වාසු-ලොකුගේ අධිකරණයට අපහාස කලැයි ලෙඩක් අදී…

April 14, 2019 at 12:00 pm | lanka C news
වාසු-ලොකුගේ අධිකරණයට අපහාස කලැයි ලෙඩක් අදී…

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ යන දෙදෙනාට අධිකරණයට අපහස කර ඇත්දැයි නීතිඥ මණ්ඩලයක් විසින් කරුණු සොයා බලමින් සිටී. ‍

ලංකා තෙල් සංස්ථාවේ සේවකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් තීන්දුව විවේචනය කරමින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් කරනු ලැබූ අදහස් දැක්වීම ඔවුනගේ නිරීක්ෂණයට ලක් ව තිබේ.

ඇමති අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරීන් විසින් කරන ලද වෙඩි තැබීමකින් සංස්ථා සේවකයෝ මිය ගිය අතර එම චෝදනාවෙන් සැකකරු පහඑමඑ කර නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය.

106 views
Main News