වාසු-විමල්-උදයට පියවරක් ගන්නැයි ජනපතිට පොහොට්ටුව දන්වයි.. ඔවුන් ආණ්ඩුවට තර්ජනයක් කියයි…

November 1, 2021 at 10:00 am | lanka C news
වාසු-විමල්-උදයට පියවරක් ගන්නැයි ජනපතිට පොහොට්ටුව දන්වයි.. ඔවුන් ආණ්ඩුවට තර්ජනයක් කියයි…

කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

එම පිරිසේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතළ තර්ජනයක් හා ගැටලුවක් හෙයින් මෙලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් තවමත් අත්සන් කර නැති හෙයින් ඒ පිළිබඳව කිසිසේත්ම කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී මෙම පිරිස මේ ආකාරයට ආණ්ඩුව පදනම් විරහිතව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක් බව පැවසූ ලේකම්වරයා මෙය කිසියම් බාහිර කුමන්ත්‍රණයක් අනුව සිදුවන්නක් බවට බොහෝ දෙනෙකුට සැක මතුවී ඇතැයිද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ මූලික එකඟතාවක් පමණක් හෙයින් ගිවිසුම සකස් කිරීමට පෙර සියලු පක්ෂවල නිර්දේශ ඉදිරිපත් කරන්නැයිද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බව පැවසූ සාගර කාරියවසම් මහතා ඒ ආකාරයට සද්භාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කරන අවස්ථාවක මේ පිරිසේ හැසිරීම පිළිගත නොහැකි බවද සඳහන් කළේය.

මේ අය මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවට දැයි බරපතළ ප්‍රශ්නයක් සහ සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා කීවේය.

එසේම මෙම ගිවිසුම අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවටද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී ස්ථිරසාර ලෙස පැවසුවේ යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

– lankadeepa

24,663 views

9 Comments to “වාසු-විමල්-උදයට පියවරක් ගන්නැයි ජනපතිට පොහොට්ටුව දන්වයි.. ඔවුන් ආණ්ඩුවට තර්ජනයක් කියයි…”

  1. saman says:

    අනිවා මේ සමාගම් වල කොටස් ඇති
    තවම පුරවැසිබාවය අයින් කරගෙනත් නැතුව ඇති

  2. LalithM says:

    ආණ්ඩුව රටට සහ ජනපතිට තර්ජනයක්. ජනපතිතුමා ඒකට පියවර ගන්නේ නැතිද..

  3. ගජධීර says:

    ජනාධිපති, ආණ්ඩුව, විපක්ෂය තොපි ඔක්කොම ජනතාවට තුච්ච වෙලා තියෙන්නේ. සාගර තෝ ඔබහන් පොහොට්ටුව රෝල් කොරල ජනපතියගේ පුකේ. තොපි එකෙකුටවත් චන්දයක් දෙන්නේ නැහැ රට කන තොපි සෙට් එකම පනපිටින් කුණුවෙලා මැරිලා පෙරේත ආත්ම වල ඉපදෙන්න ඕනේ.

  4. Gamarala says:

    මහජනතාවගෙන් ආණ්ඩුවට තර්ජන ඇවිල්ලා හුගක් කල්.

  5. susa says:

    me sagara kiyana ppissu balla lagadima anduwa iwarakarala daiii yako api chande dunne mewage hal paruwek lekam karannada

  6. Kalu Albot says:

    Me Aanduwa Rata Jaathiyata Drohee aanduwak. Munge Hatharawarigema Makabaa wewaaa!!!

  7. 0.069 min biyyo says:

    ජනාධිපති, ආණ්ඩුව, SJB විපක්ෂය තොපි ඔක්කොම ජනතාවට තුච්ච වෙලා තියෙන්නේ. සාගර තෝ ඔබහන් පොහොට්ටුව රෝල් කොරල තෝගේ පුකේ. තොපි එකෙකුටවත් චන්දයක් දෙන්නේ නැහැ රට කන තොපි සෙට් එකම පනපිටින් කුණුවෙලා මැරිලා පෙරේත ආත්ම වල ඉපදෙන්න ඕනේ

  8. Amda says:

    ආන්ඩුවේ ඉන්න කොමිස් කුට්ටි පිටින් ගිලින හැම එකාම, පොට්ට එහෙය්යන් සහ ආන්ඩුවට වල කපන හැම එකාම ජනතා පරමාධිපත්‍යයෙන් පත්වුනු ජනපතිට සහ ආන්ඩුවට තර්ජනයක් ( including you )

Main News