මතින් වාස් මෙම තීරණය ගැනීමට පෙළඹුණු බවක්ද කියැවේ. ඒ අනුව මෙය වාස් විසින් අවසන් මොහොත දක්වා කරන ලද උත්සහයකට ක්‍රිකට් බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම මත උද්ගත වූ තත්ත්වයක්ද? නැතහොත් සංචාරය පිටත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී හෙවත් පැය 4ක් තිබියදී වාස් පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අන්දමන්ද වන ඉල්ලීමක් කළේද? යන්න කිසිවකුගේ වචන මත පදනම්ව නොව, බුද්ධිය මත පදනම්ව සිතිය යුත්තකි. සංචාරය පිටත්වීමට ගමන් මළුද ලැහැස්ති කරගත් පසු පැමිණ ‘මට වැඩි ගාණක් දෙනවා’ යැයි කියන්නට තරම් චමින්ද වාස් වෘත්තීය මට්ටමෙන් පහළ අයෙකු යැයි සිතිය හැකිද? නමුත් ලක්ෂ ගණනින් පඩිගන්නා ‘හැටහුටාමාරක්’ සේවකයන් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිසි පරිදි වෘත්තීය මට්ටමෙන් හැසිරුනේ නම් සංචාරයක් පිටත්වීමට අවසන් විනාඩි 240ක කාලය දක්වා මේ ගැටලු ඇදී නොයන බව නම් පැහැදිළිය.
වාර්තා වන අන්දමට වාස්ට පැවරුණු වගකීම කලින් පැවරී තිබූ ඩේවිඩ් සේකර්ට ලබා දී ඇති දීමනා වාස්ට වැඩිය ඉහළය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 දී කඩුලු 355ක් දවාගෙන ඇති, එක්දින තරග 322කදී කඩුලු 400 ක් දවාගෙන ජාත්‍යන්තර අත්දැකීම් එමටව තිබෙන වාස්, ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් අත්දැකීම් පමණක් සහිතව පුහුණුකරුවකු බවට පත්වූ ඩේවිඩ්ට වඩා අගයක් ඉල්ලීම අසාධාරණද? හරිනම් සිදුවිය යුත්තේ වාස් විසින් තමන්ගේ වටිනාකම ඉල්ලනතුරු නොසිට නිසි වටිනාකම වාස් වෙනුවෙන් ලබාදීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීමය. ජාත්‍යන්තර කඩුලු 761ක් දවාගනිමින් ලෝක කුසලාන ජයග්‍රාහී අත්දැකීම් සහිත මෙන්ම පුහුණුකරුවෙක් ලෙසින් මෙතෙක් දුරක් පැමිණි වාස් වැන්නකු අවතක්සේරුවකට ලක්කළ යුතුද? ලක්විය යුතුද? එසේම මේ සිදුවීම මත ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයක් සහිතව පුහුණුකරුවෙක් බවට පත්වූ වාස්ගෙන් අප ලබා ගන්නා දායකත්වය පිළිබද අවසන් තීන්දුවකට පැමිණිය යුතුද?
– ඉන්ද්‍රජිත් සුබසිංහ
සැබැවින්ම සිදුවූයේ මාමන්ඩියා රැක ගැනීමට වාස් එලියට දැමීමද??? වාස් නිසි කලට පිලිතුරු සපයන තෙක් බලා හිදිමු
Vass lamayata pereta dodayak, oya pereta dose ape ammatath tibba
etakota mag-arala kata hari warada patola sudano wage indaona.
Onanam puhulak kapala huniyamak karamu vass kolawa makaba-wendam
ommm rin kattu kattu maniyange pxke mottu mottu
කටින් බතල හිටවන්නට අපෙ අය දක්ෂයි
පුහුණු කරන්නට ඉල්ලුම නෝට්ටු ලක්ෂයි
පිටියට ගියාම නරඹන්න කෑගසනු දක්ෂයි
පිත්ත බෝලය රහසෙම සූදුවෙන් යක්ෂයි
අනේ මේ උඹේ කුණු සිංදු නොදා කියන එක වචනෙන් නිකන් කියපං. හරියට වචන ගලප ගන්න බෑ, කියන්නෙත් කුණු කතා. අදහන දෙයියෙක් අදහන් පැත්තකට වෙලා පාඩුවේ ඉඳින්කො.
Hama sudu nam madakalapu ( Baticaloa) gonek uwada kam natha.. api gewanne sudu hamata
මාමන්ඩිට ලක්ෂ 25යි මසකට වෙටුප
වු දේ ඉතාම පැහැදිලියි වාස්ට තිබුනේ තමුන්ට වු අසාධාරනය පිළිබදව වගකිව යුත්තන් දැනුවත් කර තමුන්ට පැවරුනු රාජකාරිය ඉටු කිරීමයි